Sunday, February 15, 2015

මම මෙතැන බොහොම කල් නුඹ ඇයි තාම පමාවා.....




why doesn't she come?
Why doesn't she come  ?
I know we said eight.
Or was it half past  ?
That clock mñt be fast :
Why doesn't she come  ?
 She's ten minutes late.

I'll sit by the door
And see her come in.
I've brought her a rose,
I' borrowed a pin.
I'll be very severe,
I'll tell her, " my dear,
You mustn't be late"
It's quarter past eight
Why doesn't she come  ?

why doesn't she come  ?
This must be the place.
She couldn't forget,
Or is she upset  ?
Why doesn't she come  ?
Am I in disgrace  ?
Oh, well, if it's that,
We were both in wrong

I'll give her the rose
And say I was wrong
I'll give her a kiss
And tell her I'm sorry
"I'm terribley sorry"
why doesn't she come  ?
perhap she is ill,
I fancied last night
Her eyes were too bright
A feverish child  ?
She's lying in bed
She's light in the head   !
She's dying - she's dead   !
Why doesn't she come  ?

Why doesn't she come  ?
She's tried of me - eh  !
I've noticed a chang,
Last night she looked strange.
So this is the end  ?
Why couldn't she say  ?
Well never again !
She needn’t explain.
I know who it is
I know who it is
I've done with her now.
Why doesn't she come  ?

Why doesn't she come  ?
It's nearly half - past.
Well, never again  !
I'll send her the rose,
I want say her word,
Jñt send her the rose
She'd laugh, I suppose!
A flirt and a fraud!
I'll travel abroad;

I'll go to the East:
I'll shoot wild beast.
And now for a drink,
A brandy I think -
And drown myself in it.........
I'll shoot myself.......oh,
How I loved her...!
Hul- lo!
What? Late? Not a minute.......!
-         A.P. Herbert  -
මේ  ඉංගිරිසි කවිය මට කියවන්න ලැබුනේ මීට අවුරුදු විසි ගණනකට එපිටදී ය.
අපේ ගෙදර ඉංගිරිසි පන්තියක් තිබුණා. ඒක කළේ Robert නම් ගුරුවරයෙකු විසිනි. Robert sir ඉංගිරිසි උගන්වන්නට රුසියා වුණාට අපි ඉංගිරිසි ඉගෙන ගන්නට රුසියන් වුණේ නෑ.
Robert sir ඉංගිරිසි උගන්වනවිට නව කතාවල කොටස්.... කෙටි කතා.... මේ වගේ කවි ගී අපට කියා දුන්නා. පසුව ඒවා රසාස්වාදය කරණවා. එවැනි කවි කිහිපයක් ම මවිසින් සිංහලයට නැගුවා.
එය තමයි විදෙස් සාහිත්‍යය සය බසට පෙරලීමේ මුල් ම අත්දැකීම වුණේ.
කාලයක් ඒ කවි ෆයිල් කවර යටට හිරවෙලා තිබී නැවත වසර 10 – 12 ට එපිට දී සැකසෙන්න වුණා. ඉන් කිහිපයක් පුවත්පත් කවි පිටුවලට යොමු කරණු ලැබ ඒවාගේ පළ වුණා. අනතුරුව නැවත දිගු විරාමයක් ආවා. ඊට පසුව වසරක දෙකකසිට තමයි නැවතත් මේ වැඩේට යොමු වුනේ. ඒ නිසා මම හිතනවා මෙහි යම් ගෞරවයක් Robert sir ට හිමි විය යුතුමයි කියා.
මේ why doesn't she come? නම් කවිය මගේ හිතට ඇතුළු වන්නේ එලෙසින්. හැබැයි ඉතා තුරුණු වියේ සිටි අපට මේ කවියේ යම් යම් තැන් වල ඇති සංවේදීතා දුරස් දෙයක් වුණේ නෑ. මේ විදිහයට ම නැතත් එහි අපට සංවේදී තැන් එමට තිබුණා.
මින් කියවෙන්නේ උදෑසනක, යම් තීරණය කරගත් වෙලාවක, සිය පෙම්වතිය හමුවීමට කතිකා කරගෙන බලා සිටින පෙම්වතෙකු ගැන. ඔහු වෙලාවටත් කළින්ම ඇවිත් බලාගෙන ඉන්නවා. ඒත් ඇය තාමත් නෑ.
ඔහුගේ සිතේ ඇති වන්නේ විවිධ වූ මනෝභාවයන්.... ඇයගේ පමාව ගැන.
බස් එක නැතිවවත්ද?
බස් එක අතරමග නැවතුණාවත්ද?
අම්මට සැක හිතිලා එන්න දුන්නේ නැතිද?
ගෙදරට අමුත්තෝ කට්ටියක් ඇවිදින් එන්න බැරිවුණාද?
අසනීපයක්වත් හැදුනද?
මා එක්ක යම් තරහක් වත් ඇති වුනාද?
ඇගේ හිතේ මට වඩා වෙන කෙනෙක් ගැන කැමැත්තක් තිබෙනවාද?
මේ අපට සමීප සිතුවිලි. ඒ ලෙස ම අර කවියේ සිටින පෙම්වතාත් සිය පෙම්වතියගේ ගේ ප්‍රමාදයට විවිධ වූ දේ සිතනවා.
මේ කවිය මම සිංහලයට නැගුවේ මේ බ්ලොග් පෝස්ට් එක සඳහාමයි. එහි අරුත දැනිය යුතු වන ලෙස කළ යුතු නිසා පද්‍යයකට වඩා ගද්‍යයට ළඟ නිර්මාණයකුයි කලේ. වැඩි කවි ලකුණු යොදන්නට යාමෙන් මෙහි දැනෙන බව අඩු වෙතැයි සිතුනා.
දැන් අපි  සිංහලයට නැගූ why doesn't she come? බලමු.


