Thursday, March 24, 2016

එහෙත්, කෙටි සටහනක් ලියා අත පිස දා ගත නොහැකි මිනිසෙකි ඔහු.....






මීට දශක පහකට එපිට දී ගල්ගමුව අවට අහැටු වැව, මීගලෑව, ඇඹෝගම, දිවුල්ගනේ ආදී ගම් මතු නොව ලංකාවෙන් වැඩිම කොටසක් හද්දා පිටිසර ගම් ය. කුරුණෑගලින් උතුරට වන්නට මේ තත්වය තවත් දැඩිය.
ඔන්න ඔය කාලයේ එක්තරා දිනක, ගල්ගමුවේ, දිවුල්ගනේ ගමේ ගොවි යුවලකට දාව පුතෙකු උපන් අතර පුතුගේ නම කරුණාරත්න විය.
මේ කුඩා පුතා, තවත් දශක දෙකක් තුනක් ඇවෑමෙන්, රටම පතළ නමකට හිමිකම් කියනු ඇතැයිද තම කුඩා දිළිඳු ග්‍රාමයේ නාමය රටෙහිම පතළ කරන්නට සමත් වෙනු ඇතැයිද කිසිවෙකු නොසිතන්නට ඇත.
එහෙත් සිතන දේ නොවෙයි. නොසිතූ දේවල් වෙයි. කිසිවෙකු නොසිතූ ලෙස මේ පුතා දසත පතළ නමකට හිමිකම් කීවේය.
ඔහු ගැන කෙටි සටහනක් ලියන්න හිතුවෙමි. එහෙත් කෙටි සටහනක් ලියා අත පිස දා ගත නොහැකි මිනිසෙකි ඔහු.
ඔහු අපිට දැනුනු විදිහ වෙසෙස් නිසාය.
ඔහු කලෙක ලොකුම ලොකු මිනිසෙකුව සිටියේය. එහෙත් ඔහු දසත පතළ වූයේ ඒ ලොකුම ලොකු මිනිසා වන්නට බොහෝ කලකට පෙර සිට ය. ඔහුට ඒ ලොකුම ලොකු තනතුර ලැබුණේද පෙර කී ම සහ ගෞරවය ඔහු සතුව තිබූ හෙයිනි. එහෙත් ඒ ලොකු මිනිසා තුළ අර හිතවත් මිනිසා නසා නොදමා ජීවත් කරවන්නට ඔහුට හැකි වීම අපගේ ප්‍රසාදයට හේතු වේ.
අන් කෙනෙක් ලොකු මිනිහෙක් වූවා නම් පොඩි මිනිසුන්ට කරනා කෙනෙහිලිකම් ඔහු තුළින් දිස් නොවූයේ ඒ නිසා විය යුතුය. එහෙත් මේ ඒ හිතවත් මිනිසා ගත කළ ලොකු මිනිහාගේ කාර්යභාරය ගැන කතා කිරීමට ලියනා සටහනක් නොවේ.
ඔහු පිටිසර බදව පුංචි පවුලකින් ඉපැදුනු බැවින්ම ඔහු ගැමියෙකි. ගොවියෙකි. ඒ තනතුරු වලින් අන් තනතුරු වෙත ඔහු එන්නේ සිය උපන් හපන් කම් නිසාය. ජන්මයෙන් උරුම වුණු හැඟුම් බර මියුරු හඬ ඔපවත් වන්නට ඇත්තේ. ගමේ කුඹුරේ හේනේ ඇසුනු ගැයුනු ගී සීපද නිසාවෙනි. ජන්මයෙන් ගෙන ආ  ගායන හැකියාවේ මහිමයට ප්‍රවීන සොඳුරු මිනිසුන්ගේ අතහිතත්, වාසනා ගුණයත් හැකියාවට අවස්ථාව දෙන මිනිසුන් අතින් අවස්ථා ලැබීමත් නිසා ඔහු අවසන ළැගුම් ගත්තේ අන් තැනක නොව අප හදවත් තුළය.
අප හදවත් තුළ ළැගුම් ගත් ඒ මිනිසාගේ ඉතිහාසය ගැන තවත් මදක් කතා කළ යුතුයැයි හිතේ. එහෙත් ඒ බිඳක්ම ය. ඔහු උපන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුවට නොදුරු දිවුල්ගනේ කියන ග්‍රාමයේ ගොවි පවුලක පුතෙකු ලෙසිනි. පුතා කරුණාරත්නය. පසුව ය දිවුල්ගනේ ගමේ උපන් කරුණාරත්න
කරුණාරත්න දිවුල්ගනේ  යන නම් ලැබ ඔබ අප කවුරුත් දන්නා පමණක් නොව ප්‍රියකරණ කලා ශිල්පියෙකු බවට පත් වූයේ.

