(“වික්ටර් නැතිව
වික්ටර් දකිමු” නමින් වික්ටර් රත්නායක මහා කලාකරුවාණන්ගේ ගීත පිළිබඳව ම විසින් ආරම්භ කර පවත්වාගෙන
ගිය සහ අදටත් ලැබෙන ඇරයුම් මත පවත්වන,
හඬ පට සහ රූප
පට උපයෝගී කර ගනිමින් ඉදිරිපත් කරන ගීත රස වින්දන වැඩසටහනේ පිටපතයි මේ. ඉදිරිපත්
කීරීමේ සහ කියවීමේ පහසුව සඳහා මෙය කොටස් කීපයකට
පළකරන්නට තීරණය කළෙමි. )
වික්ටර් රත්නායක කියන ගායකයා,
සංගීතඥයා සහ රසවතා යන තෙවැදෑරුම් පුද්ගලයාගේ ගීත සහ නිර්මාණ ගැනත් ඔහු ගැනත් මෙතැන් සිට හෝරා දෙක තුනක් අපි සංවේදී වෙමු. හැබැයි අප ඉදිරියේ වික්ටර්
නැතිව. වික්ටර් මෙතැන නැතිවුණත් ඔහුගේ
නිර්මාණ තුළින්
අපට ඔහුව දැකගන්න පුළුවන්. ඒ නිසයි මෙම වැඩසටහන “වික්ටර් නැතිව වික්ටර් දකිමු” කියල නම් කළේ. වික්ටර් සංගීතවත් කළ ගීත ඔස්සේ
වික්ටර් කියන සංගීතඥයා අපට දැකගන්න පුළුවන්. වික්ටර් ගායනා කළ ගීත ඔස්සේ වික්ටර් රත්නායක කියන ගායකයා අපට දැකගන්න පුළුවන්. වික්ටර් සංගීතවත් කිරීමට සහ
ගායනා කිරීමට තෝරාගත් ගීත සහ ඒවාගේ
පසුබිම විමසා
බැලූ විට වික්ටර් රත්නායක කියන රසවතා අපට දැකගන්න පුළුවන්. මේ නිර්මාණ විමසන කළ වික්ටර් මෙතන නැති
වුවත් වික්ටර් කියන්නේ කුමන ආකාරයේ
කලාකරුවෙක්ද
කියලා දැකගන්නවාට අමතරව කලාව යා යුතු මඟ කුමක්ද කියන එකත් කෙමෙන් පසක්වෙනවා.
කලාව ආනන්දයෙන් ඇරඹී ප්‍රඥාවෙන්
අවසන්විය යුතුයි කියල එක් මතයක් තිබෙනවා. සෑම කලාකෘතියකටම මේ ඇරඹුම සහ අවසානය පොදු නොවෙන්න පුළුවන්. ඒත් කලාව, ආනන්දය හා ප්‍රඥාව අතර පරාසය තුළ හෝ තිබිය යුතුයි. මම
එහෙම කියන්නේ ආනන්දයවත් ප්‍රඥාවවත් නැති නිර්මාණ අද දවසේ රසිකයින් අතර ඉහළින් වැජඹෙන නිසා. හරියටම එදා ඉදිරිපත් වූ මේ
නිරිමාණවල රසය හඳුනාගත්තොත්, කෙනෙක් කලා නිර්මාණ කියලා වර්තමානයේ වැජඹෙන්නේ
කලා නිර්මාණ නොවන බව පසක්කර ගන්නවා.
ඉතින් වික්ටර්
රත්නායක කියන කලාකරුවාගේ නිර්මාණ විමසන්නට අප පෙළඹෙන්නේ ඔහු ඉතා පුළුල් පරාසයක් තුළ තම නිර්මාණ
දහරාව විසුරුවා හැරි කලාකරුවෙක් වන
බැවිනුයි.
ඔහුගේ නිර්මාණ වලින් කිහිපයක් ගෙන විමසූවිට පවා නියම කලා නිර්මාණ යනු මොනවද, නියම කලාවේ රසය කුමක්ද කියා වැටහෙනවා. මට ගීත රචකයෙකු වන්නට වික්ටර්
රත්නායකත් ලොකු හේතුවක් වුණා කියලා බොහෝ
වෙලාවට මට
හිතෙනවා. මට එහෙම හිතෙන්නේ මට මුලින්ම දැනුණු ගායකයා ඔහු නිසයි. මුලින්ම දැනුණු ගීත ඔහුගේ නිසයි.