කිමද ඈ තාම නාවේ....?
මට මතකයි...
කතාකර ගත්තේ 8 ට බව...
ම්ම්හ්හ්හ්...
වැරදුනාවත්ද මට ?
අපි හිතුවේ අටයි තිහවත් ද?
මගේ ඔරලෝසුව වැරදිවත්ද?
කිමද ඈ තාම නාවේ....?
මිනිත්තු 10 ක්ම
ප්‍රමාදයි ඈ.....

බලමු ටිකක්
මෙහෙම
ඈ එයි දැයි....
මැලවෙයිද ගෙන ආ
රෝස කුසුම
ඈට......
පළඳවන්නට ගෙනා
කොණ්ඩ කටුව ඈ හිස
බැරිවෙයිද දීමට
අද.....
නාවොතින් ඇය....

බුම්මගෙන ඉන්න ඕනෑ
ඈ ආවාම
කිව යුතුයි ඈට දැඩි ලෙස
මින් පසුව නම්
පමාවනු බැරි බව
මේ ලෙස....
දැන් අටයි කාලත් පහු වෙලා....
කිමද ඈ තාම නාවේ......

කිමද ඈ තාම නාවේ
වැරදුනාවත්ද මට
තැන.....
නෑ..... නෑ.....
අපි කතාකරගත් තැනමයි
මේ......
අමතක වුණා වෙන්න බැරිද
ඈ හට......

ඕහ්හ්හ්......
එහෙම නැතිනම්
අමනාපයෙන්වත් ද ඈ
මොනවට හරි...
කිමද ඈ තාම නාවේ......

කිසිවෙක් කිවාද
ඈට
මා ගැන වරදක්....
කේලමක් යම් කිසි.....
ඒකද මේ පමාව.....
නැති නම් නෑවිත් සිටීද ඈ
මේ ලෙස......
දෙන්නගෙන්
වැරදි වී නැත්තේ
කාතින්ද...