කරුණාරත්න දිවුල්ගනේ  

ට අපි ආදරයට කීවේ දිවුල් අයියා කියායි. දිවුල් අයියා පළමු වරට මගේ මතකයේ දැඩිව ඇඳෙන්නේ ජයතිලක බණ්ඩාර හා එක්ව කපුගේ අයියාගේ කම්පන ප්‍රසංගයේ අත්වැල් ගැයුම් ගයද්දීය. කුරුණෑගල පුරහලේ පැවැති කම්පන නරඹා රස විඳි මහ සෙනඟ අතරේ තෙරපි තරෙපී ගොස් කපුගේ අයියාගේ අතක් මදක් ස්පර්ෂ කරන්නට ඇත්තේ නම් භාග්‍යකැයි හැඟුනි. ඒ හැඟුම කෙළවර වූයේ සුළු මොහොතක් අල්ලාප සල්ලාපයේ යෙදෙන්නටද අවස්ථාව පෑදෙමිනි. මේ කාර්යයය පහසු වූයේ එකල කැළණි සරසවියේ විද්‍යා පීඨයේ ශිෂ්‍යෙයකු වූ වයලීන වාදක රෝහණ ධර්මකීර්ති නිසාය. ඒ අතරේ දිවුල්ගනේ කවුද, ජයතිලක බණ්ඩාර කවුද යන්නද මතකයේ ඇඳුනි.
පසුව ඔහු මගේ මතකයේ ඇඳෙන්නේ රජරට සේවය හරහායි. දිනක් විශාරද ගුණදාස කපුගේ යම් වැඩසටහනකදී තමන්ගේ හොඳම නිර්මාණ තුන ගැන කතා කළේය. ඒ අනුව ඔහුගේ කුමන ගුමන ගීතද මේ හොඳම නිර්මාණ තුළට ඇතුළත් වන්නේ කියා මා විමසිල්ලෙන් සිටියෙමි. ඔහු ඔහුගේ හොඳම නිර්මාණ තුන මෙලෙස හෙළි කළේය.

 කරුණාරත්න දිවුල්ගනේ,  

ජයතිලක ඉරුගල් බණ්ඩාර
සහ ජානකී සුමිත්‍රා දිසානායක ඒ හොඳම නිර්මාණ ත්‍රිත්තවයයි.
දිවුල් අයියා රජරට සේවයෙන් පෑයූ තරුවකි. අර පෙරකී තරු අතරේ වඩාත් දීප්තිමත්ව බැබළුණු තරුවකි. අනෙක් තාරකාවන් දෙක පිපි අහස දිවුල් අයියාගේ අහස සේ වළාකුළු වලින් තොර නොවූයේ ඇයි දැයි මට මහත් චකිතයකි. ඒකට වාසනා ගුණයත් තිබුය යුතුය.
එහෙත්, අවාසනාවට හෝ වාසනාවට, ජයතිලක ඉරුගල් බණ්ඩාර අයියා සිය ගමන් මග වෙනතකට යොමු කළේය. ඔහු ජයතිලක බණ්ඩාර නමින් ගී ආරද සිය ප්‍රතිපත්ති සහ ක්‍රියාවන්ද වෙනස් මගක් ඔස්සේ ගෙන ගියේය.  



ජානකී සුමිත්‍රා අනතුරුව නිහඬ වූවාය. දිවුල් අයියා පමණක් සිය සංවේදී බවද ගායන හැකියාවද වාසනා ගුණයද මුසු කර ගැයූ ගී එකිනෙක දවසින් දවස අපට එකතු වුණි. ඒ හා සමඟ ඔහු දිනෙන් දින අපේ රසික හදවත තුළ ගැඹුරින් ගැඹුරට කිමිදුනි.
දිවුල් අයියා ගැයූ ගී වලින් මට මතක එක වෙසෙස් ගීතයක් සංගීතවත් වන් 


කපුගේ 
අයියා අතිනි.

ඔබේ සෙවන මට නිවනක්
වගේය යන සිතුවිල්ලක්
මගේ හිතේ තිබු හින්දයි
මේ තරමට ළතැවිල්ලක්...

මෙවන් ගීතයක් තමන් ද ගායකයෙකු වන බැවින් මෙන්ම රහට හැඟීම් බරව ගයන ගායකයෙකු වන බැවින්,  එය තමන්ට ගයන්නට තබා ගෙන නිර්ොභීව  තවෙකෙකුට ගයන්න දීම එක්තරා පරිත්‍යාගයකි. එවන් පරිත්‍යාගයක් කරන්නට මේ දෙදෙනා අතරේ මොන තරම් නම් සමීප සබඳතාවක් තිබිය යුතුද? මම නම් සිතන්නේ දිවුල්ගනේ ගේ නිර්මාණ දිවියේ කඩ ඉම් යුගයේදී සිය සෙවනැල්ලට වඩා ළං වූයේ කපුගේ අයියා බවයි.
කපුගේ අයියා විසින් ඔහු වෙනුවෙන් නිම කළ ගී රැස දෙස බලන විට එය පසක් වෙයි. ඒ අනුව ඒ ගී එකිනෙකක් කෙටියෙන් විමසීම වටී.
දිවුල් අයියා මුලින්ම ගැයුවේ  


මහින්ද දිසානායක
යන්ගේ ගීතයකි. 
නදින් බමර ගී සරින් පිරුණු විල්
තෙරේ පවන වැලපේ
නිලින් බැබලි තුරුලතා පිපුණු හිම
පෙනේ ඉපල් ලෙසිනේ
ගී පද : මහින්ද දිසානායක
සංගීතය: සිරිල් පෙරේරා
ගැයුම: කරුණාරත්න දිවුල්ගනේ
එහෙත් එම ගීතය පිළිබඳව මාගේ මතකය අල්පය. නමුදු ඔහු එකල රජරට සේවයේදී ගැයූ පසුව නන්දා මාලිනියගේ හඬින් කොළඹ දී ගැයුණු ගීයක් ඔහුගේ කේවල ගීයක් වශයෙන් මා තුළ ඇති පළමු මතකයයයි. එය රචනා කරන්නේ රත්න ශ්‍රී විජේසිංහ කිවියරාණන් විසිනි. දිවුල් අයියා ගැයූ ගීතයේ සංගීතය කපුගේ අයියාගෙනි. එහෙත් එම පද රචනයම නන්දා මාලිනිය විසින් ගැයුවේ ඩී. ඩී. ගුණසේනයන්ගේ සංගීත සැරසුමෙනි.

