කවි සිතුවිලි


හේමන්ත නිද්‍රාවෙන් මිදුණු කවියෙකුගේ කවියක්....
 
ඉදින් කවියට පිටුපා
ලියන්නේ යැයි ගී පද
ගැරහූහ ඔවුන් මට.......

එහෙත් එකළ
ගී අංකුර
ලියලමින් එකිනෙක
ගී ලියන්නට තතනන
තුරුණු කවියෙකුවූ සඳ
කවියෙකිය වෙසෙස් ඔබ
පැසසීය ඔවුන් මට
මා වෙසෙස් කවියෙකු නොවුනද.....

කවියේද ගීයේද සියුම් ඉසියුම්
වෙනස තවමත් නොහැඳින
ලියයි ඔබ ගී පද
නොවේ මැයි ඒ ගී පද
ගැරවූහ ඔවුන් මට.......

එහෙත් නොවුනද කවියෙකු
සොඳුරු ගී වැල් පබඳින
නුඹ වෙසෙස් කවියෙකි
නැවත පැසසූහ ඔවුන් මට
මා වෙසෙස් කවියෙකු නොවුනද....

ඔවුන් ගැරහූ ගී පදම
එකින් එක ගී වූ සඳ
අසා වියතුන් සභා මැද
අසුවිනැයි සියුම් ඉසියුම් වූ
ඒ වෙනස
ගීයේද කවියේද
පැසසූහ ඔවුන් මට....

ඉදින් දිවියේ හේමන්තයක් සපැමිණ
නේක හැල හැප්පිලි ගැහැට මැද
හේමන්ත නිද්‍රාවකට එළඹුනි
අමතක විය ඔවුනට
මගේ කවි ගී පද.....

කාලය කෙමෙන් වියැකින
හේමන්ත නිද්‍රාවෙන් අවදි වින
සොයා අළු දූලි බැඳි කවු ගී
මුසු කළෙමි සුළඟට
පෙර රසික විචාරක හදවත්
සොයා යන අණ ලැබ....

ඇසෙන විට දැන් නැවත
ඒ ගී ම ඒ කවු ම
කවිද නොව ගී ද නොව
ගැරහූහ ඔවුන් මට......

හේමන්ත නිද්‍රා කාලයේ
මගේ නිද්‍රාව ගැන දුක ලියූ
අවදි විය යුතු යැයි දෙසමින්
නින්දෙන් කීද්දූ
ඒ නින්ද ගී කවු කෙතට
මහත් පාඩුවකැයි කිවු
ඔවුහුම
ගැරහූහ ඇහැරුණු කළ.....

එහෙත් ඒ නිද්‍රාව තුළ සිටි කළ
කියා දුන් පාඩමක් විය මට
ස්වභාවය එය මය
මා උගත් පාඩම.....  

- යසනාත් ධම්මික බණ්ඩාර -

  

සඳ සහ ළඳ...........


අනාවරණය .....


සල් රුක









12 comments:

  1. "සල් රුක...
    ඒ උත්තමයා ඉපදුනෙත්
    පිරිනිවුණෙත්
    ඒ උතුම් සල් රුක මුලදියි"
    ඉතාම සුන්දර කවියක්
    මෙවා කියවන්නේ කවි රසිකයෝ විතරමයි යසනාත්.......

    ReplyDelete
  2. ඔබට තුති....කියවා අදහසක් තැබුවාට...

    ReplyDelete
  3. සල් රුක..! වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය සුවඳ විහිදවන සල් රුකකි...ගීතයෙන් අමන්දානන්දයට පත්කල රසික හදවත් සයිබරයේ යුනිකේතයෙන් සනහාලන්නට තරම් කාරුණික වූ ඔබට තුති...!!

    ReplyDelete
  4. යසනාත්,
    කවි තුනෙන් 'සල්රුක' මගෙත් සිත්ගත් නිර්මාණය.
    ඉහත සටහන් දෙකමත් ඒ අදහසම කියනවා නේදැයි හිතෙනවා.

    තුති.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට.... මමත් එය වඩා ප්‍රිය කරණවා.

