එදා සුනාමිය එන්නට සුළු
වේලාවකට පෙර මම සිටියේ තඹුත්තේගම මූලික රෝහලේ,
ළමා රෝග විෂේශඥ ඒකකයෙහි රෝගී දරුවන් පරීක්ෂා
කරමිනි. සුනාමිය ඒ වන විටත් මෙහෙට ළඟා වී නොතිබුණද, සුනාමිය එන්නට පිටත් වී පැය
දෙකක් හමාරක් වන්නට ඇත. එන බවට පණිවිඩයක් නො එවාම ඇය එන්නට පිටත්ව තිබුණි. නො එසේ නම් එන බවට කී පණිවිඩ අපිට නොලැබී තිබුණි.
මම සුනාමියක් යනු කුමක්ද
යන්න එතෙක් දැන නොසිටියෙමි. අප අතරින් බොහෝ දෙනද නොදැන සිටි බව නිසැක ය. එබැවින් ලද අමුතු ආරංචිය සුනාමිය නම් වූ මහත් ව්‍යසනයක
පෙර නිමිත්තකැයි සිතුවිල්ලක් වත් මා තුළ ඇති නොවුණි. මේ ආරංචිය පළමුව මට කීවේ මගේම
කෙනෙකි.
එවකට මා සොයුරු අනුරුද්ධ බණ්ඩාර ශ්‍රී
ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවකු විය.
ශ්‍රී ලංකාව වටා මුහුදේ කිසියම් අත්භූත වෙනසක් ඇති බැවින් ගුවනේ සිට එය නිරීක්ෂණය කරන්නැයි අණක් ලැබුණු බව ඔහු පවසා නිහඬ විය. අනතුරුව ගුවනින් මහ පොළොවට එන තෙක් ඔහුගෙන් තොරතුරු නොලැබුණු බැවින් මට එම තොරතුරු ඇසුනේ සිරස මාධ්‍යය හරහා ය.
ශ්‍රී ලංකාව වටා මුහුදේ කිසියම් අත්භූත වෙනසක් ඇති බැවින් ගුවනේ සිට එය නිරීක්ෂණය කරන්නැයි අණක් ලැබුණු බව ඔහු පවසා නිහඬ විය. අනතුරුව ගුවනින් මහ පොළොවට එන තෙක් ඔහුගෙන් තොරතුරු නොලැබුණු බැවින් මට එම තොරතුරු ඇසුනේ සිරස මාධ්‍යය හරහා ය.
දෙහිවල,
හිල් වීදියේ සිටි කිසිවෙක් දිගට හරහට එහි සිදුවෙමින් පවතින දේ විස්තර කරන්නට විය. ඔහු කීවේ
කිසියම් ආශ්චර්යයක් සිදුවෙන බවත්, මුහුද මීටර ගණනක් සිඳී මුදුද ගොඩ බිම බවට පත්ව
ඇති බවත්ය. එමතු නොව සිය ගණන් පිරිස් මේ ආශ්චෙර්යය නැරඹීමට එදෙසට යන බවද එහි ප්‍රකාශ
විය. ඔහු එය විස්තර කළ අයුරින් එය නරඹන්නට යාමට නොසිතුණොත් පුදුමයක් නොවේ.
අන් මාධ්‍යයක් එවේලෙහි
මට නොඇසුනෙන්, ඒ අයට මෙය ආශ්චර්යයක් වීද, අනතුරුක පෙර නිමිත්තක් වීදැයි මම
නොදනිමි.
ආශ්චර්යය අනතුරක් බවට පත් විය.
අනතුර ඛේදවාචකයක් බවට පත් විය.
මහ මුහුද ගොඩ බිම වී සැනින් ගොඩ බිමට මහ මුදුද ගැළුවේය.
මහ මුහුද ගොඩ බිම වී සැනින් ගොඩ බිමට මහ මුදුද ගැළුවේය.
අනතුරුව එහි කඳුළු
මුහුදකි.
