Auschwitz යනු දෙවන ලෝක යුධ සමයේ නාසීන්ගේ ජර්මනියේ
පිහිටුවා තිබූ රැඳවුම් කඳවුරු( Nazi concentration camps)ජාලය සහ සමූල
ඝාතන කඳුවුරු (extermination camps) ජාලයට යෙදුනු
නාමයයි. මෙවැනි කඳවුරු Auschwitz
I (ප්‍රධාන කඳවුර), Auschwitz II–Birkenau (රැඳවුම් සහ
සමූල ඝාතන කඳවුරු සංකීර්ණයකි) Auschwitz III–Monowitz (වැඩ කඳවුරකි) ආදී වශයෙන් විවිධ
ස්ථාන වල පිහිටා තිබුණි. මේ හැර ඒ හා බැඳුනු කුඩා කඳවුරු 45 ක් පමණ විය.
1940 දී පළමුව
Auschwitz I
කඳවුර ඉදිකළේ දේශපාලන විරුද්ධවාදීන් සහ විවිධ සමාජ
සංවිධානවල තම මතවාදයන්ට විරුද්ධ අදහස් දැරූවන් සිර කොට රඳවා තබා ගැනීම පිණිස ය.
1941 දී එතුළ පළමු සිරකරුවන් සමූල ඝාතනය සිදු විනි.
Auschwitz II–Birkenau කඳවුරු යුදෙව්
විරෝධය යුදෙව් පිලිකුල් කිරීම අනුව ඔවුනට අවසාන විසඳුම (අවසාන ඉරණම) දෙන නාසීන්ගේ ප්‍රධාන
කඳවුර බවට පත්විය. 1942 මුල් භාගයේ සිට 1944 දක්වා බඩු දුම්රිය මගින් ජර්මනියේ සහ
ජර්මනිය විසින් අල්ලාගෙන සිටි රාජ්‍යයන්ගේ සිටි යුදෙව්වන් සමූල ඝාතනය කිරීම සඳහා
මෙම කඳුවුරු වෙත ගෙන ආ බව සඳහන් වෙයි. එම කඳවුරු තුළ පිහිටවා තිබූ ගෑස් කාමර තුළදී
ය ඔවුනගේ අවසන් හුස්ම වා තලයට මුසු වුනේ. ඒ සඳහා ඔවුන් Zyklon B
නම් කෘමිනාෂක වර්ගය යොදා ගත් බව කියවේ.
Auschwitz තුළ අවමයෙන් මිලියන 1.1 සිරකරුවන් මරා
දැමුණු බව වාර්තා වෙතත් එය මිලියන 1.5 ක් වන බවටද මතයක් ඇත. ඉන් 90% ක්ම යුදෙව්වන්
වන අතර පෝලන්ත ජාතිකයින්, රෝමන් ජාතිකයින්, සෝවියට් සිරකරුවන්, යොහෝවාගේ සාක්ෂිකරුවන්(
එනම් වූ ආගමික නිකාය ) සහ සම ලිංගිකයින්ද මරු දැමුනු අනෙකුත්අය අතර වෙයි.
6000-7000 අතර
කාර්ය මණ්ඩලයකින් මේ කඳවුරු ජාලය පවත්වාගෙන ගිය අතර පසුව ඔවුන්ගෙන් සෑහෙන ගණනකට
යුධ අපරාධ චෝදනා යටතේ දඬුවම් ලැබිනි. මේ කඳවුරු ජාලයේ අණ දෙන්නා වූයේ Rudolf Höss ය. අවසානයේ
ඔහුට ද අත් වූයේ එම ඉරණමම ය.
කොතරම්
ආරක්ෂාවක් සැලසුව ද, කොතරම් කුරිරු වධ බන්ධනයන්ට ලක් කළ ද, අසුවුවහොත් ලැබෙන
දඬුවම් මොන තරම් නම් දරුණු වේදැයි දැනගෙන සිටිය ද මෙහි සිටි සිරකරුවන් ගෙන් 144 ක් පමණ දෙනෙකුට සාර්ථකව බේරී පලා යාමට සමත්
වූ බව ද වාර්තා වේ.
මේ හැර සිර
කරුවන් විසින් දියත් කළ අසාර්ථක ඉතා කෙටි වේලාවක් තුළ මර්ධයට ලක් වුණු නැගී සිටීම්
දෙකක් ද වාර්තා වී ඇත.