මා ඈට රෝස මල පළඳවමි
පළඳවා කියන්නෙමි
ඔව්.....
මගේ වැරදි ඇති.......
සරසා උණුසුම් හාදුවකින්
ඈ මුව
කියමි
සමාවන්න........
ඇත්තටම...... සමාවන්න......
වරදක් විනි නම් යම්.....
කිමද ඈ තාම නාවේ......

අසනීප වුනිද ඈ...
මා මැවූ සිහින මුළු රෑ පුරා.....
හරි ප්‍රභාමත්
ඈ දෙනෙත් ගැන......
ලෙඩ වුනු දරුවෙකු සේ
ලෙඩ වී ඇති ද ඈ....

අසාද්‍යද ඈට...
මිය යාවිද ඈ.....
කිමද ඈ තාම නාවේ.....

කිමද ඈ තාම නාවේ.......
අත්හදා බලනවාවත්ද
මාව......

තේරුනා වෙනසක්
ළඟක සිට
ඊයේ හවස බැළුවෙත්
වෙනස් විදිහට
අවසනද මේ සියල්ලේ?
එසේ නම් ඇයි එය
කියනු බැරි.......
නැවත කිසි දා
ඈ නො එනු ඇත......
කිව යුතු නෑ ඈ මට
දන්නවා මම
ඒ කවුදැයි.....
දන්නවා මම
ඒ කවුදැයි
කිමද ඈ මෙතෙක් නාවේ......

කිමද ඈ මෙතෙක් නාවේ.......
පැය භාගෙටත් වැඩියෙන්
පමයි දැන් ඈ......
ආයෙ නම් ඈ
එන්නෙ නෑමයි......

යවමි මම ඈට කිසිවෙකු අත
මා ගෙනා රෝස මල
එහෙත්
කීමට ඇත එකම එක වදනක්
වෙන් වෙන්නට පෙර.....
සිනහ වනු නිසැකයි ඈ
මල දැක
මට......
මම දන්නවා ඇගේ
හැට හතර මායම් හොඳ හැටි
දැන් ඉතින් මෙහේ ඉන්නේ කුමට
යමි යන්ට රට හැර
ඈ නොපෙනෙනා දෙසකට......


යමි මම පෙරදිගට
වන සතුන් දඩයමට....
ඇති නම් ගසන්නට අඩියක්......
මට හිතෙන්නේ බ්‍රැන්ඩි උගුරක්......
බ්‍රැන්ඩි ගඟුලක ගිලෙනු හැකි නම්........
එහෙම නැතිනම්.......
ජීවත් ව හිඳ කුමන ඵලයද
දිවි නහගන්ට ඇති නම්
වෙඩි තියාගෙන......
කොතරම් ආදරය කළාද
මම උඹට..........
කොතරම් ආදරය කළාද
මම උඹට..........
මම උඹට..........
*****************************
මොකද මේ බුම්මගෙන
ඔයා ඇවිත්
හුඟ වෙලාද?
.....................
.....................
මොකක්.........
ප්‍රමාදයි මම........
කොහෙද මම ප්‍රමාද
හරියට ම අටයි නේ
වෙලාව........
අනුවාදය - යසනාත් ධම්මික බණ්ඩාර.
මේ සිංහලට නැගීම සමහර තැන් වලදී ඉංගිරිසි සෘජු පරිවර්තනය වුවහොත් අපට සමීප නොවෙතැයි සිතුනා. එබැවින් සමහර තැන් වලදී එහි අරුතඋකහාගෙන අපට ගැලපෙන ලෙස වෙනස් කළා.
I'll go to the East:
I'll shoot wild beast.
And now for a drink,
A brandy I think -
And drown myself in it.........
I'll shoot myself.......oh,
How I loved her...!
Hul- lo!
What? Late? Not a minute.......!
විශේෂයෙන් මෙම කොටසේ
Hul- lo!
What? Late? Not a minute.......! යන්න සෘජුව පරිවර්තනය වූවා නම් කියවන අයට යම් පැටළුම් සහගත වන බවක් හැඟුනා. එබැවින් එය මවිසින් ඉදිරිපත් කරණු ලැබුවේ
මොකද මේ බුම්මගෙන
ඔයා ඇවිත්
ගොඩ වෙලාද?
.....................
.....................
මොකක්.........
ප්‍රමාදයි මම........
කොහෙද මම ප්‍රමාද
හරියට ම අටයි නේ
වෙලාව........
ලෙසට ය.
මේ සිංහලට නැගීම මේ විදිහට වඩාත් ගද්‍යයට බරව කළ ද ඊට බොහෝ කලකට පෙර ම විසින් කළ ගීත රචනයක් මට මතක් වෙයි. එහි ඇත්තේද මේ කවෙහි සහ මේ හුරු අත්දැකීම් වල සෙවනැලි ය. එහෙත් එහි සෘජුව එම කව නොකියවෙයි. එය අපට වඩා නුදුරු ගැම් සමාජීය යෞවනයෙකුගේ අත්දැකීමක් ලෙස ලියැවෙයි.
එම ගීතය අඩංගු වූයේ මගේ කිඳුරු ගීතය නම් ගීත එකතුවෙහි ය. ආනන්ද පෙරේරා සංගීතඥයා විසින් සංගීතවත් කර ගීතය ගැයුනේද ඔහුගේම හඬිනි.