ගලින් ගලට අඩි තිය තිය
ගලින් ගලට අඩි තිය තිය
හෙමින් හෙමින් අකුරට යන පුංචි නංගියේ
හෝඩි පොතේ මල් පිපිලා පාර දෙපැත්තේ…
.

රාං කුරුළු සීනු හඬට
ඉරත් ඇවිත් ඉස්කෝලෙට
නීල කොබෙයියන් පාසල් ගීය ගයන්නේ….
සිරි සිරි ගා මදටිය ඇට
වැටුනාවේ ඔළිඳ ඇලට
ඇටි කුකුළෝ විහිළු නැතිව අයින් වෙයන්නේ….
.

හේන් කුඹුරු ඔළුවට ගෙන
පමාවෙලා අකුරට යන
නුඹේ දෑතට කෝටු ඉපල් උරන නොවන්නේ….
සෝඩි ටිකිරි පුංචි පයට
විරිය වෙයි හරි හරියට
ඒ දණ්ඩෙන් එගොඩ වෙන්න පුංචි නංගියේ….



රත්න ශ්‍රී 
කවියා සිය දුෂ්කර කලාගුරු ජීවිතයෙන් ලද මේ අත්දැකීම් දිවුල් අයියා ලබන්නේ සිය දිවියේ මේ ගීතයෙන් කියැවෙන කාලයේදී ම ය. එබැවින් මේ ගීය සිය ගීත චාර්කිවේ මුල් ගීත අතරට එක් වීම අරුමයක් නොවේ.
ඒ දවස් වල සතුන් සපාවුන් සපුන් ගේ රාජධානි වූ අපේ  අපේ ගම් බිම් වල අපේ දරු දැරියන්ට තිබෙන්නට ඇති ලොකුම ආරක්ෂාව අපි අද එතරම් නොතැකුවත් දෙවියන්ගේ පිහිටාරක්ෂාවම විය යුතුය. තිබෙන්නට ඇති ලොකුම ආශිර්වාදය ඒ පරිසරයේ ඇත් ස්වභාවිකත්වය සහ සුන්දරත්වයයි. මේ ගීයේ රචනය පුරා ඉදිරිපත් වන්නේ ඒ සොබා සුන්දරත්වයයි.

රාං කුරුළු සීනු හඬට
ඉරත් ඇවිත් ඉස්කෝලෙට
නීල කොබෙයියන් පාසල් ගීය ගයන්නේ….
සිරි සිරි ගා මදටිය ඇට
වැටුනාවේ ඔළිඳ ඇලට
ඇටි කුකුළෝ විහිළු නැතිව අයින් වෙයන්නේ….

එසේම ඔවුනගේ දිවියේ ඇති විවිධ දුක් ගැහැට ද එහිම ඉදිරිපත් වෙයි. ගීතයේ දෙවෙනි අන්තරා කොටසෙහි ප්‍රකට වන්නේ එයයි.
ඉගෙනුමට යන ඔවුනට හේන් කුඹුරු අමතක කරදා එය කළ නොහැකි වෙයි. සමහර විට උදයේම කුඹුරට දිය හරවන්න තිබුණා විය හැකිය. හරක බාන කෑම ඇති ළන්දකට දක්කන්න තිබුණා විය හැකිය. අද හී සාන කුඹුරට නඟුල් විය ගස් ගෙන ගොස් දමා එන්නට තිබුණා විය හැකිය. හතයි හතලිස් පහට පාසැල පටන් ගත්තත් දරුවන්ගේ ආරම්භක වේලාව ඊට පසු විය හැකිය.
අනෙක නම් යන මග ඇති බාධක දුක් කම් කටොළුය. ඒ අර සියල් අන් දුක් කම්කටොළු වලට අමතරව ය.

රාං කුරුළු සීනු හඬට
ඉරත් ඇවිත් ඉස්කෝලෙට
නීල කොබෙයියන් පාසල් ගීය ගයන්නේ….
සිරි සිරි ගා මදටිය ඇට
වැටුනාවේ ඔළිඳ ඇලට
ඇටි කුකුළෝ විහිළු නැතිව අයින් වෙයන්නේ….


අද මෙන් නිවස අසලට එන එ්. සී. පාසැල් බසය කාපට් පාරේ යන කාලයක් නොවේ එය. ගල් බොරළු වැලි පාරේ යන ලොකඩ ලංගම බසයට යන්නත් හැතැප්ම ගණන් ළඳු කැලෑ පසුකර යා යුතුය. සමහර විට ඩෙක් සපත්තු නොව අඩිය ගෙවුණු පටියට හැට්ට කටු ගසා සැකසූ සෙරෙප්පු කුට්ටමක් වත් නැත. ඇලෙන් බැස එගොඩ විය යුතුය. දොලෙන් එගොඩ වන්නට පාලම් නැත. ඇත්තේ පැත්තකින් ඇන්දවත් නැති ඒ දණ්ඩයි. 
හේන් කුඹුරු ඔළුවට ගෙන
පමාවෙලා අකුරට යන
නුඹේ දෑතට කෝටු ඉපල් උරන නොවන්නේ….
සෝඩි ටිකිරි පුංචි පයට
විරිය වෙයි හරි හරියට
ඒ දණ්ඩෙන් එගොඩ වෙන්න පුංචි නංගියේ….