ගීතවල රසය කියන එක මුලින්ම තේරුමක්
සහිතව මගේ හිතට ඇතුළුවුණේ 1975 දී මට වයස අවුරුදු 7
දී මගේ පුංචි
අම්මගේ අතේ එල්ලිලා කුරුණෑගල පුරහලට ගිහිල්ලා
වික්ටර් ගේ “ස” ප්‍රසංගය පළමු වතාවට
බැළුවට පස්සේ.
අනතුරුව විකටර් ගේ “ ස ” ප්‍රසංගය බැලූ වාර ගණන බොහෝයි. මට වගේම තවත් විශාල රසික පිරිසකට ගීතවල රසය කියන එක වඩ වඩාත් තේරුණේ වික්ටර් නිසා කියල මට හිතෙනවා.
අපි මේ ගීතයෙන් පටන් ගනිමු.
අඹ
ගස් යට මල් හැලිලා
සුවඳේ බැරුවා ඉදින්ට
ඒ අඹ මල් සුවඳ දිගේ
වන බඹරෝ රොනට එන්න
සුවඳේ බැරුවා ඉදින්ට
ඒ අඹ මල් සුවඳ දිගේ
වන බඹරෝ රොනට එන්න
මගෙ
බඹරිය පැළේ දමා
එන්නට බෑ අඹ වනයට
මුසා බසින් මා නොතලා
එන්න සුවඳ මල් හෙවනට
එන්නට බෑ අඹ වනයට
මුසා බසින් මා නොතලා
එන්න සුවඳ මල් හෙවනට
බඹරු
නැත්ද අඹ වනයේ
ඔබේ සිතට ගතට ඔබින
අන් බඹරුන් ඕනෑ නෑ
ඔබයි මගේ පැතුම් විමන
ඔබේ සිතට ගතට ඔබින
අන් බඹරුන් ඕනෑ නෑ
ඔබයි මගේ පැතුම් විමන
ගේය පද :-
මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය :-
වික්ටර් රත්නායක
ගායනය :-
වික්ටර් රත්නායක සමඟ නිර්මලා රණතුංග
ගීතය මෙතැනින් රස විඳිමු.
බලන්න ඒ ගීතයේ ඇති අපූරු යෙදුම්. මහා
අරුතක් නොමැති වුවත් එහි අපූරු
සෞන්දර්යයක්, චමත්කාරයක් ගැබ්ව තිබෙනවා. “අඹ ගස් යට මල් හැලිලා - සුවඳේ බැරිවා
ඉඹින්න” සුන්දර ප්‍රේමණීය
පරිසරයෙන් මත්වූ යෞවනයෙක්
එහෙම කියනවා. ඒ
යෞවනයාට මත්වූ යෞවනියක් ඔහුට ඇරියුම් කරනවා මෙලෙස “ඒ අඹ මල් සුවඳ
දිගේ වන බමරෝ රොණට එන්න...” ඇරියුම එකහෙලා
පිලිනොගන්නා යෞවනයා ඇයගේ සිත මදක් කනස්සල්ලට පත් කරන්න හිතනවා. එහෙම තමයි ඒ ප්‍රේමය සුන්දර වෙන්නේ. ඔහු කියනවා මට බමරියක් සිටිනවා මගේ පැලේ ඇයව දමා එන්න විදිහක් නැති
බව අඹ වනයට. “මගෙ බමරිය පැලේ
දමා එන්නට බෑ අඹ වනයට” කොහොමද අද එහෙම
ඔහොම කතාවක් කිවුවොත්. එදා ඒක ඒතරම් ගැටළුවක් වෙන්නේ නෑ. ඇය දන්නවා ඔහු එලෙස කියන්නේ ඇයව
ඇවිස්සීමේ අදහසින් බව. එනිසා ඇය ඔහුගේ ඒ
මුසාවට කලබල
වෙන්නේ නැතිව මෙහෙම කියනවා.
“මුසා බසින් මා නොතලා එන්න සුවඳ මල්
හෙවනට........” බලන්න කොයිතරම් නම් සුන්දරද කියලා. නැවත ඔහු ඇයව ඇවිස්සීමේ අදහසින් අසනවා “බමරු නැද්ද අඹ වනයේ ඔබේ සිතට ගතට ඔබින” එතකොට ඇය කියන්නේ නෑ ඔව්..ඔව්.. ඕනෑ තරම් ඉන්නවා මට ඔහේ නැතිවට කියලා. ඇය ඉතා මෘදුව සහ සෘජුව කියනවා තමන්ගේ
හැගීම් මෙලෙස. “අන් බමරුන් ඕනෑ
නෑ ඔබයි මගේ පැතුම් විමන” මේක තමයි
වික්ටර්ගේ ගීතාවලිය තුළ මා කිවූ සුන්දරත්වය.