මේ සිදුවන්නට
යන්නේ මෙවැන්නකයි මම නොදැන සිටියෙමි. කිසිවෙකු දැන සිටියා යැයිද නොසිතමි. එහෙත් ලද ආරංචි අනුව වෙන්නට යන්නේ යම්
ඛේදවාචකයකැයි හැඟුමක් ඇති වුණු. මුහුදේ, සුළඟේ, අධික වැස්සේ, අකුණු ගැසීමේ ආදියේ වන ක්ෂනික සහ රළු වෙනස් කම් අනතුරක පෙර නිමිති යැයි සිතන්නට තරම් අපේ සාමාන්‍ය කාලගුණය රළු නොවීමේ පාපය අපි එදින අත් වින්දෙමු. රළු කාලගුණය හා ගැටෙන රටවල මිනිසුන්ට අනතුරක සේයාව, සාපේක්ෂව මෘදු කාලගුණයක් සහිත අපට ආශ්චර්යක් සේ හැඟීම අත්දැකීම් මද බවේ ඵලයක් ම විය.
ඉතින් එලෙස සුනාමී ආවාය. ඇවිත් අපේ හිතවතුන් බොහෝ දෙනෙකුගේ දියි රැගෙන ගියාය.
ඉතින් එලෙස සුනාමී ආවාය. ඇවිත් අපේ හිතවතුන් බොහෝ දෙනෙකුගේ දියි රැගෙන ගියාය.
මේ මහ මුහුද ම ගොඩට ගැලූ
සුනාමිය අනුස්මරණය කරණ දිනයේ, මම ගීතයක් මතක් කරමි.
මහ මුහුදම
ගොඩ බිම විය
ගොඩ බිම මහ මුහුදක් විය
ගොඩ බිම මහ මුහුදක් විය
උදුම්බරා
කඳුළු
සලයි....
මේ ගීතය සුනාමියකට අදාලව
නොවේ. එහෙත් රටකට සුනාමි එනවා සේ ජීවිත වලටද සුනාමී එයි.
ගම් බිම් වලටද සුනාමි එයි.
එහි ජීවිතද, එහි පැවැත්මද උඩු යටිකුරු වෙයි. ඒ නිසා මේ ගීතය මේ මොහොතේ වාදනය කිරීමට මට සිතෙයි. මහා ඛේදවාචකයක් සිහිපත් කරණ දිනක ගීතයක් ශ්‍රවණය කරමු යැයි ඇරියුම් කළාට කමන්න.
ගම් බිම් වලටද සුනාමි එයි.
එහි ජීවිතද, එහි පැවැත්මද උඩු යටිකුරු වෙයි. ඒ නිසා මේ ගීතය මේ මොහොතේ වාදනය කිරීමට මට සිතෙයි. මහා ඛේදවාචකයක් සිහිපත් කරණ දිනක ගීතයක් ශ්‍රවණය කරමු යැයි ඇරියුම් කළාට කමන්න.
(උදුම්බරා 1978 තිරගතවූ බඹරු ඇවිත් සිනමා පටයේ ආ ගීතයකි. චිත්‍රපටයේ අධ්‍යක්ෂ ධර්මසේන පතිරාජ ම එහි ගීත රචකයා විය. ප්‍රේමසිරි කේමදාසයන්ගේ පෙරලි කාර සංගීතයෙන් හැඩ වුණු එය ටී. එම්. ජයරත්න, අයිවෝ ඩෙනිස්, සුනිලා අබේසේකරගේ ගායනයෙන් හැඩ විය.
උදුම්බරා
- බඹරු ඇවිත්....ගීතය
මෙතැනින්
අසන්න.
එදින ඒ සුනාමිය විසින්
දිවි අහිමි කළ රට වැස්සන් ගණන 35000 කැයි පැවසේ. හරියට ගණන් කළෝ කවුරුන්ද?