මේ ගීතයේ පෙම්වතා ද අර කවියේ පෙම්වතා සේ ම සිය පෙම්වතිය හමුවීමට ගොස් ඇත. ඔහු කොපමණ උනන්දුවෙන් යනවාද කියතොත් වෙලාවටත් කළින් යයි. එසේ යාමට ඔහු සතු උනන්දුව දැක්වීමට ය මෙහි සමහර කොටස් ලියා ඇත්තේ.
බමරුන්ටත් කළිනි ඔහු මල් නෙළන්නට ගොස් ඇත්තේ. හිරුටත් කළිනි ඔහු පිනි පොකුරු අහුලන්න ගොස් ඇත්තේ. සියොතුන්ටත් කළින් අවදිව ය ඔහු රස තාල සොයනු පිනිස පැමිණ ඇත්තේ. එවන් කැපවීමකින් පැමිණි ඔහු  වෙත තාම ඈ පැමිණ නැත.
අනතුරුව ඇත්තේ ප්‍රේමනීය පරිසරයේ වර්ණනාවයි. මේ ප්‍රේමනීය පරිසරය සිය හැඟුම් තව තව කලතයි. එබැවින් ඈ පමාව වඩාත් දැනෙන්නට වෙයි.

බමරුන්ට කළින් ඇහැරී මල් නෙලා ගෙනාව
දිනිසුරුට කළින් ඇහැරී පිනි පොකුරු ගෙනාවා
විහඟුන්ට කළින් ඇහැරී රස තාල ගෙනාව
මම මෙතැන බොහොම කල් නුඹ ඇයි තාම පමාවා......

ඇහැළ ගහේ රෑන් රෑන් පිපෙන සිනාවා
පහළ ඇළේ හීන් හීන් තරඟ ලතාවා
කුරුළු තුඩේ මිහිරි මිහිරි ගීත කතාවා
මම මෙතැන බොහොම කල් නුඹ ඇයි තාම පමාවා......

ළන්ද කොනේ නිලතුරු වැල් නගන සිනාවා
පින්න මලේ මත් බමරුන් රහස් කතාවා
නැද්ද නගේ හිත පතුළේ ආල නුරාවා
මම මෙතැන බොහොම කල් නුඹ ඇයි තාම පමාවා......
පද: යසනාත් ධම්මික බණ්ඩාර.
ස්වර සහ රචනය: ආනන්ද පෙරේරා ( සිහ ශක්ති )
රූප ඇමිණුම : තුසිත කුමාර.