වික්ටර් රත්නායක මේ රටේ ජ්‍යෙෂ්ඨතම
කලාකරුවෙක්. එහෙම කෙනෙකුට මම වැනි
දුහුණකු විසින්
යහළුවකු අමතනවා වගේ වික්ටර් වික්ටර් කිය කිය ඇමතීම කෙතරම් සුදුසුද කියලත්
මම කල්පනා කළා. ඒ නිසා වික්ටර් රත්නායකයාණන් හෝ වික්ටර් රත්නායක ශ්‍රීමතාණන් වැනි යෙදුමක් භාවිතා කරන්න හුරුවුණොත් හොඳයි කියල හිතපු අවස්ථා තිබුණා. එහෙම කළොත්
හොඳයි කියල කියපු අයත් හිටියා. ඒත් එවිට
තම නිර්මාණ
ධාරාව ඔස්සේ ජන හදට ඉතා සමීපවූ වික්ටර් රත්නායකයාණන් තරමක් දුරස්ව දැනේදැයි යන අදහස මට ඇතිවුණා.
ඉතින් ඒ නිසා මෙම වැඩ සටහනේදී මම ඔහුව
හඳුන්වන්නේ ඒ
දිනවල සුවහසක් ඔහුගේ රසික කැළ ඔහුව අමතන්නට හුරු පුරුදුව සිටි වික්ටර් කියන නමින්ම යි.
අද මම වික්ටර් ගැන හෝ වික්ටර්ගේ ගීත
ගැන කියන්නේ වෛද්‍යවරයෙකු ලෙසින් නොවේ.
ගීත රචකයෙකු
ලෙසිනුත් නොවෙයි. වික්ටර්ගේ හොඳ රසිකයෙකු විදිහටයි. සාමාන්‍ය මිනිසෙකු ලෙසයි. මම කැමති ගීත ටිකක්
තෝරාගෙන මට හොඳයි කියල හිතුනු
පිළිවෙලකට මම ඒ
ගීත ටික පෙළගැස්සුවා. මම දන්නවා කොහොම පෙළ ගැස්සුවත් මේ ගීත වික්ටර්ගේ නිසා ඉන් ඔබට ඉහළ රසයක් ලැබෙන බව.
1940
ගණන්වල නුවර කඩුගන්නාව පැත්තේ ගමක වාසය කළ රත්නායක
වෙද මහත්තයාට සහ ඒ මහත්මියට දාව 1942 පෙබරවාරි 18 දින පුත්‍ර රත්නයක් උපදිනවා. ඒ පුත්‍ර රත්නයට වික්ටර්
රත්නායක කියලා නම තියනවා. ඒත් ඒ දෙපළ කවදාවත්
හිතන්න නැතිව ඇති එදා වික්ටර්
රත්නායක කියලා
නම් තබපු මේ බිළිඳා පසුකළෙක රටම කතාකරන වික්ටර් රත්නායක කෙනෙකු වෙයි කියලා.
කුඩා වික්ටර්
රත්නායකට උපතින් ලැබුණු හැකියාව බොහෝයැයි හිතෙනවා. ඒ වගේමයි නිර්ව්‍යාජ ගැමි පරිසරයක සැබෑ
ගැමියන්ට දාව ඉපදීමත් වික්ටර් ලැබූ භාග්‍යයක් වුණා. සෞඛ්‍ය දෙපාර්තමේන්තු සේවකයෙකු වුණත් ඊට වඩා තම පියා දක්ෂ ටීටර් ගායකයෙකු වීමෙන් වික්ටර්ගේ ඒ භාග්‍යවන්තබව
තවත් වැඩිවුණා. ටික ටික ලොකුවන පුංචි වික්ටර් පුංචි පුංචි ටීටර් ගීත
කෑලි ගයන්න හුරු වුණා. ඒවා ලස්සනට
ගයන්න පියාත්
කියලා දුන්නා.