වෙනදා මම් ගීත වල පද රචනා වෙනුවෙන් විසල් බරක් තබන්නට උත්සාහ කරමි. එහෙත් අද ඊට වඩා වෙනස් දිනයකි. අද මට මේ රචනා පිළිබඳව වැඩි කතා කළ නොහැක්කේ, අප කතානායක දිවුල් අයියා ගැන යමක් වැඩියෙන් කතා කළ යුතු බැවිනි.
අපි දිවුල් අයියා කිව්වාට සම කාලීනයන් ඔහුව අඳුන්වන්නේ දිවුලා යනුවෙනි. කලා ලෝකයේ අපිට වඩා සමීප දිවුලලා දෙදෙනෙකි. එකෙක් මේ අපි කතාකරණ දිවුලායි. අනෙකා සුදත් මහදිවුල්වැව යි. මම කරුණාරක්න දිවුල්ගනේ මහතා මහතා යැයි ඔහුව මෙහි හඳුන්වන්නට උත්සාහ නොකරමි. දිවුලා යනුවෙන් කියන්නටද දිව නොනැමෙයි. මට වඩාත් සමීප දිවුල් අයියා යන නමින් ඔහුව දිගටම හඳුන්වමි.
දිවුල් අයියා කලක්, කරුණාරත්න දිවුල්ගනේ රජරට ආණ්ඩුකාරයාව සිටියේය. එවිට මම සිටියේ ඔහුගේ පළාත් රජයට අයත් ප්‍රධානතම රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ලෙසය. රාජකාරීමය වශයෙන් මට ඔහුව වරක් දෙවරක් මුණගැසී ඇත. මම ඔහුගේ නිලයට මදි කමක් නොවන සේ නිසි ගෞරවයෙන් එමබ අවස්ථා ගෙවූයෙමි. එහෙත් ඒ සභාව අවසානයේ ඔහු සභාවේ සිටි සමහරුන්ට පෙර සිටම මා දන්නා අඳුනන බවද, මොන අයුරක සබඳතාවක්ද යන්නද හෙළි කිරීමට මැළි නොවුනි. මට උදව් අවශ්‍ය වුණු අවස්ථා තිබුණි. එහෙත් මම ඒ ඇඳුනුම්කම පෙරට දා ඔහුට කතා නොකළෙමි. කුමන අයුරක සබඳතා තිබුණත් එකල මට ඔහු දිවුල් අයියා නොවුනේ අදාල අවස්ථාවේ ඒ ගෞරවය දිය යුතු නිසාය. එහෙත්, ඒ තනතුරු නොමැතිව අපට හුරු කරුණාරත්න දිවුල්ගනේ හෘදයංගම ගායන ශිල්පියාව යළි පැමිණෙන විට ඔහුට යළි දිවුල් අයියා යනුවෙන් අමතන්නේ තනතුරු ඇති විට පමණක් වෙනත් ගෞරවාන්විත ඇමතුම් කරණ නිසා නොවේ. දිවුල් අයියා යන්නට වඩා වෙනස් සෑම ඇමතුමක්ම ඔහුට කරණ ගෞරවයක් නොව අගෞරවයක් වේ යැයි සිතාය. ඔහු තනතුර දැරූ කාලයේ වුව එය නිහතාමනීව දැරූ බැවිනි.
ආයෙත් ගීත විමසුමට ආ යුතුය.
දිවුල් අයියා බොහෝ හදවතට සමීප ජනප්‍රිය සහ ප්‍රසිද්ධ ගී රැසකටම හිමි කම් කීවද, ඔහු වඩාත් රසිකයින් අතරට ගියේ මහින්ද දිසානායකයන්ගේ රචනයක් වූ ඇසට හසුවන මායිමේ ගීතයෙන් බව කීවොත් එය වරදක් නොවේ. ඔහුගේ පළමු කැසට් පටයද සිංග් ලංකා ලේබලයෙන් දොරට වඩින්නේ මේ ගීතයේ නමින්ම ය.

ඇසට හසුවන මායිමේ
බමර සැණකෙලි මල් විලේ
ළ සෝ ලැව් ගිනි ඇවිළුනා සිත
ඔබ මගෙන් වෙන් වූ දිනේ....

මේ ගීය ගැන නොදන්නේ කවුද? මේ ගීය ගැයූ දිවුල් අයියා ගැන නොදන්නේ කවුද? ඒ නිසාම එවන් පසිඳු ගීයක් වුව මම ඒ ගීය ගැන වැඩි දුර කියන්නට වෑයම් නොකරමි. අපි ගීතය අසා කතාවේ ඊ ළඟ කොටසට යමු.