එදින ඒ සුනාමිය විසින්
දිවි අහිමි කළ ලෝ වැස්සන්ගේ ගණන ලක්ෂ තුනකුත් ඉක්මවන බව පැවසේ. හරියටම ගණනය කළෝ කවුරුන්ද?
එදින ඒ ව්‍යසනය වෙලාවේ
දිවි අහිමි කළේ මේ අකීකරු සුනාමිය පමණමද?
නැත.
සුනාමිය විසින් බැට දී,
එහෙත් ඒ සුනාමිය විසින්ම දිවිය පැහැර නොගෙන මෙහි තබා ගිය ජීවිත අහිමි කළ නරුමයන් වූ අපේම
වුන්ද සිටියහ.
මේ එවැනි සිදුවීමක්
පළිබඳව කළ ගීත නිර්මාණයකි.
මේ ගීතයේ රචකයා ධම්මික බණ්ඩාර ය. ඒ යසනාත්
ධම්මික බණ්ඩාර වන මම නම් නොවේ. මා මිතුරු ගීත රචක ධම්මික
බණ්ඩාර ය.
එනම් මතු දැක්වෙන දිගුව ඔස්සේ ගියහොත් මවිසින් ලියා ඇති සටහනේ කතා නායක ධම්මික බණ්ඩාර විසින් ලියූ ගීතයකි එය. එහි මේ ගීතය වෙනුවෙන් ලියූ කොටසක් උපුටා දක්වමි. සම්පූර්ණ සටහනට පිවිසුමද සඳහන් කරමි.
එනම් මතු දැක්වෙන දිගුව ඔස්සේ ගියහොත් මවිසින් ලියා ඇති සටහනේ කතා නායක ධම්මික බණ්ඩාර විසින් ලියූ ගීතයකි එය. එහි මේ ගීතය වෙනුවෙන් ලියූ කොටසක් උපුටා දක්වමි. සම්පූර්ණ සටහනට පිවිසුමද සඳහන් කරමි.
සම්පූර්ණ සටහනට පිවිසුමයි.
දැන් අපි අර කී ගීතය ගැන
ලියූ සටහනට යොමු වෙමු.
/// නැවතත් අමරසිරි පීරීස්
ට ම යොමුවන්නට සිදුවන්නේ අප රටේ ඉතිහාස කතාවේ
සුවිසල්ම ඛේදවාචකය හා බැදුණු ගිතයක් ගැන මතක් කිරීම පිණිසය.
උදම්
රළ නුඹ උදම් විය යුතු නෑ
ගෙන
ගියේ නුඹ මුහුදු පතුළට
රැගෙන
යායුතු වුන් නොවේ......
ධම්මික
බණ්ඩාර ගේ මේ විරෝධය උදම් රළ විත් මිනිසුන්
රැගෙන යාම ගැනනොවේ. ගෙන යායුතුවුන් සිටියදී අනෙකුත් රැගෙන යාම ගැනයි. එසේ නම් මේ
රැගෙන නොගියවුන් කවුරුන්ද. මිළග පාදය ඒ ගැන මනාව කියයි.
පණ
අදිද්දී තමන්ගේ වුන්
පැළදි
කණ කර ඉරාගෙන ගිය
හරන්තිකයන්
ඉතිරිකර වෙරළේ
අහිංසකයන්
ගෙන ගියා වතුරේ.......
සුනාමි
දියඹේ ගසාගෙන ගිය සොයුරියක දියෙන් ඔසවා රන්පට කඩාගෙන නැවතත් දියට හෙළන්නට තරම්
කුරිරු වූවන් අප අතර සිටීය යන්න අදහා ගැනීමටවවත් නොහැක්කකි. එහෙත් එය එසේ සිදුවිය.
එලෙසම දුකට පත් දනට ලැබුණු ඇදිවත, පැදුරු
කඩමාල්ල පවා ගසාකෑවුන් ඒ අතර විය. බෝසතුන්ද ඒ අතරම විය.
වැළපෙනා
බෝසතුන් දන්දුන්
නිදන
පැදුරත් සොරාගෙන ගිය
අමනයන්
රැළ තබා අප අතරේ
අහිංසකයන්
ගෙන ගියා වතුරේ..........