කඩුගන්නාවට ඒ කාලේ චිත්‍රපටි ශාලාවක්
තිබුණේ නෑ. ඉස්කෝල නිවාඩු කාලවල
ඉස්කෝලේ
ශාලාවක් පොල් අතුවලින් වට කරලා එක දිගට දවස් ගණනක් චිත්‍රපටි පෙන්නුවා. එහෙම නැතිනම් වික්ටර්ලා
පදිංචිව සිටි කඩුගන්නාව සති පොල අසල
භූමියේ
තාවකාලිකව ඉදිවුණු මඩුවක් මේ සඳහා සැකසුනා. වැඩිපුරම හින්දි චිත්‍රපටි. ඒවා බලන්න වික්ටර් නොගියත්
වික්ටර්ලගෙ නිවස ඒ අසල පිහිටා තිබුණු
නිසාම එම චිත්‍රපටවල ගීත වික්ටර්ටත් ඇහුණා. ඔහු ඒවා
පාඩමින් තාලයට ලස්සනට ගැයුවා. පුත්‍රයාගේ ගායන බුහුටිකම රත්නායක වෙද
මහත්තයා නැතිනම් වික්ටර්ගේ පියා
විසින් මනාව
හඳුනාගත්තා. ඒ වික්ටර් ඉතා කුඩා වයසෙදිමයි. ඒ නිසාම වික්ටර්ගේ නව වන උපන්දිනය දා වික්ටර්ට තෑග්ගක්
ලෙස ලැබෙන්නේ හාමෝනියම් එකක්. ඒ
කියන්නේ
සර්පිනාවක්. ඒ වික්ටර් අතපත්වෙන පළමු සංගීත භාණ්ඩයයි. ඒ දිනවල ඔහුගේ ගමේ මතු නොව අවට ගම් හතක වත් බට
නලාවකට එහා සංගීත භාණ්ඩයක් හිමි
කෙනෙක් හිටියේ
නෑ. ඔහුට ලැබුණු මේ සර්පිනාව තම පියාගේද මගපෙන්වීම යටතේ වාදනය කිරීම අරඹනවා. අදත් වික්ටර් ගී ගයනකොට සර්පිනාව අතහරින්න නොහිතන්නේ මේ නිසා වෙන්න ඇති.
නිසි ගුරුවරයෙකු නැතිව සංගීතය හුරුකරන
වික්ටර්ට හොඳ ගුරුවරයෙකුගේ ඇසුරු
ලැබෙනවා. ඒ
මහනුවර මුල්ගම්පොල එම්. ජේ. පී. කලායතනයට යාමෙන් පසුවයි. සිරිල් පෙරේරා තමයි ඒ ගුරුවරයා. එය සිහ ශක්ති
කණ්ඩායමේ ආනන්ද පෙරේරා, අශෝක පෙරේරා
ආදීන්ගේ පිය
පරම්පරාවට අයත් කලායතනයක් බව මතක්කිරීම වටිනවා.
මේ අතර මා නොදැන සිටි තවත් පුවතක් මෙහි ඇතුළත් කරන්නට සිතුණේ් මේ සටහන් මුහුණු පොතේ පළවීමෙන් අනතුරුව ලැබුණු තොරතුරක් මතයි. තොරතුර ලබා දෙන්නේ තුසිත චමින්ද විලේගොඩ නම් සහෘදයෙකු විසිනි. ඔහු ලියා තිබූ සටහන ඒ ලෙසටම මෙහි අමුණමි.
වික්ටර් කුඩාකල සංගීතය ඉගෙනගෙන තිබෙන්නේ සුගතපාල මාස්ටර් නම් කඩුගන්නාවේ ගුරුතුමෙක්ගෙන්. ඒ කාලයේදීම වික්ටර් සමස්ත ලංකා ගායනා තරගයකින් ප්‍රථම ස්ථානය දිනාගන්නවා. මේ ඒ කුසලානය සහ සුගතපාල මාස්ටර් ඇතුළු පිරිස ඇතුලත් ඡායාරූපය. මෙහි කුඩාම කෙනා තමයි වික්ටර්. සුගතපාල මාස්ටර් යනු අද යොවුන් පරපුරේ ගායකයෙකු වන රොමේෂ් සුගතපාලගේ පියා. මේ විස්තර මා මිතුරු Chaminda Jayatunga Arachchi ගෙන්.
මේ අතර වික්ටර්ට නුවර පැවති එක් ගායන තරගයකට එක් වෙන්න අවස්ථාව ලැබෙනවා. මහනුවර තිබුණු ඒ තරගයට විනිසුරකු ලෙස ආවේ ආර්. ඒ.චන්ද්‍රසේන මාස්ටර්. වාදනයට පැමිණියේ ඒ දිනවල අති දක්ෂ මඬුල්ලක්. කුඩා වික්ටර් ගී ගයන්නට ගත් විට චන්ද්‍රසේන මාස්ටර් විනිසුරෙකු බව අමතකව රසිකයෙකු බවට පත්වෙනවා.