දිවුල් අයියා ගේ ගී දහරාව දෙස බැලූ විට එම ගී වලින් අති බහුතරය අර්ථ මූලික ගීතයන් වෙයි. එහි තවත් විශේෂයක් වනුයේ සංගීතය විශාරද ගුණදාස කපුගේ ගේ වන විට ගීතයේ අරුතට සංගීතයෙන් ලැබෙන මහත් අනුබලයයි. අරුත් බර ගීත තෝරාගෙන සංගීත නිර්මාණය පිනිස විශාරද ගුණදාස කපුගේ අත පත් වූ විට, ඕනෑම රචකයෙක් දන්නා කරුණ නම්, තමන් ගේ ගීයේ අරුත වඩාත් මතුවන සංගීතයක් එහිදී නිර්මාණය වන බවයි.
දිවුල් අයියා බොහෝ ගීත රචකයින්ගේ රචනාවන් ගී කොට ගයා ඇත. එහෙත් වඩාත් අරුත් බර හැඟුම් බර ගී ඔහුට සම්පාදනය කළේ ප්‍රවීන කිවිවර රත්න ශ්‍රී විජේසිංහයන් ය යනුවෙන් කිවහොත් එය වැරදි කිවමනක් නොවේ.
රත්න ශ්‍රී ලියූ මේ ගී බොහෝමයකට සංගීතය සැපයෙනුයේ කපුගේ අයියා අතින් වීම අහම්බයකැයි මම නොහිතමි. එය කල්පනාවෙන් කළ තෝරා ගැනිමක් සේ සිතමි. මතක් නිසාද යත්, ගීතයේ අරුත තුළට කිමිදී සංගීත නිර්මාණය සකසන සංගීතඥයින් අතරේ ප්‍රමුඛයා විශාරද ගුණදාස කපුගේ යැයි මම හඟින බැවිනි.
ඒ නිසාම රත්න ශ්‍රී ලියූ කපුගේ ගේ සංගීතයෙන් හැඩ වූ ගීත මාලාවක් මෙහි අමුණාලිය යුතු ම ය.
ශාන්තිනී තෙමා වැටේ

පලංචියේ වැඩ හිඳගෙන

පේරැස් මුද්ද දෙන්න

යමු සෙල්ල කතරගම්

සක්මන් කරණ මළුව

කපුගේ අයියාගේ සෙවනැල්ල සේම සංගීතමය වශයෙන් පසු කලෙක ඔහු සෙවන පිණිස තවත් ප්‍රධානම සිසිල් සෙවනැලි දෙකක් වැටුණි. ඒ නම් එච්. එම්. ජයවර්ධන ගේ සහ  

රෝහණ වීරසිංහ
යන් ගේ සෙවනැල්ලයි.
මේ රෝහණ වීරසිංහයන් ගේ සංගීතයෙන් හැඩ වුණු ගී දහරාවයි.

කොණ්ඩ කිරිල්ලියේ

අජානේය ඉස්කූටර්

මගෙ දුවේ නුඹ අවදියෙන් නම්


එච්. එම්. ජයවර්ධන
යන් විසින් සංගීතයෙන් හැඩ කළ ගී දහරාවද මේ කිසිදු සංගීතඥයෙකුගේ නිර්මාණ වලට රසින් ගුණයෙන් දෙවෙනි නොවේ.

යාපහුවේ පුංචි වැවට

මිනින්දෝරු කන්තෝරුවෙ

එක්ටැම් මාලිගේ

දුරු කතර ගෙවාගෙන

මාල ගිරවියේ

මේ ඉහත සියළු ගී වල පද රචනා රත්න ශ්‍රී විජේසිංහයන්ගේය. තනි පද රචකයෙකු තනි ගායකයෙතුට මෙවන් වෙසෙස් රචනා රැසක් නිමවීම පුදුම සහගත යැයි සිතෙනු ඇත. මා සිතන අයුරින් විශාරද ගුණදාස කපුගේට පසුව රත්න ශ්‍රී කවියාගේ පද රචනා මෙතරම් ප්‍රමාණයක් ගැයූ ගායකයෙක් වේ නම් ඒ දිවුල් අයියා විය යුතුමය. මීට හේතුව කුමකද?
රචකයා මිතුරු සමාගමේ කෙනෙක් වීමද?
රචකයා තමන්ට ඉදිරියෙන් ගිය, මහත් අභිරුචියකින් තමන් විසින් අනුගමනය කළ කපුගේ නම් ගායන විශාරදයගේ ප්‍රියතම රචකයා සහ මිතුරා වූ හෙයින්ද?
නැති නම් තමනට ගී ලියූ අන් රචකයින් නොවූ හෙයින්ද?
ඒ කිසිවක් නිසා නොවේ. එයට ඇති එකම හේතුව කරුණාරත්න දිවුල්ගනේ යනු පද රචනයක අරුත විමසා ගයන්නට තෝරා ගන්නා සාහිත කාමියෙක් වීමයි.
බොහෝ අය ගී තෝරනුයේ අරුත විමසා බලා නොවේ. ගී පද රචනාවේ විරිත, රිද්මය විමසා බැලීමෙනි. ඔවුන් පළමුව පතනුයේ ජනප්‍රිය තාලයේ තනුවකි. රිද්මයකි. ඔවුන් අත අරුත දෙවැනි තැනට වැටේ. එහෙත් කපුගේ අයියා, දිවුල් අයියා වැනි ගායකයින් අත අරුත පළමු තැනට ගෙන සැලකේ. රත්න ශ්‍රී ට ඔවුනගේ ගී මගෙහි වැඩි ඉඩක් හිමි වන්නේ එලෙසිනි.
දිවුල් අයියා අන් රචකයින්ටද අන් සංගීතඥයින්ටද අනුග්‍රාහය නොදැකුවූවා නොවේ. ඔහු ගේ හිතට වැටුණේ නම් ඔහු සොයා ගොස් හෝ ඒ පද රචනාව ඒ සංගීත රචනාව තමන් වෙනුවෙන් ඉල්වා ගන්නා දුර්ලභ ගණයේ මිනිසෙකි. මේ කතාව මවිසින් කියමි. සැක නම් රෝහණ ධර්මකීර්ති සංගීතඥයා විමසූ විට තහවුරු කරගත හැකිය.

