මම මෙහි හෙඩිමේ සංස්කෘතිය යන වචනය යොදා ගැනීම හරිද? වැරදිද? නැති නම් යම් පමණකට හරිද? වැරදිද? යනාදිය ගැන මේ වෙලාවේ නොසිතමි. අවශ්‍ය මේ
කතාව කීමට වන අතර, කතාවට හෙඩිමක් අවශ්‍ය බැවින් මෙසේ යෙදුවෙමි.
අපි ඉස්සර හිටියේ ගම් වලය. ගම් වලින් නගරයට
ආවෙමු. නගරයේ ඉඩම් වලට ආවෙමු. ඉඩම් වලින් ගෙවල් වලට ආවෙමු.
මේ කතාව බොහෝ විට අදාල වන්නේ ගමට ය.
නැති නම් අර්ධ නාගරික ප්‍රදේශවලටය. සමහර විට තරමක් හෝ ලොකු ඉඩම් වලටය. ගෙවල් වලට
අදාල නොවන නමුත් ගෙවල් වල සිටින අපටය.
මේ ගමේ සිට නගරයට ආ කතාව, ඉඩම් විකුණා ගෙවල්
වලට ආ කතාව ලස්සනට ලියැවුණු ගීතයක් වෙයි. ඒ
විශාරද
ගුණදාස කපුගේ
ගායනා කරණ
ඉඩම් විකුණා ගෙවල් අරගෙන
කොළඹ අපි එනවා
නම් ගීතයයි.
විශාරද ගුණදාස කපුගේම සංගීතවත් කොට ගයන්නේ
රඹුකන
සිද්ධාර්ථ හිමි
යන්ගේ මනහර රචනයකි.
රම්‍ය නගරය යන්න ඕනෑ
රම්‍ය නගරය ඉන්න ඕනෑ
කිය කියා එනවා
ඉඩම් විකුණා ගෙවල් අරගෙන
කොළඹ අපි එනවා..
ගමේ කුඹුරේ වී හාල් ටික
පලා මැල්ලුම් පොලොස් ගැට
ටික
කොළඹදී අප මුදල් දී ගෙන
රටට ණය වෙනවා
කොළඹ අපි එනවා..
දරන්නට බැරි බර කරින් ගෙන
කියන්නට බැරි දුක් සිතින්
ගෙන
වතුර ටිකටත් මුදල් ගෙවමින්
රටට ණය වෙනවා
කොළඹ අපි එනවා..
රම්‍ය නගරය යන්න ඕනෑ
රම්‍ය නගරය ඉන්න ඕනෑ
කිය කියා එනවා..
ඉඩම් විකුණා ගෙවල් අරගෙන
කොළඹ අපි එනවා.. කොළඹ අපි
එනවා..
කොළඹ අපි එනවා..
දිගට තකා කළ යුතු අනුවේදනීය කතාවක් ගීතය
තුළ වෙතත්, අද දවසේ ඒ ගැන දුර දිගට කතා කිරීමේ අදහසක් නැත. අර කතාව කියාගෙන යද්දී
මතක් වූ නිසා ඉදිරිපත් කිරීමට කැමැති වීමි.
අපි ගීතය මෙහි අසා සටහන වෙත යොමුවෙමු.
කොස් ගසට අපි විටෙක කීවේ බත් ගස කියාය. ඒ බත්
වෙනුවට කොස් කන්න වුවත් හැකි නිසාය. අපි ඇතුළු
සමහර රටවල් සිය ආහාරයේ පිෂ්ඨ අවශ්‍යතාව ප්‍රධානව ඉටු කර ගනු ලබන්නේ බත් වලිනි. සමහර රට වල් තිරිඟු
වලිනි. මයියොක්කා, ඉරිඟු
වැනි පිෂ්ඨය බහුල ආහාරයෙන් එම අවශ්‍යතාව ඉටු කර ගන්නා රටවල්ද ලොව ඇත. ඒ
අනුව අවශ්‍යතාව මත බත් වෙනුවට කොස් වුව ඒ සඳහා යොදා ගත හැකි ආහාරයකි.
ගම්වල කොස්
ගස් එමටය. එබැවින්ම විවිධ රසයන් හා ස්වභාවයන් මත කොස්
ගස් වෙන්කොට තිබීමද ගම් වල දැකිය හැකි දෙයකි. කොස්
ගසේ ප්‍රයෝජන අපමණය. නමුත් මේ මොහොතේ මේ කොස්
ගස් වෙන් කොට තැබීම ගැන හැඳින්වීම පිණිස දළ වශයෙන් එහි ප්‍රයෝන ගැන සලකා ගනිමු. කොස් බතක් සේ හෝ මාළුවක් සේ ( වෑංජනයක් සේ ) ගැනීම
ඉන් ප්‍රධානය. මේ සඳහා වෙනම ප්‍රකට වූ කොස් ගස්
ඇත. ඒ කොස් වල මස රස වන අතර ඇටද හොඳ පිටි ගතියෙන් යුක්තය. ඒ වන් ඇට, තම්බා කන විටද,
මාළුවට කන විටද හොඳ රසයක් කොස ට එකතු කරයි.