සෝවියට් හමුදා
1945 දී මෙම කඳවුරට ළඟා වූ අතර ඊට පෙර එහි සිටි සිරකරුවන්ගෙන් වැඩි දෙනෙකු ඉන් ඉවත්කර
මරණය කරා දක්කා තිබුණි. මෙම කඳවුර 1945 ජනවාරි 27 දින සෝවියට් හමුදා අතට පත් වූ
අතර එවිට එහි සිටි සිරකරුවන් හට නිදහස ලැබින.
කෙසේ වෙතත්
මෙම කඳවුර සහ එහි පිවිසුම් දුම්රිය මග සෝවියට් හමුදාවන් අතට පත් වීමට පෙර
ජර්මානුවන්හට බෝම්බ හෙලා විනාස කිරීමට නොහැකි වීම පිළිබඳව ඇත්තේ කිසියම් කුකුසකි.
Auschwitz I
ජර්මනිය
විසින් අතපත් කර ගෙන තිබූ පෝලන්තයේ කොටසක පිහිටුවා තිබුණි. මෙය ඉදිකිරීම ඇරඹුනේ
1940 දී ය
.
.
මෙම පළමු
කඳවුර පසුව මෙම කඳවුරු ජාලයෙහි ප්‍රධාන කඳවුර බවටද පත් විය.
Auschwitz II-Birkenau
පළමු කඳවුරේ
ඇති තද බදය සැහැල්ලු කිරීම සඳහා මෙම දෙවෙනි කඳවුර ඉදිකිරීමට යෝජනා විය. එය ඇරඹුනේ
1941 දීය.
ඇරඹුමේදී
50000 ක් රඳවා තැබිය හැකි ලෙස එය ඉදිවුවත් පසුව 150000ක් රැඳවිය හැකි පරිදි පුළුල්
කරණ ලදි. එහෙත් 150000 ට ඉඩ තිබුණ කඳවුරේ 200000 පමණ රඳවා තැබූ බව ද සඳහන් වෙයි.
මුළින් එම
කඳවුර ගෑස් කුටි 4 කින් සමන්විත විය.
පසුව එහි එක්
කුටියක් වෙනස් කොට මරණ ෆැක්ටරියක් බවට පත් කරණ ලදි. එහිදී ගෑස් මගින් පුළුස්සනු
වෙනුවට Zyklon B
නමැති මරණීය විෂ සහිත සයනයිඩ් අඩංගු කෘමිනාශකය භාවිතා
කරණ ලදි.
වාතය ගමන් නොකරණ
දොරවල්යොදා සැකසූ මේ කුටියට සිරකරුවන් ඇතුල් කර ඊට Zyklon B විසුරුවා
දොරවල් වැසූ පසු විශේෂ පොම්ප මගින් එහි ඇති වාතය ඉවත් කිරීම සිදු විය.ඒ අනුව
ආසනික් ආඝ්‍රාණය වීමද හුස්ම ගැනීමට අවශ්‍ය වාතය නොමැති වීමද නිසා සිරකරුවන්
අනිවාර්ය මරණයට ගොදුරු විය.
පසුව මේ ක්‍රමය
ම අනුගමනය කරමින් අංක 3/4/5 ලෙස තවත් ගෑස් කුටි ඉදිවිය.
Auschwitz III - Monowitz concentration camp
මෙය ජර්මනියේ
මොන්විට්ස් නගරයේ ඉදිව තිබුණි. මෙහි ප්‍රධාන ම අරමුණ වූයේ යුද්ධය සඳහා අත්‍යවශ්‍යව
තිබුණු කෘතිම රබර් කර්මාන්ත ශාලාවට අවශ්‍ය ශ්‍රම බලකාය සැපයීමයි.
මෙම කර්මාන්ත
ශාලාව සදහා මුළින් Auschwitz
I හි සිට
සිරකරුවන් කි. මී. 7 ක දුර ගෙවා දින පතා සේවය සඳහා ගෙන ගිය ද පසුව මෙම කඳවුර නිසා ගමනට
වැය වන කාලය අඩු කර වැඩි කාලයක් සේවය සඳහා යෙදවීමේ හැකියාව ලැබුණි. එසේම සේවක සංඛ්‍යාව
විශාල වශයෙන් ඉහළ නැංවීමට ද මේ නිසා හැකියාව ලැබුණි.
