Sunday, September 20, 2015

Indranatha Thenuwara ලොකු අයියේ....





මේ සටහන December 22, 2014 දින Indranatha Thenuwara මහතාගේ මුහුණු පොතේ ඔහු විසින් පළ කළ පෝස්ටුවක් පිළිබඳවය.
එය දුටු සැනින් මා මෙලෙස ප්‍රතිචාර දැක්වූවා.
මෙය මාව විශ්මයට පත්කළ පින්තූරයක් වුණා. පින්තූරය විතරක් නොවේ ඒ සමග ලියා තිබුණු සටහනත්. තව වසර ගණනකටවත් ඔබ වැනි ප්‍රවීනයෙක් මගේ පින්තූරයක් ඇඳ මෙවන් විශ්මයකට මා පත්කරතැයි මා සිතුවේ නෑ. හැමදාම ඔබේ නිර්මාණ රසවින්දා සහ ඒවාගෙන් යමක් ගන්න උත්සාහ කළා මිස.... මට හරි බරක් දැනුනා. ඒ සමගම බයකුත්. ඔබ වැන්නෙකුගෙන් මෙවැනි ඇගයීමක් ලැබුණාම මම පරෙස්සම් විය යුතුයි ඊට සුදුසු ලෙස හැසිරෙන්න. ස්තුතියි කීම දුප්පත්වැඩි නිසායි පින් කියා කීවේ. මේ ලෙන්ගතු කම හරිම උණුසුම්.
- යසනාත් -
පසුව ලියමි:
මල්ලී.. ඉන්ද්‍රනාථ අයියා කතා කරන්නේ. ඔයාගේ මේල් ඇඩ්‍රස් එක ටෙක්ස්ට් කරන්න. ඊට යමක් එවනවා. එය බලා මට කතා කරන්න.... යැයි අද උදේ කීවාම මම නිකමටවත් හිතුවේ නෑ ඒ මෙවැනි දේකට කියා. එය බැලූ ගමන්ම කතාකිරීම අපහසු නිසා මෙසේ ලියා පසුව කතා කරන්න හිතුවා.


මේ මුහුණු පොතේ එම පින්තූරයට සහ අදහස් වලට පිවිසුම.
අවුරුදු ගණනාවක ම සිට, කොළඹ පැවැත්වෙන ගීත සංයුක්ත තැටි එළි දැක්වෙන උත්සව කිහිපයකදී ම මම ඔහු දැක ඇත්තේ වුව ද, අප අතර, ලොකු දැන හැඳුනුම් කමක් තිබුනේ නැත.
ඊටත් පසු කාලයක මා ඔහු වඩා සමීප ව ඇසුරු කරන්නට පටන් ගත්තේ මූණු පොත හරහා ය. එද ගීත ලියන දොස්තර මහතා ලෙසින් නොවේ.
ඡායාරූප ශිල්පය සහ කලාව ගැන ඇතිවන සංවාදවලට නිතර අදහස් දක්වන, වනජීවී සහ ස්වභාව ධර්ම ඡායාරූපකරණයට ඇලුම් දක්වන ඡායාරූප ශිල්පී රසවතකු ලෙසිනි.
තඹුත්තේගම රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ලෙසින් අතිශය කාර්ය බහුල සේවයක යෙදෙද්දීත්, ඉඩක් ලැබෙන සුලු මොහොතක වුව ඡායාරූපමය සංවාදයන්හි යෙදෙන්නට, අදහස් දක්වන්නට ඉදිරිපත් වෙයි. ඊටත් වඩා ඔහු සිය බ්ලොගය මගින් තමන්ගේ ම ගේය පද රචනාවන් උලුප්පා දක්වනවාට වඩා බොහෝ සෙයින් ඔබ්බට ගොස්, අප සිත්හි නොමැකෙන සටහන් තබා ඇති වෙනත් ගේය පද රචකයින්ගේ ගී පද ගැන හෘදසංවාදී කතිකාවතකට අප කැඳවාගෙන යයි. එවන් ගරු කටයුතු මෙහෙවරක යෙදෙන මේ මගේ සහෝදරයාට මගේ හද පිරි භක්තිය ප්‍රකට කරනුවස් මේ කටු සටහන පූජා කර සිටිමි.
ඉඩක් ලද විටෙක ඔහුගේ සිතිවිලි එක්තැන් කොට ඇති මේ රස බ්ලොග් අඩවියට ද එබී බලන මෙන් ඔබෙන් ඉල්ලමි.

- Indranatha Thenuwara  -

උපුටා පළ කිරීම - යසනාත් ධම්මික බණ්ඩාර -

11 comments:

  1. මතකය නිවරදි නම් ගස්ලබ්බා මෙම කෙම්බිම සොයාගත් මඟ ලකුණ එයයි.
    ජයවේවා..!!