කිරිකොස්, නියඹලා,
කොස් මාළුව,
කොස්
මැල්ලුම ආදී වශයෙන් හඳුන්වන උයන විධි කිහිපයකි.
ඒවාට අමු
මිරිස්, කොච්චි, නයි මිරිස් ආදිය වෙන වෙනම අවස්ථානුකූලව යෙදීමෙන් උයන
කොසෙහි රසය වෙනස් කර ගනී.
සමහර කොස්
ගස්
පොලොස්
සඳහාමය.
සමහර ගස්වල පොලොස්
පොලොස් ඇඹුල
ට උචිත යැයි සැලකෙන අතරේ සමහර ඒවා
පොලොස් මැල්ලුම
ට ගනී.
මේ අතර
පොලොස්
අච්චාරු
ද වෙයි.
පොලොස් සම්බෝල
පොලොස් සීනි සම්බෝග
ද සාදා ගත හැක.
තවද
පොලොස් මෝජු
ද වෙයි.
මේ අතරේ කොස්, පලතුරක්ද වන අතර, පලතුරක් වන
විට එය
වැල
ද
වරකා
ද
ලෙස යළි බෙදෙයි. මේ නිසා වැල ගස් ද වරකා ගස් ද ලෙස ජනප්‍රිය කොස් ගස් ගම් ගොඩේ වෙයි.
මේ වැල
ගස්වල කොස් ඇට තරමක් පැනි රසට හුරු පිටි රසක්
දරණ අතර, වරකා ගස්වල කොස්
ඇට වැඩි පිටි ගතියකින් යුක්ත වෙයි.
මේ කොස්
වල ප්‍රධාන ප්‍රයෝජනයන් වන අතර ඒ හා බැඳුනු බොහෝ තව දේ වෙයි.
කොස් ගස් යට කොස්
ගස් වැවෙයි. ඒවා මහ ගස යට හොදින් නොවැඩෙයි. එබැවින් ඒවා තිබීමෙන් පළක් නැත. යම්
තැනක පැළයක් හිටවන්නට අවැසි නැත. හිටවනවා නම් හිටවන්නේ හොඳ ගසක් යැයි සම්මත ගසක ඇටයකි
එබැවින් ගස් යට හැදෙන අනවැසි පැළ ඉවත් කර දමයි.
මේ කාලයට අදාලව කතා කරන්නේ නම් ලොරි
පිටින් පොලොස් කඩා පිනට බෙදන අයුරු පසුගිය දිනවල
දැකිය හැකි විය. අනාගතයේ ආහාර හිඟයක් ඇති විය හැකි බැවින් ඒ ගැන සිතා බොහෝ අය
අදහස් දැක්වූයේ වේල් කිහිපයකට හෝ පවුලකට දෙකකට ඇති පමණින් අනාගතයේ කොස් බවට පත්වෙන මේ පොලොස්
එලෙස කඩා ඉවත් නොකරණ ලෙසටයි. එහි යම් ඇත්තක් ඇති සේම නැත්තක්ද වෙයි.
වැඩියෙන්ම ගසක පනා මල් හැදෙන්නේ කඳෙහිය.
පනාමල්
යනු අනාගතයේ පොලොස් සහ පසුව කොස් වන කුඩා කොස් මල්
ය. වඩා සරුවට ලොකු කොස් වන්නේද ඒවාය.
එමෙන්ම සමහර ගස්වල ලොකු අතු වලද හැදෙයි. සමහර විට කඳ පුරා සිය ගණනින් දහස් ගණනින්
හැදෙන පනාමල් සියල්ල කොස් වන්නේ නැත. අවමයෙන් පොලොස් වන්නේද නැත. මේ නිසා පළපුරුදු ගැමියා ඉන්
නොසරු ඒවා යම් ප්‍රමාණයක් ඉවත් කරණු ලබයි. එවිට අනෙක්වා වැඩියෙන් වැඩෙයි.
මේ ලෙස වැඩෙද්දී තවත් යම් ප්‍රමාණයක් පොලොස් ලෙස ආහාරයට ගැනීම හෝ නැති නම් ඉවත් කිරීම හෝ
කළ යුතුය. එවිට ඉතිරි ටිකය හොඳ කොස් බවට පත් වෙන්නේ.