ගමට කළින් හිරු මුළුතැන් ගෙට වඩනා
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපෙනා
ඒ මල් සුවඳේ අද ලොව් තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා

මේ ගීතය  


සුනිල් දයානන්ද කෝණාර  
විසින් ලියා නිර්මාණය කර දිවුල් අයියාට දුන්නා නොවේ. එය ඔහු ළඟ තිබූ එකකි. එම ගීය ඔහු ළඟ තිබෙන බව ඔහු දත්තේ ඒ වන විට සිය සංයුක්ත තැටියකට ගීත එකතු කරමින් සිටි දිවුල් අයියාට රෝහණ විසින් මේ බව සැළ කරණු ලැබින.
රෝහණගේ ඇති විශේෂත්වය නම්, යම් හදවතට කා වදින ගීතයක් ඇසූ විට ඔහු තුළ එම ගීතයේ යම් අසම්පූර්ණ ආකෘතියක් සැනෙන් කා වැදීමයි. අනතුරුව ඔහු සති ගණන් එය මිමිනීම පුරුද්දක් කර ගනී. රෝහණ ගී ගයන්නේ අඩුවෙන් වුව ඔහු හොඳ ගායකයෙකි. විශේෂම දේ නම් රෝහණ රහට ගයයි. රෝහණ ගී ගයද්දී සමහර විට තමනට අවැසි සේ සිය සංගීත දැනුමද යොදා ගෙන මදක් තනුව තම වසඟයට ගෙන ගයයි. රෝහණ, දිවුල් අයියාට මේ ගීය ගැන කියන්නේද සාමාන්‍ය වදන් වලින් නොව මේ රහට කරණා ගැයුම් ඛණ්ඩ ද යොදා ගනිමිනි.
මේ ගීත ඛණ්ඩ ඇසූ වේලේ සිට සුනිල් දයානන්ද කෝණාර හමුවීමේ අවශ්‍යතාව දිවුල් අයියාට යම් වේදනාවක් දෙයි. එබැවින්ම ඔහු දිනක් රෝහණ ගේ ම වාහනයෙන් ගිරිඋල්ලේ සුනිල් දයානන්නද කෝණාර සොයා වික්‍රමශිලා ව වෙත ඇදෙයි.
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා ගීතය ඔහු අතට පත් වෙන්නේ එලෙසිනි.
සිරිලක මවු ගුණ වණන ගී අතරින් පළමු ගීත දසකයට ඇතුළත් කිරීමට තරම් රුව ගුණ සුවඳ ඇති එම දිවුල්ගනේ ගී සරණියට එක් වන්නේ එලෙසිනි.
ගීතය අසා යමු.

මෙහි  


රෝහණ ධර්මකීර්ති  
ගැන කියැවුනු බැවින් රෝහණ අමතක කොට ඉදිරියට යා නොහැකිය. මක් නිසාද යත් සිරිලක පිය ගුණ වණන ගී අතුරින් පළමු ගී දසකයට අඩංගු කළ හැකි ගීයක් ඔහු විනිස් දිවුල් අයියාට නිර්මාණය කර දෙන බැවිනි. වන්නිකරේ කටුකත්වයේ පතුළේ කිමිදෙමින් දුක් විඳි, ඒ දුක තම දරු මුණපුරන් හට නොදුන් පියෙකු ගැන ලියන්නේ වන්නිකරේ මහින්ද දිසානායක හෝ වන්නිකරේ මහින්ද චන්ද්‍රෙස්කර හෝ නොව ගාල්ලේ  


කුමාර ලියනගේ  
ය.

අන්දර යායේ වැව්තාවල්ලේ
සක්මන් කරණා අප්පච්චි
දොලේ දියයි නුඹ කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට අප්පච්චී

මේ ගීතයෙන් කුමාර ලියනගේ මතක් වුණු බැවින් ඊ ළඟ ගීතයේ රචනයද හිමි වන්නේ කුමාර ලියනගේ ට මය. 
දෙදරු බිසෝ තොටුපලට වරෙන් ගොඩවී
ඔය ගඟ දිය යටින් මිදී
ගෙපැලේ පහණ අරන්
තොටුපලට වරෙන් ගොඩවී