කොතෙක් වැඩ
ගත්තද ඔවුනට සැලකුවේ අන්ත විදිහටය. දෙගුණයක්
වැඩ ගත් ඔවුනට කන්නට බොන්නට දුන්නේ දිනක අවශ්‍යතාවයෙන් අඩකි. මේ නිසා එහි
සේවය කළ 35000 පමණ අයගෙන් 25000 පමණ ම මන්දපෝෂනය නිසා මිය ගොස් ඇත.
අන්තර්ජාලයෙන්
තොරතුරු සොයාගෙන මේ දිගු හැඳින්වීම ලියන්නට සිත් වූයේ වෛද්‍ය
රුවන් එම් ජයතුංග (Dr Ruwan M
Jayatunge) ගේ අපූරු ඉංග්‍රීසියෙන් ලියන ලද කවියක්
දැකීමෙන් අනතුරුව ය.
එය ලියැවී තිබුණේ මේ කඳවුරු ආශ්‍රිත වද බන්ධනයන්ට ලක් වූ සිරකරුවෙකුගේ
අතීතාවර්ජනයක ස්වරූපයෙනි.
අල්ලා ගත් දින සිට
ලද කටුක අත්දැකීම්ද, අනතුරුව සිය මවු පියන් පමණක් නොව සිය ආදරණීය සිඟිති නැගණිය පවා දෑස් ඉදිරිපිටදී ම මරණයට ලක්වන අයුරු ද, තම නෑයින් හෝ හිතවතුන් නොවූවත් ලක්ෂ
සංඛ්‍යාත මිනිස් වර්ගයා සිය දෑස් ඉදිරිපිට දහස් දුක් විඳ මරණයට ලක් වූ අයුරු ද
ඔහුගේ අතීත මතක උරුමයන් බවට පත්ව ඇත. එමෙන් ම දිවි අහිමි වන දින කෙදිනද යනුවෙන් නොදත්
ඔවුන් සතුන්ට අන්ත සැලකිලි ලබමින් විඳි අපමණ ගැහැට කුරිරු කම් ඔහු සතු තවත් අතීත
දායාදයකි. මේ සියල්ල අතර තුර සිය සිඟිති නැගනියගේ සුරතල් සිනහවන් ඔහුට සිහිවන්නට
ඇත. ඒත් ඒ කොපමණ සුළු වෙලාවකටද... සැනෙන් ඔහු මතකයට නැගෙන්නේ සිය දෑස් ඉදිරිපිට
ඔවුන් මරා දැමුණු අයුරයි.
මා ඉහත
සටහනින් ලියා ඇති දෑ ඔහුගේ කවෙන් කොතරම් හොඳින් නිරූපනය ව ඇති දැයි ඔබට ම පැහැදිලි
වනු ඇත. මේ එම කවයි.
Auschwitz Poem
My
heart cried
When
my feet touched Auschwitz
Although
many years have passed
It
seems like yesterday
I
was brought here
Along
with my family
We
traveled three nights in a cattle train
Fully packed and had no space to move
When
my little sister asked for water
I
gave my water bottle with a small loaf of bread
Then
she slept on my lap
But
I was awake all the time
When
the train stopped
The
Doors were opened
There
were no welcome signs
The
SS men came with guns and dogs
SS-Totenkopfverbände
greeted no one
When
I saw Sonder- Commanders
I
could read their eyes
They
moved like living dead
Gave
no word or smile
It
was winter and I felt cold
I
took a deep breath
My
inner mind whispered
You
have come to the land of death
When
the Commandant came
We
were separated
Some
went to the labor camp
And
the others to the gas chamber
They
gased my parents
Along
with my little sister
Their
ashes were scattered
All
over Auschwitz
Countless
nights
I
lived with the memory of my family
I
worked all day long
But
we were under fed
Famine
and cold
Fear
and beatings
Humiliations
and torture
Every
single day
We
experienced death
There
was no hope
There
was no salvation
Only
option left was
The
electrified fence
After
many years
We
heard rumors
The
War is going to end
And
the Red Army is moving towards Berlin
In
the final days of the War
The
Nazis were frantic
Joshua
said
They
might terminate us all
On
the 27th
January 1945
The
Red Army came to Auschwitz
Many
of us were walking skeletons
They
gave us food
And
said soon the War will be over
Many
became astonished
But
my feelings were numbed
On
the day of the liberation
Auschwitz survivors were parted
Many
went to their homes
But
I had no place to go
Because
my family was no more
With
Joshua I moved to Santa Barbara
Many
years after the war
Again
I came to Auschwitz
Not
as a prisoner this time
But
as a witness
This
is the place they eliminated my entire family
I
recalled my parents and little sister
They
went through the gas chimney
Without
telling me good bye
I
tightly held Joshua’s hand
When
I saw the remnants of the gas chamber
I
felt despair
I
had no tears to cry
I
could hear many voices in this place
Million
and half
Men
women and children
Who
were murdered by the Nazis
Then
I clearly heard my little sister saying
Sara
thank you for coming to see me
I
closed my eyes
I
wanted to be alone
Why
did they do this to us?