 මේ ගීය මේ ලිපිය ලියැවුණු කාලයෙන් වසරකට දෙකකට පසුව ආනන්ද පෙරේරා ගායකයා දෙරන රූපවාහිනියේ ලෙය සය ලය වැඩ සටහන සඳහා සිය දියණිය සමග එය ගයන්නට යෙදුනු අයුැු ප්‍රමෝදජනකය. එවන් වැඩ සටහනක සිමිත ගි කිහිපයක් අතරට කෙනෙකුගේ එකක් තේරිම එක්තරා වාසනාවකි. මේ අම ගැයුමයි.



මේ මගේ ගීතය ගැන මගේ විවරණයක් නොවේ. ඒ ගීය නිර්මාණය වූ වට පිටාව ගැන කීමක් පමණි. එබැවින් කියවන කෙනෙක් මේ තමන්ගේ ම ගීයක් විචාරයකොට ගැනීමක් සේ නොසලකනු ඇතැයි සිතමි. තමන්ගේ දෙයක් තමන්ම විචාරය කිරීම නොහොඹිනා දෙයක් වන බැවින් ඒ ලේබලය මෙයට අලවනු ඇතැයි යම් බියක් ඇත්තේ එවන් අවස්ථා එමට දැක ඇති බැවිනි. තමන්ගේ ම නිර්මාණ තමන් විසින් ම මෙහි ඉදිරිපත් කරණ අය පවා අනෙකෙකුට එවන් පහරක් ගැසීමට මැලි නොවන බව දැක යම් බියකින් සිටිමි.
යමෙක් යම් නිර්මාණයක් කළ වට පිටාව දැන ගැනීමට කැමති අය බොහෝය. සමහර මා නිර්මාණ පිළිබඳ එම වටපිටාව ගැන කීමට මට ද කැමැත්තක් ඇත. මේ ඒ කැමැත්ත ක්‍රියාවට නැංවීමකි. ඉදිරියේදී ද මෙවැනි දෑ ඉදිරිපත් කිරීමට සිතමි. කැමති අයට කියවනු වස් ය.
කෙසේ වෙතත් මෙහි අන් අරමුණක් ද ඇත. ඒ අනෙකක් නොව ම විසින් පෙර පෝස්ටුවේ සඳහන් කළ පූර්ව ප්‍රසූත අවධියේ යාඥාකරුවා නම් මගේ පරිවර්තන කව් ගී කෘතිය සඳහා මේ කවද ඇතුළත් වන නිසාය.
ඒ ගැන තවත් යමක් ලියන්නට සිත් වීම ගැන කමන්න. එම කෘතිය ඉදිරිපත්කිරීමට සිතා සිටින්නේ මුල්, අන් බසින් ලියැවුනු කව සහ සිංහලට පෙරලූ කව ලෙස නොවේ. මෙවන් පෝස්ටු වල එකතුවක් ලෙස ය. එවිට ඒවා ගැන යම් වෙනත් තොරතුරුද කියවන්නා ට දැන ගැනීමට අවස්ථාවක් ලැබෙන බැවිනි. මේ අදහස ගැන සේ ම මෙම සිය බසට නැගීමේ කාර්යය පිළිබඳ ඔබගේ අදහස් ද දැන ගැන්මට රිස්සෙමි. අනෙකක් නිසා නොව එවිට මගේ යම් අඩුපාඩු සාදා ගැනීමට මට ම මගක් පෑදෙන හෙයිනි.
ඉහත කවෙන් අනතුරුව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ තාගෝර් නිර්මාණ දෙකක් සිංහලට නැගූ අයුරු ය.