උදම්
රළ නුඹ ගීතය මෙතැනින් රසවිඳිමු.
///////////
අර උදම් රළ
ගැන නොවුවාට, සත්සමුදුරුරෙහි හමුවන ගීතයද යම්
කිසි ලෙසකින් මුහුදේ වන ක්ෂනික වෙනස් කම් සහ මිනිසුනට ඇති වන එහි බලපෑම පිළිබඳව කෙටි ඔපෙරාවක් මගින්
කියන්නාක් වැනි වූ ගීතයකි.
මහගම
සේකරයන්ගේ රචනය සංගීතවත් කරණුයේ චිත්‍රපට සංගීතයේ සිරිලක අති
දැවැන්තම පරිවර්තනයකට මග පෑදූ සෝමදාස ඇල්විටිගල සංගීතවේදියාණන්
ය. එය ගයන්නේ සිරිලක ගායක ක්ෂේත්‍රෙය් අති දැවැන්තම හඬ පෞරුෂය හිමි ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්
සහ පිරිස විසිනි.
සහ පිරිස විසිනි.
සිනිඳු
සුදු මුතු තලාවේ
පිපෙන
පෙණ පිඬු සිනා සේ
සැලෙන
රළ මත ගිලී ඉපිලී
ගලන
සිතුවිලි මුලාවී යේ
ගැඹුරු
සත් සමුදුර පතුල බිඳ
ඇඹරි
ඇඹරී වියරු දළ රළ
තුමුළ
මහ මෙර දෙදරවයි
බුර
බුරා නැගි කුරිරු ජල කඳ
දෙරණ
සම්පත ගිල ගනී
අති දැවැන්ත
මේ ගීතයේ කුඩා පද රචනයත් මහා සංගීත හරඹයත් ගැන වෙනම කතා කළ යුතුය. එහෙත් රචනාව
කුඩා වූ පමණින් රචනාව තුළ ගැබ්වුණු ශක්තිය නම් කුඩා නොවූ බව කියා තබා යා යුතුමය. රචනාව තුළ වූ ඒ මහා ශක්තියයි
සංගීතඥයාගේ ස්වර පරාසය කළඹවන්නේ. අවසන තුංග නිර්මාණයක් බවට පත්වන්නේ.
සිනිඳු
සුදු මුතු තලාවේ ගීතය අසමු.
මෙය දිගු
සටහනක් කරන්නට නොසිතමි. කෙටිම කෙටි සටහනකිනුදු නැවතිය නොහැකි වූ බැවිනි කෙටිම කෙටි
නොකර ලියුවේ.
එදා අර කී
අනතුරු ඇඟවීම විපතක් වී, විපත ව්‍යසනයක් වූ පසු ඒ ව්‍යසනයට ගොදුරු වූ දහසක් දනන් ගැන
දුක් වන අතරේම විශේෂ දෙදෙනෙකු ගැන මා තුළ මහත් කැළඹීමක් තිබුණි. ඒ එකෙකු නම් මා සේවය කළ තඹුත්තේගම මූලික රෝහලේ, ළමා රෝග
විශේෂඥ අංශයේ එවකට විශේෂඥ වෛද්‍යවරයා වූ, නමුදු මිතුරෙකු, සොහොවුරෙකු බඳු වූ, වෛද්‍ය ජගත් ශාන්ත පල්ලියේගුරුගේ මහතා ගැනය.
ඔහු එදින සිටියේ ගාල්ලේ සිය නිවසේය. අළුත ගත් කැමරාවෙන් පින්තූර ගෙන බැලීමට වෙරළට යන බවක් පෙර දින මට කියා තිබුණි.
ඔහු එදින සිටියේ ගාල්ලේ සිය නිවසේය. අළුත ගත් කැමරාවෙන් පින්තූර ගෙන බැලීමට වෙරළට යන බවක් පෙර දින මට කියා තිබුණි.