      Delete
  5. හේමන්ත නිද්‍රාව -- කවි කම මහා පුදුමය. හද කකියවයි දනවයි. තමාලියු පද පෙල තමාම හැර කවුද වෙන එතරම් සියුම්ව රසවිදින. එහි එක් ඇලපිල්ලකුදු හෝ පාපිල්ලකුදු වෙනස් වෙනස් වනවාට නොරිසි ය. බොහෝ විට කවියෝ ..කනපිට පෙරලන්ට තැත්කලද වියතෝ..(අගෙයි..)
    අනාවරණ --- ලදුන් තෙමි තෙතබරිව සේදෙයි ලස්සන නගරයේ සේම.මිනිසුන් උරණ වි පිටාර යයි කලකිරීම. එවිට ඒ දැක මැතිදු බොරවෙයි.පච්ච සෝමෙද කැලඛෙයි ඒ මඩ වතුර ඉහෙයි අප ලග.(අවසාන පුනරුක්ති පද අනවශ්‍යයැයි මට සිතේ..අගෙයි.)
    සල් රු--දරුව මා නොවේමැයි..නුඛේ ඔලුවයි අසුබය. (අගෙයි.)
    ((මා ලීවේ ඌණ පූර්ණ නොවේ. මට උපන් කවි පදයි. අගෙයි. සුභපතමි.))

    ReplyDelete
  6. හේමන්ත නිද්‍රාව -- කවි කම මහා පුදුමය. හද කකියවයි දනවයි. තමාලියු පද පෙල තමාම හැර කවුද වෙන එතරම් සියුම්ව රසවිදින. එහි එක් ඇලපිල්ලකුදු හෝ පාපිල්ලකුදු වෙනස් වෙනස් වනවාට නොරිසි ය. බොහෝ විට කවියෝ ..කනපිට පෙරලන්ට තැත්කලද වියතෝ..(අගෙයි..)
    අනාවරණ --- ලදුන් තෙමි තෙතබරිව සේදෙයි ලස්සන නගරයේ සේම.මිනිසුන් උරණ වි පිටාර යයි කලකිරීම. එවිට ඒ දැක මැතිදු බොරවෙයි.පච්ච සෝමෙද කැලඛෙයි ඒ මඩ වතුර ඉහෙයි අප ලග.(අවසාන පුනරුක්ති පද අනවශ්‍යයැයි මට සිතේ..අගෙයි.)
    සල් රු--දරුව මා නොවේමැයි..නුඛේ ඔලුවයි අසුබය. (අගෙයි.)
    ((මා ලීවේ ඌණ පූර්ණ නොවේ. මට උපන් කවි පදයි. අගෙයි. සුභපතමි.))

    ReplyDelete
  7. සල් රුක බොහෝ සේ වින්දෙමි

    සමාවන්න! මේ සටහන - ඔබගේ මේ රස කවිය නීරස කිරීමට නම් නොවේ. එහෙත් මගේ අල්පමාත්‍ර විදු නැන අනුව ලුම්බිනියේ හා උපවත්තනයේ තිබුනේ මෙරට ඇති ඝනයට හෝ විශේශයට අයත් සල් නොවේ.

    ReplyDelete
  8. නැවත කිසිදා නොයන් හේමන්ත නිද්‍රාවකට

    ලියන්නන් ලියාවි
    කියන්නන් කියාවි
    එහෙත් ඔබ කවියෙක්
    නේක විසිතුරු සිතුවිලි
    පොදි බැඳ - විසුරුවමින් - සරසවමින්
    ගී - කවි - පුබුදමින්
    ලකල් සිත් පොබයමින් - සනසමින්
    ඔබ බෙදූ සෙනෙහස -විඳින්නෙමු


    නොයන් නැවතත් එවන් වූ හේමන්ත හේමන්ත නින්දකට
    ඔබ ඔබට අයිති නැත - ඔබේ කවිකම් අයිති අපටයි
    ඔබ සිත්හි පිලිසිඳ බිහිකලත් ඔබේ කව් ගී අයිති අපටයි
    ඒ රස උල්පත සිඳී යන්නට ඉඩ නොදී
    අවදිව සැමදා - අවුලුවනු මැන නව රස
    ඔබ යන මාවත නිවැරදි බව ඔබ දනී
    එයම රඳවා සිත් තුල
    මෙ ගමන යායුතුයි ඔබ
    තනි නොකොට සහෘද අප

    ReplyDelete
  9. එල මචන් නියමයි

    ReplyDelete
  10. කොහොමද යසනාත්. හදිසියේ මේක දැක්කේ. තාම ඉස්සර වගේමයි නේද? Keep it up

    ReplyDelete
  11. වටිනා නිර්මාණ පෙළක්

    ReplyDelete