Why
Why ?
If
I could speak to the whole world
I
would say a few words
Please
do not let it happen
Never
again
Never
again
-
Dr Ruwan
M Jayatunge -
මෙම කව දුටු
පළමු මොහොතේ ම මට මතක් වූයේ වෘකයන් අතර නග්නව නව කතාවයි. බ්‍රෑනෝ ආපිට්ස් ගේ එම
නව කතාවේද කියවෙන්නේ මෙවැනි ම දෙයක් නොවේද?
එහෙත් එය නව කතාවකි. එහි වචන ඔනෑම ගණනක් භාවිතා කරමින් සිය අදහස් දීර්ඝව
විස්තර කරමින් හැඟීම් ගොඩ නැගීමට නව කතාකරුවාට හැකියාව ඇත. එහෙත් කවියාට එසේ නොවේ.
ඔහුට ඇත්තේ සීමිත වචන සංඛ්‍යාවකි. අනවශ්‍ය දිගු කිරීම් කළ නොහැක. වාක්‍ය රටාව
නිදහස් නොවේ. රිද්මයක් රඳවා ගත යුතුය. ගලායාමක් තිබිය යුතුය. කාව්‍යාත්මක ගුණය තිබිය
යුතුය. ඒ සියල්ල රකින අතරේ අර හැඟීම ද තිබිය යුතුය. වෛද්‍ය ජයතුංග එය සාර්ථක ව ඉටු කර ඇත. කොටින් ම එම අත්දැකීම නොලද අත් විඳීමක් මත ඔහු එය ලියා ඇත ද අත්දැකීම් ලදතරමට ම සංවේදීව එය ලියා ඇතැයි කිව යුතුය.
එම හැඟීම් හැකි
තාක් රැකෙන අයුරින් එය සිංහලට නගන්නට මා ද උත්සාහ කළෙමි. එය කොතෙක් සාර්ථක වුණිදැයි
තීරණය කළ යුත්තේ කියවන විඳින අයයි. කෙසේ වෙතත් මේ සිංහලට නැගීම තුළ කාව්‍යාත්මක බව
රැකීමට සෑහෙන ව්‍යායාමයක් කළ යුතු වූ බව ද කිව යුතුය. එහෙත් සංස්කරණ ව්‍යායාමයන්
කිහිපයකට අනතුරුව යම් තැනකට එය ගෙන එන්නට හැකි විනැයි සිතමි.
සිංහලට නැගූ කව
පමණක් පළ කරණු වෙනුවට ආශ්‍රිත පැහැදිලි කිරීමේ සටහනක් කරන්නට හිතුනේ කියවන්නාට
වඩාත් පහසු වෙන ලෙසටය. ඉදින් මේ ඉහත කව සිංහලට පෙරලන්නට මා ගත් උත්සාහයයි.
Auschwitz Poem - Dr Ruwan M Jayatunge
රිදුම් දෙයි
මහද
පය ගැටෙන
වාරයක් වාරයක්
පාසා
මේ ඔෂ්විට්ස්
කඳවුරු බිම....
ගෙවී ඇති මුත්
බෝ කල්
හැඟෙනුයේ
තවමත්
ඊයේ පෙරේදා
මෙනි.....
ගෙන ආවේ මා
මෙහි
පවුලේ අන් අය
ද සමගිනි.....
මව.......පියා......
සහ සිඟිති
නැගණිය ද......
රාත්‍රී තුනක්
දිගු
වෙහෙසකර ගමනක්
වීය එය
හරක් පටවන
දුම්රියක
කිටි කිටියේ
තද බදව
මරන්නට ගෙනි
යන
හරකුන් සේ ම
තද බද ව.....
කොතරම් තද බද
වී ද එය
අත පය බැඳ
දැමුවාක් වැන්න
නොබැන්ද
ද.....
මා සිඟිති
නැගණිය
පිපාසිතව දිය
උගුරක් ඉල්ලා හඬන විට
දිය උගුරක් ද
කුඩා පාන්
කැබැල්ලක් ද ඈට දුනිමි
අනතුරුව ඈ
මා ඇලයේ හිස
හොවා නින්දට වන්නීය...