අනෙකා නම්, මට
ගුරුවරයෙකු බඳු වූ, රටට මහත් සම්පතක් වූ කවියා සහ ගීත රචකයා ගැනය. අපේ කවි ගී පරපුරේ ලොකු අයියා ගැනය.
මේ දෙදෙනා
ගැන ම කැළඹීමෙන් සිටින විට වෛද්‍ය පල්ලියේගුරුගේ මහතා
තමන් නිරුපද්‍රිත බව දන්වන ලදි. ඉන් යම් අස්වැසිල්ලක් ලදිමි. සැනින් විමසුවේ මා මහත්
කම්පාවෙන් සිටි අනෙකා ගැනය. සුනාමියෙන් නිරුපද්‍රිත ඔහුව සිටි ඔහු තම ඇස ගැටුණු බව
වෛද්‍ය පල්ලියේගුරුගේ මහතා වෙතින් පැවසින. දැන් සිතට තවත් සහනයක් ලද්දෙමි. එහෙත් සම්පූර්ණ සැහැල්ලුවක් කෙසේ ලබන්නද? අපේම
රටේ සහෝදර වැසියන් වූ අපේම මිනිසුන් දහස් ගණනක් ද, ලෝ වැස්සන් වූ ලක්ෂ ගණනක් මිනිසුන් ද මිය පරලොව ගොස් සිටි විට.
මේ සිදුවීම
මගේ සිතෙත් කවි සිතුවිලි ජනිත නොකළා නොවේ. එහෙත් එය ලියවුණේ සිදුවීමට මසක්
ඉක්බිතිව ය. ලියා පුවත්පතකට යොමු කළද එය එහි පළ නොවුනි. සමහර විට සිදුවීමෙන් මසක් ඇවෑමෙන්ම සිද්ධියේ උණුසුම මැකී ගොස් ඇතැයි සිතූ නිසාදැයි නොදනිමි. නැති නම්, ඒ වන විට, සුනාමිය ගැන ැනන්ත කවි ලියැවී තිබුණු නිසා විය හැකිය. එහෙත් මේ සුනාමි කවියක්ම නොවන බවද මම ලියා යැවූ බව මතකය.
අද මම එය මෙහි පළ කරමි.
අද මම එය මෙහි පළ කරමි.
එකල ඔහු
දේශපාලන සුනාමියකට ගොදුරුව රැකියා අහිමිව සිටි බවද මතක් කළ යුතුය.
සුනාමි
කවියක් නොවේ
( නිසි කල පළවීමට පින් නොකළ කවියක් )
ගොර
රකුසු අණ වින
සුනාමී
නම් වෙස් ගෙන
වෙරළ
තීරය බිලිගෙන
මසක්
ගතවෙන දින
ලියමි
මේ කවි පෙළ
කලෙක
සිට බොහොම මුව ගොළු
අයියණ්ඩියේ
නුඹ ගැන
නාවාට
සුනාමී
යුගෙන්
පසු වෙහෙර දේවී
නම
නැතිවාට සුනාමී
සුනාමී
නම් විපත් බෝ වී
මෙසිරිලක
ගනදුරට යා වී
දුටු
විට දසුන බියකරු
ගාලු
නගරයෙ මුහුද ගොඩ ගැලු
අන්
හැම නමට වැඩියෙන්
නැගුණු
නම මතකයට
නුඹෙ
නම
අය්යණ්ඩියේ
නුඹ
කවි
පෙළකටත් වඩා මුදු වූ
රැකුණි
දැයි මේ විපතින්
සෙවී
තොරතුරු
වෙහෙසින්
සිටින
වග යහතින්
බේරී
සුනාමී විපතින්
නුඹද
දරු කැළ නිදුකින්
විරාමයකට
මසිත සතුටින්
එහෙත්
සත්තයි මට නම්
පෑරී
ඇතැයි කවිකම්
පෑව
සිත් මල බෙහෙවින්
සිදුවූ
දුකින් මේ වන්
සිරිබර
රටට මනරම්
මේ
විපතටත් පෙර සිට
වන්
විපතකින් කරපිට
පොඩි
වී තැලී සිත් මල
අහෝ!