මෙන්න මේ පාලනය යටතේ පොලොස් කාලයේ පොලොස් කැඩීම වරදක් නොවේ. එවිට නිසි පොලොස් ප්‍රමාණයක් කොස්
පිණිස ඉතිරි වේ.
සමහර ගස්වල පොලොස්,
කොස් වන තෙක් ලොකු වන්නේම නැත. ඒවා ලොකු වන
විට පැලී නරක් වී යයි. එවැනි ගස්වල පොලොස්, සියල්ලම
පොලොස් කාලයේදීම ආහාරයට යොදා ගැනීම වරදක්
නොවේ. ගැමියා එවැනි ගස් හඳුනයි.
කොස් වැඩි කාලයට වැඩි කොස් තම්බා, වේලා අටු
කොස් කරගැනීමට දුමේ තබයි. ඒවා පසු හිඟ කායයකදී තම්බා මාළුවට ඉවීම හෝ මැල්ලුමට
සාදා ගැනීම කෙරෙයි. කොස් ඇටද මේ අයුරින් අටු කොස් ඇට බවට පත් කළ හැකිය. කුඩා සංදියේ මේ අටුකොස් ඇට රසට හැපූ බව මතකයේ ඇත්තේ අද ඒ රස අපේ
දරුවන්ට නැති වීමේ දුකද සමඟමය.
කොසෙහි මස පමණක් නොවේ කොස් ඇටයෙහි
සිබිඩි
පවා
වේලා බැදගෙන ලුණු සහ මිරිස් යොදා බත් සමග කෑමට හෝ ලුණු සහ සීනි ඉස රස කැවිල්ලක්
ලෙස කෑමට හැකිය. කොස් ඉරි ද මේ අයුරින්ම වේලාගෙන
ඉහත අකාර වලට ගත හැකිය.
කොස් ඇට පුළුස්සා කෑමේ රස දන්නන්ගේ කටට මේ අවස්ථාවේ
කෙළ උණනු නිසැකය. මේ කොස් ඇට ම තෙලෙහි බැදගෙන
ලුණු මිරිස් යොදා බැදුමක් ලෙස බත සමග කෑ හැකිය. එමෙන්ම ඇට කබලෙහි බැද කොටා සීනි
පොල් හා මිශ්‍ර කොට අග්ගලා සෑදිමද කළ හැකිය.
තවද, කැකිරි, තිබ්බටු, කෙසෙල්මුව වැනි
දෑ වලට කොස් ඇට යොදා උයන විට අමුතුම රසයකි.
කොස් ඇට සමග සුදු ලූණු
මේ කියූ නොකියූ දේ බොහෝය.
අද වන විට ජනප්‍රිය ආහාරයන් ට ආදේශකයන්
වශයෙන් කොස් යොදා ගන්නා අවස්ථා ද අපට හමු
වෙයි.
පොලොස් කට්ලට්
සහ
කොස් කොත්තු
එවැනි දෑය.
මේ හැර කොස් ආශ්‍රිත තවත් නවීන කෑම
වර්ග තායි, හැලේ ආදී විධික්‍රම අනුව සැකසෙයි.
කොස් මිනිස්සුන් සඳහාම නොවේ. කොස් කොළ එළුවන්ට ආහාරයකි. කොස් කටු සහ සමහර විට කොස් වැඩි කාලයට කොස් ගෙඩි පෙති ගසා හරකුන්ගේ ආහාරය පිණිස ද යොදා ගනී.
මේ වගට,
අයෙ වෙන කාටවත් අකුරක් ලියන්න ඉඩ තියලා නැහැ මල්ලි.
ReplyDeleteමේ දවස්වල මාත් කොස් බාබකිව් දැම්මෙ නැති එක විතරයි.
අනෙක් සියලු ම ක්‍රමවලට කෑවා.
කොස් වගේ ම මේ ලියවිල්ලත් හරි රහයි..
බොහොම ස්තූතියි මල්ලී..!
ඉතාම වැදගත් ලිපියක්...කොස් ගස් නැවත සිටුවීමට කාලයයි
ReplyDeleteඉතාම වැදගත් ලිපියක්...කොස් ගස් සිටුවීමට මේ කාලයයි
ReplyDeleteකොස් කෑමේ අතීතයට ගියා.බත නැති අඩුව පුරවපු වාර අනන්තයි. සමහර අය හෙරලි කියලත් කියනවා. කොස් ඇට වලින් වැලි කොස් ඇට දාන්න අම්මා දක්ෂයි. වරකා සිඛිඩිඩ වේලලා තෙලේ ඛැදල නියමයි. කොස් කාලෙට හාමුදුරුවන්ගගේ සිවුරේත් කොහොල්ලෑ කියල කියන්නේ.
ReplyDeleteඉතාම වැදගත් ලිපියක්...
ReplyDelete