ඉහත ගීතයේ සංගීතය 

කරුණාරත්න විජේවර්ධන
ගෙනි. දැන් මේ කුමාර ලියගේ ගේත් කරුණාරත්න විජේවර්ගේත් එකතුවෙන් නිම වුණු දිවුල් අයියා ගායනය කළ ගීතය අමතක කොට වෙනත් ගීතයක් වෙත යොමු විය නෙකාහැකිය. එබැවින් ඒ ගීතයට යොමු වන්නේ සුවිශේෂ කතාවකුත් සමඟය.
මේ ගීතය නිර්මාණය වනුවේ තිස් වසරකට ආසන්න යුද්ධය නිමවීමෙන් අනතුරුව කාලයකය. ඒ වෙනුවෙන් ලියැවුණු ගීතයකි වුව, හුදු යුධ ජයග්‍රහණයක උදම් ඇනීමකට වඩා බොහෝ පෙරටුගාමී අදහසක් එහි වෙයි. එහි ගෞරවය රචක කුමාර ලියනගේට හිමි විය යුතු වුව යම් ගායනයෙක් එවන් ගීතයක් ගැයීමට තෝරා ගන්නා විට සිය සාහිත දැනුම ඉන් මොනවට ප්‍රකාශ වේ. ඒ පමණක් නොව එහි ඔහු දකින ගැඹුරද නිරූපනය වේ. මේ අදහස් උළුප්පාලන සංගීත නිර්මාණය පිළිබඳව කළ කතා බස් ද බොහෝමත්ම අවම වීම කණගාටුවට කරුණකි.
මා එම ගීතයේ සම්පූර්ණ සටහනම මෙහි අමුණන්නේ එහි ඇති වෙසෙස් වැදගත් කම සලකාය. එහෙත් ඉන් අන් ගීත නොවැදගත් වේය යන අදහසක් නොමැති බව සැලකුව මනාය.

සීතල වතුර ගලන කඳු කාගෙද කියන්න
මේ සරු බිම සුරකින උරුමය කාටද අහන්න
ගිනි දඬු මැද නිදහස දිනුවේ කවුරුද කියන්න
පද්මා පද්මණී පාතිමා
ආදරයෙන් මවු බිම අපට කියන දේ අහන්න

වන මැද කුරුළු හඬින් කියවෙන ජය ගී අහන්න
කරවුණු මහ පොලොවක නව දළු ලනහැටි බලන්න
පද්මා පද්මණී පාතිමා
ආදරයෙන් මවු බිම අපට කියන දේ අහන්න

වැටකොටු කඳවුරු බැඳ බෑ දුර නෑ කම් හදන්න
රණ අවි වල ගෑවුණු ලේ සලකුනු මකාලන්න
පද්මා පද්මණී පාතිමා
මිනිසත්කම පාමුල නොනිමෙන පහනක් තියන්න

මේ කුමන ගී පද රචනාව ගත්තද ඉන් කියා පාන්නේ අරුත මූලික ගීතයකට දිවුල් අයියා දක්වා ඇති දායකත්වය ය. අරුත මූලික ගීත වලට වඩා ශබ්දය සහ රිද්මය මූලික ගීත වැසි වසින සමයක මෙය මොන තරම් අපූර්වද?
දිවුල් අයියා ගේ මේ ගීත අතරේ යම් වෙනස් ලකුණක් පළ වන්නේ එක්තරා ගීත රචිකාවියක නිසායි. ඈ නම්  


යමුණා මාලනී පෙරේරා 
යි. දිවුල්ගනේ ගී සමුච්ඡයේ ඇගේ ගී වෙනස් වන්නේ ගැඹුරු අරුත් වලට වඩා ප්‍රේමයේ විවිධ රස මානයන් ප්‍රධාන වශයෙන් ප්‍රකට කරවන බැවිනි. එසේ වුවද ඇගේ ගීත තුළින් නිමිත්ත ප්‍රේමයම වුව ඒ හා බැඳුනු වෙනත් දේද රස වෑහෙන්නට කථිකාවට ලක් කර ඇත. මේ ඊට හොඳම උදාහරණයයි.

දුර ඈත වුවද ගතිනා
ළඟ පාත නොවෙද සිතිනා
ඇලපාත මුදලි මං
මදහාස නඟන් ගජමන් නෝනා

රෝස තොල් සිඹිමි
තොල් මත කඳුළු බිඳු නැගෙයි
ආදරය සුන්දර වරදකි
කිසි දා සමාවක් නම් නැතී
සුළඟ නුඹ වගේ
 ේ අතර දිවුල් අයියාට ගී ලියූ ෝ රචකයින් ගැන කතා ොකරන්ේ අනෙකක් නිසා ේ. ේ සටහන තවත් දිග්ගස්සනට ඇති අපහසුව නිසාවෙනි. ඒ ගැන කිසිවෙක් උරණ ොවනු ඇතැයි සිතමි. එහෙත් වෙසෙස් රචකයින් තිදෙනෙකුේ ගීත ගැන කතා ොකරම බැරිය. ඒ යතිවර ගී රචකයින් තිදෙනෙකු ගැනයි.
ඉන් එක් යතිවරයෙකු වන් 


පල්ේගම ේමරතන 
හිමියන් ය. උන්වහන්ේ ලියූ අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ ගීතය අමතක කරන්කෙේද?

ඊ ළඟ යති රුවන  

රඹුකන සිදත්
හිමියන් ය.
උන්වහන්ේ ලියූ  

වෙහෙරක් වේ පින් දුන් කෙනෙක්
දෙලක් වේ දුක් ඇසු කෙනෙක්
කුඹුරක් වේ බත් දුන් කෙනෙක්
ේ නම්
නුඹයි අපෙ අම්

ගීතය අමතක කරනුකෙලෙසන්ද?