තාගෝර් නිර්මාණ ගැන සහ තාගෝර් තුමා ගැන වෙනම ම කතා කළ යුතුය. එබැවින් ඒ ගැන වෙනම පෝස්ටුවක් ලියන්නට අදහසක් ඇත. ඔහුද ඔහුගේ නිර්මාණ ද මතු නොව සිංහලයට නැගූ තාගෝර් නිර්මාණ කිහිපයක් එක පෙළට මතු දිනක ඉදිරිපත් කිරීමට සිතමි. එහෙත් මේ නිර්මාණ දෙක අද ඉදිරිපත් කරණුයේ මේ නිර්මාණ වල ඇති හැඟීම් ද සමහර ගීතයකට මං පෑදුවා දැයි මට සිතුනු බැවිනි.
මේ කව බලන්න.

A few more minutes, do sit by me
আরো কিছুখন নাহয় বসিয়ো পাশে
aaro kichhukhon nahoy boshiyo paashey

A few more minutes, do sit by me
A few more words, do speak to me

See how the autumn sky darkens
Vaporous airs mist the horizon

You came to my door in the morn
Wanting to see something
Let me ask while there is still light
Were you able to catch a glimpse of that
O traveller, say do say –
That which rolls to and fro
In the fathomless depths of my heart

You wavered at the door
Held yourself back today
You tinkered with your tunes
Out in the courtyard
I know not what you can take
Take back with you to the distant lands
O traveller, at this hour of parting ways

When you came at the break of dawn
Leaving behind all your chores
The soulful voice you came to hear
Did you catch a hint of it
O traveller, say do say –
Those words they are ablaze
In the secret depths of my heart
තාගෝර් නිර්මාණය ඉංගිරිසයට නැගීම Rumela Sengupt විසිනි.
මෙම කවේ පළමු වැකි ටික ම මා යම් ප්‍රසිද්ධ ගීතයක් තුළට කැඳවාගෙන යයි.
A few more minutes, do sit by me
A few more words, do speak to me
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි....                            
........
........
දෑසට ළංව තවත් මේ මොහොතේ
ගොළු වී ඉන්නෙමි මම්.....
.........
.........
මේ වදන් ලූෂන් බුලත්සිංහලයන්ගේ හදවතින් පන්හිඳට ආවේ මේ කවෙහි අභාසය නිසාවෙන් දැයි  මම නොදනිමි. එහෙත් එය දුටු මතින් මා හට නිරායාසයෙන් ම මෙම ගීය මතකයට නැගුනි. එහි මාතෘකාව මේ ගීතයේ පද පෙළ ඇසුරින් ම යොදන්න ඇති නම් යනුවෙන් පවා සිතුනේ එබැවිනි.
එබැවින් එය
සමුගෙන යන්න ඔබෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි
යනුවෙන් නම් කළෙමි. මේ මවිසින් සිංහලයට නැගූ එම කවයි.



සමුගෙන යන්න ඔබෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි
ඉතින් ඉතිරිව ඇත්තේ
එකම එක
නිමේශයකි
රැඳෙන්න ඒ නිමේශයත්
මා ළඟ ම
ඉතින් ඉතිරිව ඇත්තේ
එකම එක
නිමේශයකි
කොඳුරන්න ඒ නිමේශයෙත්
යමක්
මා සවනට .....

බලන්න
අඳුරු
සරත් අහස දෙස
ඝන වායු වළා කැටි
මීදුම
සඟවගෙන
සිතිජය.....


අරුණේ ම පැමිණි ඔබ
මා නිවසට
ප්‍රියකරණ දසුනක් දැකගන්නට
ඉඩ දෙන්න
විමසන්න ඔබෙන්
සැඳෑවේ
ඉතිරි අවසන් එළි පොදෙන්
හැකිවුනි දැයි දැකගන්න
ඒ දසුන.....
නිමක් නැති මහද ගැඹුරේ
එහේ මෙහෙ කැරලි ගැහුනු......
අහෝ මගිය කියන්න
මට කියන්න......