මේ අතර මා නොදැන සිටි තවත් පුවතක් මෙහි ඇතුළත් කරන්නට සිතුණේ් මේ සටහන් මුහුණු පොතේ පළවීමෙන් අනතුරුව ලැබුණු තොරතුරක් මතයි. තොරතුර ලබා දෙන්නේ තුසිත චමින්ද විලේගොඩ නම් සහෘදයෙකු විසිනි. ඔහු ලියා තිබූ සටහන ඒ ලෙසටම මෙහි අමුණමි.
වික්ටර් කුඩාකල සංගීතය ඉගෙනගෙන තිබෙන්නේ සුගතපාල මාස්ටර් නම් කඩුගන්නාවේ ගුරුතුමෙක්ගෙන්. ඒ කාලයේදීම වික්ටර් සමස්ත ලංකා ගායනා තරගයකින් ප්‍රථම ස්ථානය දිනාගන්නවා. මේ ඒ කුසලානය සහ සුගතපාල මාස්ටර් ඇතුළු පිරිස ඇතුලත් ඡායාරූපය. මෙහි කුඩාම කෙනා තමයි වික්ටර්. සුගතපාල මාස්ටර් යනු අද යොවුන් පරපුරේ ගායකයෙකු වන රොමේෂ් සුගතපාලගේ පියා. මේ විස්තර මා මිතුරු Chaminda Jayatunga Arachchi ගෙන්.
මේ අතර වික්ටර්ට නුවර පැවති එක් ගායන තරගයකට එක් වෙන්න අවස්ථාව ලැබෙනවා. මහනුවර තිබුණු ඒ තරගයට විනිසුරකු ලෙස ආවේ ආර්. ඒ.චන්ද්‍රසේන මාස්ටර්. වාදනයට පැමිණියේ ඒ දිනවල අති දක්ෂ මඬුල්ලක්. කුඩා වික්ටර් ගී ගයන්නට ගත් විට චන්ද්‍රසේන මාස්ටර් විනිසුරෙකු බව අමතකව රසිකයෙකු බවට පත්වෙනවා.
ආර්.ඒ. චන්ද්‍රෙස්න මහත්මා |
ආර්. ඒ. චන්ද්‍රසේනයන් නිසා වික්ටර්ට අගනුවර කේන්ද්‍රකොටගත් කලා ලොවේ දොර අගුල් විවර වෙනවා. අනතුරුව ඔහු 1963 දී රජයේ සංගීත විද්‍යාලයට ඇතුළත්ව
සංගීතය හදාරනවා. පසුව 1966 දී සංගීත උපදේශක වරයෙක් ලෙස මුල්ම
පත්වීම ලැබ බණ්ඩාරෙවෙල ඇත්තලපිටිය
මහා විද්‍යාලය
කරා පිය නගනවා. බණ්ඩාරවෙල අවට පරිසරය තරුණ වික්ටර්ව
කුල්මත් කිරීමට සමත්වෙනවා.
එසේම දුම්රියෙන් කඩුගන්නාව සහ බණ්ඩාරවෙල
අතර යන එන කළ වික්ටර් පරිසරයෙන් ලබන
සංග්‍රහය ඉතා
නැවුම්. මනස්කාන්තයි. මේ සොබා සොඳුරු
වටපිටාව තාරුණ්‍යයේ සිටින වික්ටර් තුළ සිටින සංගීතඥයා භාවමය සංවේදනයට ලක් කරනවා. වික්ටර්ගේ හිතේ
ගී තනුවකට ස්වර පෙළ ගස්සනවා. දවසක්
ඔහු එම තනුව තම
මිතුරු සේන ජයන්ත වීරසේකරට මුමුණනවා. වික්ටර් තමන් අත්විඳි ඒ අපූරු සොබා සෞන්දර්යය සේන ජයන්තට කිව්වේ වාචික බසකින්
නොවෙයි. සංගීත බසකින්.