      
විට ඊ ළඟ යතිවරයාෝ කවුරුන්දැයි එබ කල්පනා කරණවාද? ඒ අන් යතිවරයෙකු ොව

හඳ පානට ගෙට ොඑන්න
වියන් බඳින මකුළුවන්ට.
නුඹයි මමයි අහස ොව
වාගෙ පෙේවි
උන්ට රෙන්
නැඟිට වරෙන්
ඉන්නම් ේ වී
ගීතය ලියූ අ 


ෝන්වැආරියරතන 
හිමියන් ය.
ගීතය සංගීතවත් කළ 
 නාලක අංජන කුමාර 
ේ නමද සඳහන් ොට යාමට හිත ඉඩ දෙයි.
  
මේ ආකාරයේ සුන්දර ගීත නිර්මාණ රැසක් ඔස්සේ දිවුල් අයියා විවිධ තලයන්හි විහිදෙන  රසික පරාසයකගේ හදවත් තුළ ලැගුම් ගනී.
මේ සටහන කෙටි සටහනක් බවත්, මේ මිනිසා කෙටි සටහනක් ලියා අත පිස දා ගත නොහැකි ආකාරයේ මිනිසෙකු බවත් මා ලියුවේ නිකන්ම නොවන බව ඔබට වැටහෙනු ඇත. එහෙත් මේ සටහන අසම්පූර්ණ සටහනක් ලෙස හෝ නිම කරන්නට සිදු ව ඇත. ඒ අනෙකක් නිසා නොවේ. හෙට 2016 මැදින් මස 25 වෙනි දිනට යෙදෙන ඔහුගේ නවතම ගී සංයුක්ත තැටිය එළි දැකීමට පෙර මෙම සටහන පළ කිරීමේ රිසියක් මහද උපන් බැවිනි.
එදිනට එහි යෑමට ඇත්නම් මොන තරම් වාසනාවතක්ද? අපි මීට වඩා සරල කාලයේ එවන් වාසනාවන්තයින් වීමුත එහෙත් අපි ටිකෙන් ටික ටිකෙන් ටික සංකීර්ණ වුණු කල්හි ඒ වාසනාව අප වෙත එන්නේ ඉඳ හිට ය. කලාතුරකින්ය. එබැවින් එහි නොයා අන් විදිහකට සුබ පතන ක්‍රමයක් මම සෙව්වෙමි. මේ කෙටි සටහන ඒ වෙනුවෙනි.
මේ අතරේ දිවුල් අයියාගේ ගී සරණියට අබැටක සම්මාදමක් වන්නට මටද හැකියාව ලැබුණි. ඇත්තටම කිවහොත් ඔහුගේ ගී සරණියට මම අබැටක සම්මාදමක් වන විට මගේ ගී මගට එය මහා පර්වතයක් වන් දෙයකි.
මගේ එම ගීය පිළිබඳව මෙහිම යම් යම් තැන් වල කතා කර ඇති බැවින් ඒ වග තුග ලොකුවට නොලියා ගීතය පමණක් මෙහි අමුණමි.
මෙහි සංගීතය හිත මිත්‍ර නවරත්න ගමගේ ගෙනි.
අර මොදු වෙලා සිනා පුරණ
සඳ මඬලින් අහන්න
ඇයි දුක් නොවන්නෙ කියා
හිරු කුමරුන් බැස ගියාම
අතු අගට වෙලා සිනා පුරණ
මල් යායෙන් අහන්න ඇයි
දුක් නොවන්නෙ කියා
පිපි කුසුමන් පරවුණාම

ඉතින් හෙට නිල් දියවර ගලා යනු ඇත. ඒ නිල් දියවරේ දිය වී සිහින හරි පුදුමයි අප වෙත ඇදී එනු ඇත.
ඇත්ත. සමහර සිහින හරිම පුදුමය. කෙනෙකු හීන කිසි දින ඉටු නොවෙයි. එහෙත් සිහින ඉටු වෙනු ඇත කියා කතාවක් අසා තුබුණෙමි. එලෙස ඉටු වූ සිහිනයකින් මේ සටහන නිමා කරමි.


බණ්ඩාර බෙලිකැටිමුල්ල 
ගීත රචනයට පිවිසෙන්නේ මෑතකදීය. ඔහු තවම රචනාකොට ඇත්තේ ගීත අතලොස්සකි. වඩා වැදගත් දේ රචනා කළ ගීත ගණන නොවේ. ඔහු රචනා කළ ඒ අතලොස්සම හිතට දැනෙන ඒවා වීමය. සුනරුත් වත්මන් ගීත ක්ෂේත්‍රයට අරුත් බර හැඟුම් බර ගී රැගෙන ඔහු එව හැටි මමද යම් කලක් බලා සිටියෙමි. ඔහු සිතුවාට පෙරම ඔහුගේ සිහිනයක් සැබෑ වන්නේ හා හා පුරා කියා දිවුල් අයියාට ඔහු ලියූ ගීය මේ සිහින හරි පුදුමයි තුළට ගොනු වෙමිනි.

ේ වසන්තය ගෙවී යන්නට ළගයි
නුඹ පිපී හිනැහුේ අවසාන දවසකයි
හිඳුන ජීවිත පතුළ හාරා
නුඹට දෙන්නට සෙේ දිවි බිඳුවක්
ොයමි මම තවමත්   
බණ්ඩාර ගී රචනාේ පළමු පාදයයි. ඒ සුන්දර ගීතය අසා බලන්න.
  
දිවුල් අයියාගේ හැටිය. ඔහු දැනෙන දේ ළං කර ගනී. නොදැනෙන දේ ළං කර නොගනී. 


-         යසනාත් ධම්මික බණ්ඩාර   -