Thursday, November 5, 2020

දරු ප්‍රශ්ණය

 

දරු ප්‍රශ්ණය

 

 

දරුවා කාගෙද?

හුණුවටයේ කතාවේ දරුවාගේ මව සම්බන්ධයෙන් වන ගැටළුව නම් යම් තරමක සංකීර්ණඛ නොවන ක්‍රමයකින් විසඳාලිය හැකි විය.

උමන්දාවේද මෙයට සමාන යම් කතාංගයක් වෙයි.

මේ හා සම්බන්ධව උපුටා ගත් ලිපියක කොටසක් මෙහි අමුණමි.

හුණුවටයේ කතාව...

ජර්මන් ජාතික බර්ටෝල් බ්‍රෙෂ්ට් විසින් රචිත Caucasian Chalk Circle නම්

නාට්‍යය, අපට ගැළපෙන ලෙස පරිවර්තනය කළ, වඩාත් නිවැරදිව කියන්නේ නම් අනුවාදය කළ, කෘතහස්ත වේදිකා නාට්‍ය ශිල්පී හෙන්රි ජයසේනයන්ගේ 'හුණු වටයේ කතාව' නම් ශ්‍රේෂ්ඨ වේදිකා නාට්‍ය

හුණුවටයේ කතාවේ පළමු වේදිකා ගත වීම 1967 මාර්තු මාසයේ 8 වැනි දා කොළඹ ලුම්බිණි රඟහලේ දී සිදු විය .

හුණුවටයේ කතාව සැකෙවින් මෙසේ ය.

ගෘසිනියාවේ යුවරජගේ බිරිඳ දරුවෙක් ලබන අතර ඔහුට 'මයිකල්' ලෙස නම් තබයි. පාලනයේ දුර්වලතා නිසා රටේ කැරැල්ලක් ඇති වී යුව රජ මරුමුවට පත් වන අතර පිරිස පලා යන්නට සැරසෙයි. මේ අතර ගෘෂා නම් සේවිකාව, සයිමන් සෂාවා නම් සොල්දාදුවා සමග විවාහ ගිවිස ගනියි. පලා යන්නට සැරසෙන බිසව සිය තණ්හාව නිසා ඇඳුම් පැළඳුම්, ආභරණ පිලිබඳ සිතමින් ලතවන අතර පසුව කුමාරයා ද දමා පැන යයි. ළදරුවාගේ ආයම්මා ද පලා යන අතර තනි වුණු දරුවා කෙරෙහි හිත උණු වන ගෘෂා, ඔහු රැගෙන යයි. නොයෙක් කම් කටොලු, දුෂ්කරතා මැද ගෘෂා, කඳුකරයේ පිහිටි සිය සොහොයුරාගේ නිවසට පැමිණෙයි. සොහොයුරාගේ බිරිඳගේ අවශ්‍යතාව නිසා, දරුවා වෙනුවෙන් විවාහයක් සිදු කර ගන්නට ගෘෂාට සිදු වෙයි. මේ අතර දරුවා කෙමෙන් වැඩෙයි. කලක් ගත වෙද්දී, යුද්ධයට ගිය සෂාවා යළි පැමිණෙයි. මයිකල් සොයා එන හේවායෝ පිරිසක් ඔහුව රැගෙන යති.

නුවර මහා ආදිපාද වරයා පලා යද්දී, සොර දෙටුවෙක් වන අසඩක් ඔහුට සෙවන වෙයි. ඔහුගේ තියුණු බුද්ධිය නිසා යකඩයන් විසින් අසඩක් විනිසුරු ලෙස පත් කරනු ලැබෙයි. එමෙන් ම නිවැරදි තීරණ දෙමින් අසඩක් සාධාරණ නඩු විභාග පවත්වයි. යුවරජගේ බිරිඳ දරුවා ලබා ගන්නට උත්සාහ කරන්නේ ඔහුගේ පිහිටෙන් දේපල සහ ඉඩ කඩම් යළි ලබා ගැනීම සඳහා යි. නමුත් ගෘෂා ඇයට එරෙහි වෙයි. ඒ නිසා නඩු විභාගයක් පැවැත්වෙයි. තීන්දුවක් දීමට නම්, හුණු වලින් සලකුණු කරන ලද වෘත්තයක් තුළ දරුවා තබා දෙපසට අදින ලෙස අසඩක්, මව් වරුන් දෙදෙනාට අණ කරයි. දරුවාට සැබවින් ම ආදරය කරන ගෘෂා දරුවා වේදනා විඳීමට වලක්වනු පිණිස සටන අතහරියි. දරුවා ගෘෂාට අයත් බවට අසඩක් තීරණය දෙයි. පසුව ගෘෂා සහ සෂාවා විවාහ වෙයි.