මට නම් එහෙම ගයන්න බෑ. ඒත් ඔහු
මිමිණුවේ මෙන්න මේක. ලලා ලලා
ලලලේ------ ලලා ලලල ලලලේ.-------
ලා ලලලේ ලල -
ලලල ලලල ලල ලල ලල ලල ලලලේ...... එම සංගීත බස සේන ජයන්ත වීරසේකර විසින්
අපූරුවට සිංහල බසට පෙරලපු
අන්දම බලන්න. නැවත එහි සංගීතයෙන් දනවන පරිසර
වර්ණනාවද බලන්න. සංගීත සහ ගීත
රචනා අත්දැකීම මත මෙහි තාක්ෂණික කතාවකුත් කියන්න ඕනෑ. සාමාන්‍යයෙන් මුළින් ගීත රචනාව ලියලා ඊට පස්සේ සංගීතය සැපයීමයි කෙරෙන්නේ. ඒත් මෙහිදී සංගීත රචනාව මුළින් නිර්මාණය
කරලා පසුව පද යෙදීමයි වෙලා
තියෙන්නේ. වික්ටර් තමන් අත්වින්ද සුන්දර
පරිසරයෙන් ලද ආශ්වාදයයි මෙම තනුව නිර්මාණය වීමට නිමිත්ත වුණේ. ඉතින් ඒ සුන්දර පරිසරයේ කඳුකර දර්ශන, හමන සිසිල් සුළං රැලි, මීදුම් සහ වළා පටල ආදියෙන් තමයි ඔහු
නිර්මාණාවේශය ලබන්නේ. අනුන්
වින්ද සුන්දරත්වයක්
මත නිමවූ තනුව තමයි සේන ජයන්ත වීරසේකර තුළ සොඳුරු සංකල්ප රූප මවන්නේ. ඔහු එම තනුවෙහි ඇති රසය උකහා ගනිමින් ඉතා ගැළපෙන අයුරින් ගීතය සඳහා රමණීය පද පෙළක්
නිමවනවා.
“සිසිල් සුලං
රැල්ලේ......
ඔබේ සුවඳ මුසුවේ
ආදරයේ මුදු සිනිඳු පහස ලැබ
හදවත දළු සෙලවේ...........
සිසිල් සුලං රැල්ලේ......
ඔබේ සුවඳ මුසුවේ
සුදු වැලි කතරේ පිපුණු මල වගේ
ලොවු තුරු රස ගංගා
ඈත ඉමේ කඳු අතරේ පාවෙන
අමා සුවය සැදුවේ”.
ගේය පද :- සේන ජයන්ත වීරසේකර
සංගීතය :-
වික්ටර් රත්නායක
ගායනය :-
වික්ටර් රත්නායක
ගීතය මෙතැනින් රස විඳිමු.
ගීතය මෙතැනින් රස විඳිමු
දෙවැනි කොටසට මෙතැනින් පිවිසෙන්න.
වික්ටර් නැතිව වික්ටර් දකිමු දෙවන කොටස
තරුණ වික්ටර් පෙමින් බැඳෙන්නේ තරුණ
චිත්‍රාවන් සමග. පසුව ඇය චිත්‍රා
රත්නායක වෙනවා.
තාරුණ්‍යයේ පළමු පෙම කෙනෙකුට සුවිශේෂව දැනෙනවා. වික්ටර්ලාටත් ඒක එහෙමම වෙන්න ඇති. අමතරව නැවත සුන්දර පරිසරයේ ආශිර්වාදයද ඊට මුහුවෙනවා. මේ පරිසරය තුළ මේ ප්‍රේමවන්තයින්ට
අප්‍රමාණ සොඳුරු මතක සටහන්
ඉතිරිවෙනවා.
ඉතින් මේ සොඳුරු මතක සටහන් ඔස්සේ ලියැවුණ ගීතයකටයි අපි යොමුවෙන්න හදන්නේ.
ඇය හා පෙමින්
බැඳුණු ඒ කාලය තමන් හැදුණු වැඩුණු කරදඬු දික්වුණු සුන්දර පරිසරය සේම සුන්දරයි. ඒ ගැන ලියැවුණු ගීතවලත් ඒ සුන්දරත්වය මනාව ගැබ්වෙලා තියෙනවා. එහෙම වුණේ ඒ වගේම සුන්දර හදවත් ඇති ගී පද රචකයින් ඔහුට ගී ලියූ නිසා විය යුතුය.
සුන්දර චිත්‍රාවන්
තමන්ට හමු වූ ආකාරය වියහැකියි
වික්ටර් මේ ලෙස
ගයන්නේ. ඒක එහෙම වුණත් නැතත් බලන්න එහි ගැබ්ව
ඇති සුන්දරත්වය සහ අපූර්වත්වය.