ගොළුවුණු කවි පද
දේශපාලන
උදම් රළ
කළඹා
රැකියා සිඳු කුස
අනේ
අවතැන් කළ
අයියණ්ඩිගේ
කවි සිත
කවියෙකුට
මනරම්
මොන
දුකද - තම සිතට නොතරම්
මිනිසුන්
නොමැති මනු දම්
හට
මෙහෙය කිසියම්
ගිනි
දඬු අවැසි තැන
අතැතිව
මියුරු කවි පද
පෙළහර
පානු රිසියෙන
සටනට
එළඹි කිවිසඳ
මහතුනේ
පින්බර
ආධාර
බෙදන පිරිවර
කවි
සිතකට දුක් බර
මොනවාද
දුන් සහන - පොදි කර
ආධාර
නම් බොහෝමැයි
ආණ්ඩුවත්
අපේමැයි
නිල්
රතු පාට මුහු වී
මනුසත්
පෙනුම බෝමැයි
ඉතින්
නිල් රතු මහතුණි
කවි
පදට ලොබ මිතුරණි
දනට
බර යතියනි
නිදුකින්
සිටින කවියනි
අද
අවතැන්ව කවි නැති
ඒත්
බෝ කවි කළල සිත ඇති
කවි
සිත නඟනු රිසියෙනි
කියව්!
කරණා මෙහෙය
සකියනි
-
යසනාත්
ධම්මික බණ්ඩාර -
සුනාමිය වෙනුවෙන්...
ReplyDeleteවිනාඩි දෙකක්
නිශ්ශබ්දව ඉන්නලු.
අපි පහුගිය කාලෙම
සුනාමිය ගැන හිටියෙ
නිශ්ශබ්දව තමයි..
ජීවිත අහිමිව ගියෝ පරලොව...
නොම දැන සුනාමිය කළ මෙහෙය.
සැණෙකින් මියෙන්නට දියකඳ වැළඳගෙන
නැතියෙන් පූරුවේ පින් සමහරු
ගේ දොර ඉඩකඩම් අහිමිව
තවම කූඩාරම් වල ඉන්නවා ඇති..
කවුරුවත් කතා කරන්නවත් අකමැති..
සුනාමිය පිහිටෙන්
පින්වතුන් දුන් දන් පැන්
ගසාගෙන වළඳමින්
කළ පින් ලෙසින් සිතමින්
පව් කළවුන්ට හැඟුමෙන්
සමරන්නට හැකිය සාදයක් විලසින්
රටට විපතක් වූ සුනාමිය
සව්දියද පුරමින්.....
සුනාමිය වෙනුවෙන්...
ReplyDeleteවිනාඩි දෙකක්
නිශ්ශබ්දව ඉන්නලු.
අපි පහුගිය කාලෙම
සුනාමිය ගැන හිටියෙ
නිශ්ශබ්දව තමයි..
ජීවිත අහිමිව ගියෝ පරලොව...
නොම දැන සුනාමිය කළ මෙහෙය.
සැණෙකින් මියෙන්නට දියකඳ වැළඳගෙන
නැතියෙන් පූරුවේ පින් සමහරු
ගේ දොර ඉඩකඩම් අහිමිව
තවම කූඩාරම් වල ඉන්නවා ඇති..
කවුරුවත් කතා කරන්නවත් අකමැති..
සුනාමිය පිහිටෙන්
පින්වතුන් දුන් දන් පැන්
ගසාගෙන වළඳමින්
කළ පින් ලෙසින් සිතමින්
පව් කළවුන්ට හැඟුමෙන්
සමරන්නට හැකිය සාදයක් විලසින්
රටට විපතක් වූ සුනාමිය
සව්දියද පුරමින්.....