නමුදු මම
මුළු ගමන
පුරාවට ම
අවදියෙනි....
දුම්රිය තැනක නැවතුනි.....
හැරුනි
දොරවල්.....
පිලිගැනීමක
ලකුණකුදු නොමැති
නැවතුමක.....
භටයින්
පැමිණියේ
අත
තුවක්කු පමණක්
ගෙන නොව
බල්ලන්ද රැගෙන
ය......
S
S හමුදාවේ
“මරණයේ හිස” නම් අනු ඛණ්ඩය......
සුබ නොපැතී
කිසිවකුටත්
ඔවුන්......
වරක් දුටු
සැනින්
අණ දෙන්නන්
කියවා ගත හැකි
විය
මට
ඔවුනගේ
ඇස්........
මට ඔවුන් පෙනුනේ
ජීවිත් වන මළ
මිනී සේ ය
සිනහවක් තබා
වචනයකුදු
නොදොඩන....
එය ශීත
සමයයි....
මා ශීතලෙන්
වෙවිළූ......
මා
ළය පුරා
ගැඹුරු
හුස්මක් අරගතිමි
යටි සිත මට
මිමිනුවේය.......
ඔබ
මරණයේ බිම්කඩට
පැමිණි ඇත....
අණ දෙන්නා පැමිණ
විට
වෙන් වන්නට
සිදු විය අපට
සමහරුන් ට වැඩ
කඳවුර.....
සමහරුන් ට
ගෑස් කුටිය....
මවට ද පියාට ද
සිඟිති
නැගණියන්ට ද
උරුම වූයේ
ගෑස් කුටිය ය......
මට සදා වේදනාව
ය......
අනුකම්පා
විරහිතව.......
සිඟිති
නැගණියට පවා......
ගෑස්
කුටිය.........!
සැනෙන් ඔවුනගේ
අළු
කඳවුරේ සැම අත
ම විසිරින...
ගණන ගැන
හැඟිමක් නොමැතිව
මූසල දීර්ඝ
රාත්‍රීන් පහන් කළෙමි......
ඒ හැම රැයක ම
මගෙන් උදුරා
ගත්
මව පියා...
සිඟිති නැගණිය
සිහි වින....
වැඩ... වැඩ...
වැඩ....
සෑම දිනකම
නොනවත්වා එක
දිගට
වැඩ... වැඩ...
වැඩ....
හැම දවසම බොහෝ
සේ දිගු විය...
කුසට
අවැසි අහරින්
අඩක් පමණක්
ලබමින්
ඒ සෑම දිගු
දිනකම තිබුණේ
වැඩ...
වැඩ...
වැඩ......
අහේනිය සහ
ශීතල........
පහරදීම් සහ
භීතිය........
නින්දා කිරීම්
සහ වධ බන්ධන.......
සෑම දිනකම
අත් විඳි
මරණයේ
භීතිය......
පැතුම්සහගත
බවක
සලකුණක්වත්
නොතිබුණි........
ගැලවීමක
සේයාවකුදු......
තිබුණේ නම්
මගක්
නිදහස වෙත
හැකි
ඒ මග වැටී
තිබුණේ
විදුලිය කැවූ
වැට මතිනි......
අවෑමෙන්
වසර ගණනක්
අසන්නට ලැබුණි
කට කතා
යුද්ධය නිමාවන
බව ගැන
රතු හමුදා
බර්ලිනය දෙසට
එනයුරු ගැන
ප්‍රාර්ථනාවේ
කට කතා.....
යුද්ධයේ අවසාන
දින වල
නාසීන්
තව තවත් වියරු
වැටින
ජෝෂුවා නම්
කීවේ
උරුම කර දේවි
යැයි සැමට ම
මරණය.......
හතලිස් පහේ
ජනවාරි විසි
හත......
කඳවුර රතු
හමුදාවන් අතට......
එහෙත් ඒ වන
විට
අපි හැමෝම
ඇවිදින
ඇටසැකිලි බඳු විය......
ඔවුන් අප වෙත
සැපයීය.....
අහර ද......
පැන් ද......
සියල්ලට ම වැඩි
වටිණ
නිදහස ද.....
ඒත් සමගම දුන්
යුද්ධයේ
නිමාවේ පණිවිඩය.......
හැම දෙනම පාහේ
පුදුමෙනුත්
පුදුමයට පත් වුණි....
එහෙත්මා
සිතුවිලි පමණක්
හිරි වැට්ටවීය
ඉන්.......