මම මේ වැඩසටහන සඳහා වික්ටර්ගේ ගීතවල
රූප රචනා හෙවුවා. ඒත් මේ ගීතයට රුප
රචනා මොකටද කියලා
මට හිතුණා. ඇස් දෙක අඩවන් කරගෙන සංගීතය සහ ගැයුම අසන්න. රූප පෙළක් ඔබේ සිතේ ඇඳීමට තරම් එහි යෙදී ඇති සංගීත නාද රටාවන් පොහොසත්. ඒ වගේම මියුරුයි. හෘදයංගමයි. සාමාන්‍ය ගීතයක තියෙනවා සංගීත
නිර්මාණය තුළ ගීතයට පිවිසීමේ සංගීත ඛණ්ඩයක්. එය සංගීත බසේදි අපි ‘ඉන්ට්‍රො එක’ කියලා හඳුන්වනවා. එනම් introduction යන්නයි. අතරමැදි සංගීත කොටස් අන්තරා එහෙම නැතිනම් interludes ලෙස
හඳුන්වනවා. සාමාන්‍යයෙන් පිවිසිමේ සංගීත ඛණ්ඩය
අනවශ්‍ය ලෙස දික්කරන්නේ නෑ.
ඉන්ට්‍රොඩක්ෂන්
එක සඳහා යොදාගන්නේ එතරම් දිග සංගීත ඛණ්ඩයක් නොවෙයි. එහෙත් මෙම ගීතයේ එම සංගීත ඛණ්ඩය විනාඩියක් පමණ දිගයි. ගීතය ඇසුවට පස්සේ තේරෙයි එය අනවශ්‍ය දික්කිරීමක් නොවන වග. මොකද එය
කර ඇත්තේ හිතා මතා නිසා.
මම පෙර කී සුන්දර ප්‍රේමණීය පරිසරයෙහි දිග හැරුණු ඔවුනගේ සුන්දර පෙම් කථාව ලස්සන සංගීත බසකින් හඳුන්වා දීම සඳහා එවැනි
දිග පිවිසීමේ සංගීත ඛණ්ඩයක් යොදා
ගැනීමට
වික්ටර්ට අවශ්‍ය වෙනවා.
අනෙක තනුව සහ
ගායන විලාසය බලන්න. ගීතයේ එක් එක් පාදය තුළ ගායනය වන
ආකාරය සහ රිද්මය වරින්වර වෙනස් වන ලෙසටයි එම
ගීතයේ තනුව නිමවී ඇත්තේ. එම නිසාම
රසිකයා තුළ වඩාත් භාවයක් ඇතිකිරීමට එය හේතුවනවා. ඉතින් අහලම බලමු.
දුර ඈත අතීතේ
කඳු සීත පලාතේ
මල් පිබිදෙන කාලේ
දෙහදක කතන්දරේ......
ආකාසෙ සිඹින නීල වර්ණ කඳුවැටී
සුදු මිහිදුමේ සිහිල් සළුව ඔතාගෙන හිඳී
ගලා හැලෙන ඇල්ලක් ළඟ ඇයව හමුවුණා
ඇගේ දෑසෙ නිල් කැළුම් ආදරේ හැඟුම් හදට
තේරුණා........
ඇත්තටම මේ ගීතය අසද්දී එම ආදරේ හැඟුම්
කෙමෙන් කෙමෙන් ඔහු හදට වැටහෙන අයුරු
ඉතා හොඳින්
දැනවෙන ලෙසින් එහි තනුව සහ ගායනය නිමවී තිබෙනවා. මෙම ගීතය ලියා ඇත්තේ පරමේශ් කෝනේශ් නම් ගීත රචකයෙක්. නමේ හැටියට ඔහු සිංහලයෙක් නොවෙයි. එහෙත් ඔහු මෙම ගීතය
ලියා ඇති වචන මාධූර්යය දෙස බැලූ විට
ඔහු හෙල බසට සහ
හෙලයින්ට කොතරම් සමීපව ඉන්නට ඇතිදැයි හිතාගන්න පුළුවන්. මිලරෝයි ධර්මවර්ධන තමයි මේ ගීතයට අති සුන්දර සංගීත නිර්මාණයක් එකතු කරන්නේ.
ගේය පද :- පරමේශ් කෝනේශ්
සංගීතය :- මිල්රෝයි ධර්මවර්ධන
ගායනය :-
වික්ටර් රත්නායක
ගීතය මෙතැනින් රස විඳිමු.
ඒ සොඳුරු පෙම ගැනමද දන්නේ නෑ මේ
ගීතයත් ලියල තියෙන්නෙ. වික්ටර්ගේ ගීත ගොඩෙන් ටිකක් තෝරගන්නෙ කොහොමද කියන ගැටළුවට
මම මැදිවෙලා. ඒත් මේ ගීතය නොඅසා වෙනත්
ගීතයකට යන්න මට
හිතෙන්නෙම නෑ. සොඳුරු පෙම් පිළිසඳරක්.... පෙම්වතුනට හොරා නිසොල්මනේ කට්ටියක් මේ පෙම් පිළිසඳර අසාගෙන ඉන්නවා. කවුද කියල බලන්න අසා සිටින්නෙ.