මෙවැනි කතාවක් අපි උම්මග්ග ජාතකයේ ද කියවා ඇත්තෙමු. දරු ප්‍රශ්නය ලෙස සඳහන් වන එහි වන්නේ මීට වඩා වෙනස් කතාවකි. එහි දී, දරුවාට සැබවින් ම ආදරය කරන, සැබෑ මවට දරුවා හිමි වෙයි. නමුත් මෙහි දී සිය දරුවාගෙන් වාසි ලබා ගන්නට උත්සාහ කරන සැබෑ මව පරදා නමෙහි පරිසමාප්ත අර්ථයෙන් ම මවක් වන ගෘෂා ජය ලබයි.

උපුටා ගැනීම අවලොකනය

එහෙත් දරුවාගේ පියා කවුරුද වැනි පැණයක් මතු වූයේ නම් අසඩක් පවා අසරණ වනු නිසැකය.

දරුවන්ගේ අයිතිය කාටද? දරුවන්ගේ සැබෑ මව සැබෑ වුවත් දරුවන්ගේ සැබෑ පියා ගැන ඇත්තේ සියයට සියයක් නිසැක සත්‍යයක් නොවේ.

වරින් වර ගෙවල් දොරවල් වල ඇති වන අඬ දබර අස්සේ දරුව්ගේ පියාට දරුවන් කෙරෙහි ඇති අයිතිය ගැන මව අභියෝග කරණු මම අසා තිබෙනවා. දැක ද තිබෙනවා.

එහි අන්‍යාලාපය කුමක්ද? දරුවන්ගේ පියා තමුන් නොවන බව කීමයි.

මෙහි සරල තේරුම නම් මව කියා සිටිනවා පියා ඔහු නොවන බව. එය සමහරුන් කියන්නේ හිතට එන තද කෝපය හෝ සිය සැමියා තරහා ගස්වනු වෙනුවෙනි. නමුත් මෙයින් යම් පිරිසක් එය කියන්නේ සැබෑව එයයම නිසා විය හැකිය. මේසේ සැබෑවටම එය කියන්නේ කවුරුන්ද? බොරුවට එය කියන්නේ කවුරුන්දැයි හොයන්නට යාම යම් තරමක සංකීර්ණ කාරණයකි. කෙසේ වුවත් මවක් මෙසේ කීමෙන් බොරුවට හෝ තමන් අනාචාරයේ හැසිරී ඇති බව පිලිගැනීමක් සිදුව තිබේ. මෙය බරපතල තත්ත්වයකි. පවුල් සහ සමාජ ජීවිතය තුළ මකා දැමිය නොහැකි කැළලක් ඇති කිරීමේ හැකියාව ඇති ප්‍රකාශයකි.

මා මේ අවස්ථාවේ මේ ගැන කියන්නට පෙළඹෙන්නේ ඇසූ ආසන්න සිදුවීමක් නිසාවෙන් යම් ප්‍රභල කලාකෘතියක සුළු කොටසක් මතකයට නැඟුනු බැවිනි. එය සුළු කොටසක් වුව එය නිර්මාණය වුණු වැසුනු ආත්මය එයමදැයි මට හිතේ.

කලා කෘතියේ හෝ කලාකරුවන්ගේ නම් ගම් නොකියා කතාව කියමි. යම් යම් අය සහ යම් කලාකෘතියක් මතක් වේ නම් සමාව අයදිමි.

අසම්මත යැයි කියන ප්‍රේමයක් හේතුවෙන් යමෙකුට දාව යමෙකු දියණියක් බිහි කරයි. ඒ මොහොත වන විට ඇය යමෙකුගේ බිරිඳකි. ඔහු යම් ස්ත්‍රියකගේ ස්වාමියාද යනුවෙනෙ ටෙ මේ මොහොතේ මතක නැත.

අරුන් අතරද අඬ දබරය. ඔවුන් අතරද අඬදබරය. දියණිය බිහි වූ පසු අඩ දබර මැද හෝ ඔහු දියණිය බැලීමට ඇය වෙත යයි. එහෙත් අඬ දබර උග්‍ර දවසක ඇය කියනුයේ

තමුසේ කොහොමද කියන්නේ දුව තමුසෙගේ කියා? දුව කාගේ වෙන්න බැරිද?