    ReplyDelete
  2. අපි පොඩි දුමක් දාන්න රත්නගිරියට ගියා. අපි 5ක් විතර ගියා යද්දි අපිට ලග කඩේක දාලා තිබ්බ හන්තානට පායන සද ගීතය ඇහුණා.
    දැන් අපේ මාතෘකාව මේක. අපිට දැණූනා කෙනෙක් අපේ කතාවට කණදාගෙන ඉන්නවා. දුම ඉවරවෙලා නැිටින්න හදද්දි .ව පැකට්ටුවක් එක්ක මේසයට පාත් උනා මැදි වයසේ කෙනෙක්.
    මල්ලිලා මොනවද කරන්නේ...
    ඇයි අයියේ..
    නෑ ඔයාලා අර ගීතයක් ගැන කතාකරනවා මම අන් හිටියා
    අද කාලේ එමෙ මාතෘකා කතාකරනවා අඩුයිනේ...
    අපිනම් අයියේ ගොඩාක් වෙලාවට වල්පල් තොයක් එක්ක ඔය වගේ එකකතු කතාකරනවා
    මල්ලි මම තමයි ඕක ලිව්වේ...
    අම්මට හුඩු මේ ධම්මික සර්නේ මම අදුරගත්තේ දැන් කියලා අපේ එකෙක් කිව්වා..
    එතැන් පටන් අපේ සංවාදය පැය දෙකක් පමන ඉදිරියට ගිය රසවත් එකක් විය..
    ඒ තමයි ධම්මික බණ්ඩාර කියන සොදුරු මිනිසා

    ReplyDelete
    Replies
    1. හැබැයි ඒ ධම්මික බණ්ඩාරයි මේ ධම්මික බණ්ඩාරයි දෙදෙනෙක්. වරදවා වටහාගෙනද කියා හිතලයි ලියන්නේ. ඔහුත් මගේ ගම් ප්‍රෙද්ශයේමයි. නම් දෙකක් එක්ම වුණාට මගේ නම ඉදිරියට යසනාත් කෑල්ලකුත් තිබෙනවා. ඔහුගේ නිර්මාණ සමහර විට මගේ කියාත් මගේ නිර්මාණ සමහර විට ඔහුගේ කියාත් පටලවා ගත් අවස්ථා තිබෙනවා. එහෙත් අපි දන්නා හැම වෙලාවකම අපි ඒ පැටළුම් ලිහනවා. අපි දෙදෙනා අතරේ එවැනි කිසිදු පැටළුමක් නෑ.
      ඔහු ලියූ හන්තානට පායන සඳ ට අමතරව තවත් බොහෝ සොඳුරු ගී තිබෙනවා. එහෙත් වෙසෙස් තැනක තිබෙන මගේ පුංචි රෝස මලේ, ඔබ ආමෙත් ඇවිදින්, උදම් රළ, හිම දිය වී හිමාලයේ වැනි ගීත මෙහි මතක් කරණවා.
      මා මේ බ්ලොග් අඩවියට ඔහු ගැන ලියූ මේ කුඩා සටහනට පිවිසුම අමුණනවා. අද වන විට ඔහු ගැන ලියන්න තවත් බොහෝ දේ තිබෙනවා. හෙට දවසක ලියනවා.
      http://yasanathsithuwili.blogspot.com/2012/12/2.html

      Delete
    2. ඇනෝ පොඩි පැටල්ල්ලක ඒක ඔබම ලිහපු එක හොදයි.

      Delete
  3. අගනා ආලේඛයක්! ඉන්ද්‍රනාථ මහතාගේ බ්ලොග් අඩෙවිය මම ඉතා ආසාවෙන් කියවනවා:

    http://magekathandara.blogspot.com/

    මෙවැනි නිර්මාන සැබෑ අන්තර්ජාලයේ පල නොකර Facebook වැනි නිදහස් නොවන අවකාශ තුල පමනක් තිබෙනු දකින්න ලැබීම කනගාටුවට කරුනක්. බෙදාහදාගත්තාට ඔබට ස්තුතියි!

    ReplyDelete
  4. තේනුවර නම් මානව හිතවාදී සහෘදයා ප්‍රවිණයා අතින් මෙවන් ඇගයුමක් ලබන ඔබ විඳිනා සතුට මටද දැනේ.. හරිම සතුටුයි. කලාකාමි හිතවතුන්ගේ මේ සුහදත්වය අන්‍යයන්ට බුහුමන් දැක්වීම... අනේක වාරයක් ස්තුතියි දෙදෙනාටම.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මට පුදුම හිතුණා. ඔහුගේ වටිණා කාලය මෙතරම් ඉක්මණට මා වෙනුවෙන් කැප කරාවි යැයි හිතුවේ නෑ.

      Delete
  5. හොඳ මිනිස්සු දෙන්නෙක්ගේ වටිනා මතක.. මං ඔබ දෙපළගේම බ්ලොග් කියවනවා/ කමෙන්ට් කරනවා වෛද්‍යතුමා නම් ෆේස්බුක් එකෙත් ඉන්නවා. තේනුවර මහත්තයට යවල තියෙන එෆ්.බී. රික්වෙස්ට් එක නම් තාම pending.
    අගෙයි මේ කටු රූපසටහන :)

    ReplyDelete
    Replies
    1. තේනුත් බ්ලොගක් ලියනවා. ලින්කුව ගෙදර ගිහින් දාන්නම්

      Delete
  6. අව්ලකට තියෙන්නේ පින්ත්රෙ වයස පාට තමා. හැක්.. ජස්ට් කිඩින් කියල කියන්න ඕනද??

    මේ වගේ ඇගයිම් හෘදයාංගමයි. ලොකු අයියල දෙන්නටම ජය වේවා..

    ReplyDelete
  7. Wow that was unusual. I just wrote an incredibly long comment but
    after I clicked submit my comment didn't show up.
    Grrrr... well I'm not writing all that over again. Regardless,
    just wanted to say wonderful blog!

    ReplyDelete