ගහ කොළ මල් කඳු වැටි නිසොල්මනේ
අසා සිටිනවා අපේ පෙම් පිළිසඳරේ
රස වෑහෙන සිලෝ ගීතිකා - රහසේ
දෑස්වලින් කථා කරමු
දෑස්වලින් රහසේ
ගහ කොළ මල් කඳු වැටි තමයි මේ පෙම්
පිළිසඳර අසාගෙන සිටින්නේ. නිකම්ම පෙම්
පිළිසඳරක්
නොවෙයි රස වෑහෙන ප්‍රේම පිළිසඳරක්. ඉතින් අප පෙම්වතුන් දන්නවා මේ සොබා සෞන්දර්යය පමණයි තමන් දෙස හොරැහින් බලාගෙන ඉන්නේ කියලා. සොබා දහමවත් තමන්ගෙ පෙම් පිළිසඳර අහනවට ඔවුන්
අකමැති හැඩයි. ඒ නිසා ඔවුන් මුවින් අදහස් හුවමාරු කරගන්න එක නවත්වලා දෑස් වලින් කථා කරන්න අදහස් කරගන්නවා.
රන් දුණුකේ මල් මුවරද
දෙතොල් විතේ රැඳී දිලේ
රැයේ අඳුරේ ඒ මීවිත මටයි
එවිට ඔබට කතා නෑ -
රහසේ
දෑස්වලින් කථා කරමු
දෑස් වලින් රහසේ
මේ විදිහට දෑස්වලින් පමණක් කථාකරමින්
පෙමින් බැඳෙන්නේ කවුරුන් වගේද? හරියටම මෙන්න
මේ අය වගේ.....
සීගිරියේ පෙම් සිරිසර
නිසල ලෙසින් ගල් අරඹේ
ඔබේ සෙවනේ මා ගී හඞ ගොළුයි
මුවට වදන් මකත නෑ රහසේ
දෑස්වලින් කථා කරමු
දෑස්වලින් රහසේ
සීගිරි ලියන් පෙම් කළොත් කතා කර කර
පෙම් කරයිද? ගල් අරඹේ ඔවුන්ගේ මුව ගොළුයි. ඉතින් ඒ වගේ අපේ පෙම්වතුන්
එකිනෙකා ළඟ ඔවුන්ගේ මුවද ගොළුයි. නිහඬ
මුවින්, කතාකරන ඇස්වලින් තමයි ඔවුන් පෙම් කරන්නේ.
ගීතය මෙතැනින් රස විඳිමු
දෙවැනි කොටසට මෙතැනින් පිවිසෙන්න.
වික්ටර් නැතිව වික්ටර් දකිමු දෙවන කොටස
- යසනාත් ධම්මික බණ්ඩාර -
Very nice...Thanks for the effort. Keep it up.
ReplyDeleteඉතාම සුවිශිෂ්ට කාර්යයක්... අන්ගිභවනීයයි.. කාලෝචිතයි..... නොනැවතී ඉදිරියට යන්න...
ReplyDeleteඅනබිභවනීයි. අන් + අබිභවනීයි
Deleteඅනභිභවනීයයි කියා ලිව්වත් වැරදියි.
ඉතාම සුවිශිෂ්ට කාර්යයක්... අන්ගිභවනීයයි.. කාලෝචිතයි..... නොනැවතී ඉදිරියට යන්න...
ReplyDeleteඅපූරු ලොවකට අරගෙන ගියා මේ ලිපිය.හැල්මේ දුවන ජීවිත වලට මෙවැනි ලිපියකින් ලැබෙන සුන්දරත්වය හරිම ඉහලයි.
ReplyDeleteඅති අනර්ගයි යසනාත් වෛද්‍යතුමනි.කාර්යබහුල ඔබ මෙවැන්නකට කෙසේ වේලාව සොයාගත්තද මන්ද.
ReplyDeleteලස්සණට කරපු වැඩක්. සැබෑ කලාකරුවකු ට මහත් සෙනෙහසින් කල නිර්මල උපහාරයක්. බොහොම ස්තූතියි ඔබට !
ReplyDeleteහරිම අපූරූයි
ReplyDelete"දුර ඈත අතීතේ" ගීතයේ පද මාලාව: මෙල්රෝයි ධර්මරත්න , සංගීතය: පරමේෂ් කොනේෂ් යනුවෙන් නිවැරදි විය යුතුයි .
ReplyDelete