එය බැහැර කළ නොහැකි ඇත්තකි. නමුත් ඒ ඇත්තෙහි රැකවරණය මැද ඇය කියන්නේ බොරුවක් වුව විය හැකිය.

මේ කරුණ කලාකරුවෙකු නොවන මා හට අත්විඳින්නට සිදුවුවහොත් සමහර විට මම කරන්නේ DNA පරීක්ෂණයක් වැනි දෙයකින් සැකය තහවුරු කරගැනීමට උත්සාහ කිරීමයි. නැති නම් ඒ මත සදාකාලික රණ්ඩු සරුවල් මැද ගෙවීමයි.

නමුත් එය කලාකරුවෙකුට සිදු වූ විට ඔහුට කළ හැකි වෙනත් දේ වෙයි.

මේ කියන්නට යන්නේ ඒ ගැනය.

 

අර මා පෙර කියූ කලා යුවල හා සම්බන්ධ සිද්ධිය දැන් යළි මතක් කළ යුතුය.

ඉතින් ඔහු දියණිය බලන්නට ගියත්, දියණියගේ නීත්‍යානුකූල පියා ඔහු නොවේ. කෙසේ වෙතත් නීත්‍යානුකූල නොවූවත් පියා ඔහු බව ඔහු සහ ඇය දනී. එහෙත්, පැවැති අඬ දබර වලදී ඇය භාවිතා කළ බරම අවිය වූයේ

දරුවගේ තාත්තා තමුසේ කිය තසුසේ කොහොමද කියන්නේ?

දරුවාගේ පියා කවුරු වන්නට බැරිද යන්නය.

දරුවාගේ පියා තමන් බව දන්නා ඔහුට එය කෙසේ දැනෙන්නට ඇතිද? මෙය කාටත් දැනෙන දෙයකි.

දරුවාගේ පියා තමන්ම දැයි සැකයක් යමෙක් පියෙකුට ඇතුල් කළ හොත් තත්ත්වය කෙබඳු වනු ඇතිද?

මෙන්න මේ සංකීර්ණය තුළ සිට අර කී නිර්මාණය විඳින්නට හැකි වුණේ කීයෙන් කී දෙනාට දැය මම නොදිනිමි. එය තමන් සැබෑවටම අත්විඳ නොතිබෙන්නට හැකිය. එහෙත් එයට බැස වින්දේ කවුද යන්න පිළිබඳවය මම විමසන්නේ.

මෙන්න මේ කතාව යම් දවසක තමන්ගේ තීරණාත්මක නිර්මාණයකට ඇතුළත් කරණ තිර අදිටනින් ඔහු තිර පිටපතක් ලියයි. එයය දැවැන්ත නිර්මාණයක් බව මතක් වෙන අය දනී.

එහි අදියරු වන්නේද ඔහුමය. එහි ප්‍රධාන චරිතය රඟපාන්නේ අයමය.

මෙය එක්තරා වාසනාවකි. දෙදෙනා අතර මේ දෙබස හුවමාරු වෙන අති විශාල පවුල් කන්දරාවකට මේ අවස්ථාව ලැබෙන්නේ නැත. නමුත් ඔවුන් කලාකරුවනක් වූ බැවින් ඔවුනට ඒ අවස්ථාව එළඹෙයි. එහිදී එදා පීඩාවට පත් වූ ඔහු එදා එම කතාව ඔහුට දමා ගැසූ ඇය ලවාම එම දෙබස කියවන්නට උත්සුක වෙයි. දන්නා තරමින් ඇය මේ නිසා මෙම සිනමා කෘතිය හැර යාමට පවා උත්සාහ කොට ඇත. එහෙත් අවසන එය එසෙම් නොවීමෙන් ඔහුගේ අබිලාසය ඉටු විය.

එදා තමන් රිදවීමට එල්ල කළ වැකිය ඇය ළවාම කියවමින් ඔහු සිය පළිය ගනු ලැබිනි. එය ඇයගේ පරාජයක්ද? ඔහුගේ ජයක්ද යන්න වෙනම තීරණය කළ යුතුය.

නමුත් ලොකුම අවුල එය නොවේ. ඒ පෙල හැර අනෙක් අති බහුතර පවුල් වලට එවන් අවස්ථාවක් නොලැබ සදා අඬ දබර තුළම ගිලී සිටින්නට වීමයි.

-      යසනාත් ධම්මික බණ්ඩාර    -

 


No comments:

Post a Comment