ද්වාරය අසල හිඳ
නුහුරු ලෙස හැසුරුනි ඔබ
අද.....
දෙගිඩියාව
ඔබ ව පසු පසට අදිමින්
ඔබ මිහිරි තනු
ඔබ ම නුහුරුව  ගයමින්....

ද්වාරයෙන් පිටත
අංගනයෙහි
මම නොදනිමි
ඔබට ගන්නට ඇති දේ
ඔබට ගෙන යා හැකි
ඈත බිම වෙත
සමුගැනීමේ මේ නිමේශයේ
අහෝ මගිය......

අද අරුණ උදාවේ
ඔබ අසන්නට රිසින් ආ
හඬ
සියළු අමිහිරිකම් දුරැලන
හැකි නොවුනි ද ඔබට
වටහා ගන්නට
එහි රැඳුනු ඉඟි.....
මහද පතුළෙහි
ඇවිලෙන
රහසිගත ව සැඟවුනු.....

අහෝ මගිය....
කියන්න
මට කියන්න.....
අනුවාදය - යසනාත් ධම්මික බණ්ඩාර.
මේ කව සිංහලට නගමින් සිටින විට තවත් එවැනි ම කවක් හමුවින. එහිද ඇති හැඟීම් මේ කවට බොහෝ සමාන ය. එබැවින් මේ කව සමගම ඒ කව ද එක් කරන්නට සිතුනි. එය ද තාගෝර් නිර්මාණයකි.
Do stay a little longer
আরো একটু বসো তুমি
aaro ektu bosho tumi

Do stay a little longer
Do tell a little more

O traveler
Why this restlessness
A moistness in your eyes

Did you get a hint of what you wished to hear from me
The silent swell of words billowing in my heart


When you are far away
The secrets deep within
Resonate in sweet melody
When you come close
Your eyes hush all words
They shine like the stars
In the still night of my heart

මෙය ද වංග බසින් ඉංගිරිසියට පෙරලා ඇත්තේ Rumela Sengupta විසිනි.
මේ එම කව ම විසින් සිය බසට හැරවූ ආකාරයයි.

Do stay a little longer – By Rabindranath Tagore
আরো একটু বসো তুমি - aaro ektu bosho tumi

බැරිද තව එක් ඇසිල්ලක් හෝ
රැඳෙන්න
බැරිද තව එක ම එක
වදනක් හෝ
මුමුනන්න.......

අහෝ !
දුරක යන මගියෙකු සේ
මන්ද මේ හදිසිය
යාමට
කිම ද මේ
ඔබැසිපිය මතැති තෙත.....?

ඉඟියක්වත් වේද කිසියම් නුඹ තුළ
කුමක්දැයි අසනු රිසි වදන්
මා මුවින්....
නිබඳව ම මහද තුළ
රළ නගන වදන් කඳ
නුඹ අසල නිහඬ වන......

දුර සිටින විටදි නුඹ
මියුරු ගීත නුවක් තුළ රැඳුනු
රහසක් ව
අනුනාද වෙයි ම සිත
නුදුරු වන විටදි නුඹ
ඔය බැළුම්
ගොළුකරවයි
මා මුවග
එහෙත් දිදුළයි එවදන්
තරු මෙන්
ම හද නම්
රෑ අහස් ගැබ.....
අනුවාදය - යසනාත් ධම්මික බණ්ඩාර.
තවත් කොටසකින් නැවත හමු වෙමු.
-         යසනාත් ධම්මික බණ්ඩාර   -

3 comments:

  1. අගෙයි............... සතුටුයි

    ReplyDelete
  2. ස්තූතියි ධම්මික....බොහොම සුන්දර ලියවීල්ලක්....:)

    ReplyDelete
  3. හරිම අපූරුයි
    පරක්කු වුණත් කියවන්න හිතට හරිම අපූරු හැගුමක් දැනුන...
    ජයවේවා

    ReplyDelete