උන් සමග වෙසෙමින්
පව්ගෙවන අපමෙන්
සිටියා නම් හොඳද, අදටත්
අසන්නෙමි කුහුලින්...
අපෙන් සමු ගත් ඔබගෙන්...
සුනාමිය ගැන වේදනාකාරී මතකය සමග ඔබේ කවිය රසවින්දා.
ReplyDeleteමුහුදට ආදරේ කරපු කිදෙනෙක් නං මුහුදත් එක්ක තරහා උනාද
ReplyDeleteත්සුනාමි (Tsunami)යන ජපන් වචනයෙන් බිඳී ආ තත්සම වචනයක් වන සුනාමි යන්න සිංහල භාෂාවට එක්වූයේ 2004 සුනාමි ව්‍යාසනයත් සමඟ ය. ඒ සමඟම එහි විවිධ භාවිතාවන් විවිධ උප සංස්කෘතීන් තුල පැන නැගී ඇති බව පෙනෙයි..කුඹුරු අස්වනු නෙළන යන්ත්‍රය 'සුනාමි' වෙද්දී තමා සන්තක සියලුම වස්තූන් නැතිවීම 'සුනාමියකි' බූරු පොලේද 'සුනාමි' ඇති අතර එක්වර ම පුද්ගලයෙකු සතු සියලු වස්තූන් විනාශ වී යෑම 'සුනාමියක්' වශයෙන් ජනගත වී තිබෙයි...සුනාමි ව්‍යසනය තුල, ගීත රචක ධම්මික බණ්ඩාරයන් පැවසූවාක් මෙන් මහාචාර්ය මීගොඩ පඥ්ඥාලෝක හිමි වැනි ජීවත් ව සිටිය යුතු බොහෝ පුද්ගලයින් විනාශ වී ගොස්, මිය යමින් සිටි පුද්ගලයන්ගේ වස්තුව කොල්ල කෑ හරන්තිකයන්, පණ ගැහෙන මළමිනී සමඟ රමණය කළ අමනයින් වැන්නන් ඉතිරි වූයේ මන්දැයි අදටත් ගැටලුවකි. සද්ධර්මරත්නාවලියේ සඳහන් 'හරන්තික වස්තුවේ' එන හරන්තිකයා පන්සලේ ස්වාමීන්වහන්සේ ට උපාසකයා විසින් වරින් වර ලබාදෙන සියලු වස්තුව සොරාගන්නා අතර කොතරම් සිවුරු පිළි, ආහාර වර්ග දන් දුන්නද හිමියන් වැරහැලි ම අඳිනු දැක මෙය පරීක්ෂා කරනු පිණිස රැකවලෙහි සිටිද්දී හරන්තිකයා උපාසකයා ගේ අතට ම අසුවී ඇට කැඩෙනතුරු ගුටිකයි..අවසානයේ හරන්තිකයාගේ තුවාලවලට තෙල් බෙහෙත් ගල්වා පිහිට වන්නේ ද අර ස්වාමීන්වහන්සේ ය..එවැනි හරන්තිකයන් සුනාමි ව්‍යසනය නිසා කොතරම් බිහිවුණිද? අවසානයේ එවැනි හරන්තිකයන් ට අනුකම්පා කොට ජීවත්වීමට ඉඩ සැලැස්වූයේ ද මේ සමාජය ම නොවේද? මිනිසා ගේ අමනභාවය මෙවැනි ව්‍යසනයකදී මතුවුනු ආකාරය සුනාමිය හොඳින් ම දෙස්දුන් බව පෙනෙයි.
ReplyDeleteඅපි කාටත් සුනාමිය අමුතුයි ඒ කාලෙග.විහාර මහා දේවි බිලි දුන්නෙත් සුකාමියකට වෙන්ඩ ඇති නේද?
ReplyDeleteසුනාමියට වඩා ඛේදවාචකයකට නේද ඊට ගොදුරුවෙලා ඉතිරි උන අයට මූන දෙන්න වෙලා තියෙන්නේ