නිදහස ලැබුණු
ඒ දින
මරණු බැරි වී
ඉතිරි කළ වුන්
වෙන්ව ගියහ
දසත.......
බොහෝ අය සිය
නිවෙස් වලට.......
එහෙත් මම
කොහි යම්
ද.....?
මට පවුලක්
නොවුනි......
ඔවුන් මගේ
පවුල උදුරාගත් බැවිනි.......
ජෝෂුවා සමග මම
ගියේ
ශාන්ත බාබරා
වෙත ය......
යුද්ධයෙන්
බොහෝ කලකට පසුව
බොහෝ කලකට
පසුව
නැවත මම
ඔෂ්විට්ස් වෙත ආමි
එහෙත් මෙවර
ආවේ
සිරකරුවකු
ලෙසින් නම් නොවේ......
සාක්ෂිකරුවකු
වශයෙනි......
මේ භීම
භූමිය......
ඔවුන් මා
ළබැඳි සැමගේ
දිවි තොර කළ
භීම
භූමිය........
මා මගේ මවු
පියන්
සහ සිඟිති
නැගණියන්
සිහි කළෙමි
මේ බිමේ
ගෑස් කාමර
චිමිනියේ කවුළු අතරින්
ස්වර්ගයට යන
ලද්දාහුය ඔවුහු.......
මට ආයුබෝවන්
වත්
නොකියාම
ස්වර්ගයට යන
ලද්දාහුය ඔවුහු.......
සුන් බුන් නෙත
ගැටුණු විට
ගෑස් කාමරයේ
ජෝෂුවාගේ අත
තදින්
මිරිකුනේ නිතැතිනි.......
මේ මගේ
ළබැඳියන්
මැරූ
තැන.......
මට දැනුනේ
නෂ්ටාපේක්ෂාවකි....
හැඬුමට නොවිනි
කඳුළක්
මා නෙත....
මේ බිමේදී මට
විවිධ හඬවල්
ඇසෙනු දැනුනි.....
මිලියනයකුත් භාගයක්
ගැහැණුන් හා
පිරිමින් ගේ
හා
ළමා ලපටින්ගේ
නාසීන්ගෙන්
මැරුම් කෑ.......
ඒ සියල් හඬ
අතුරින්
මා සිඟිති
නැගනියගේ හඬ ද
පැහැදිලිව මට
ඇසින......
සාරා......
ස්තුතියි
ආවාට......
අපිව
බලන්නට......
මම
මගේ ඇස් තදින්
වසා ගතිමි......
මට තනි වෙන්නට
අවැසි විය.......
කිව හැකිද
නුඹලාට........
ඇයි නුඹලා
අපිට මෙසේ කළේ.......
ඇයි..............?
ඇයි..............?
හැකි නම් හඬ
නගන්නට
ලෝකෙට ම
ඇසෙන්නට
ඇත්තේ වචන
කිහිපයයි කීමට......
කිසි දිනක
නැවතත් ඉඩ නොදෙනු
එවැන්නකට......
කිසි දිනක
නැවත.......
කිසි දිනක
නැවත.......
අනුවාදය - යසනාත් ධම්මික බණ්ඩාර.
Auschwitz නොව
ReplyDeleteBuchenwald හා Sachsenhausen හී
ඇවිද ගොස් ඇත්තෙමි
වද වේදනා වල සිහින් කෙඳිරිලි
හෙමිහිට ඇසෙන විට
නැවතී අසා උන්නෙමි
පාළුවට ගිය දුම්රිය වේදිකාවේ
ඉඳගන උන්නෙමි
ඈතින් එන දුම්රියක හඬින්
තිගැස්සුනෙමි..
පීල්ලට අත තබා
කඳුළක සීතල
හඳුනා ගතිමි...
සැත්කම් මේසයක් මත
කැඩුණු පිඟන් ගඩොලක
පලුද්දක් දුටිමි
ඈත නිල් අහසේ
කළුදුම් වලාවන් ඇතිදැයි
සැකයෙන් බැලිමි
අගුළු ලූ කුටිවල
යකඩ කූරු අතරින්
සුසුමක උණුහුම දැණුනි..
පුංචි ගල් කැට
පේලියට තබා
ගෑස් කුටියේ
වීදුරු කවුළුවෙන්
එබී බැලුවෙමි....
දූවිලි පිරුණු
කුටියේ කෙලවරක
යකඩ ඇණයක්
බිම වැටී තිබුණි...