නැතිවූ යමක්
හමු වී
තුටු සිත් දරණු
බැරිවී
බිළිඳෙකු සේ හඬන
මිනිසෙකි.......
බිළිඳෙකු නොවේ
ඔහු
කවියෙකි........
හුරුය ඔහු මුහුණුවර.....
ළඟය එය
ම’පුතු මුහුණට......
නොමැතිනම්
මා පියාණන් මුහුණට.....
මගේ මුහුණට......
බොහෝ කලකට පසුව
ලියැවුණු
කවියක්ද අතැතිව
මහතුණි,
ඔහු
ඔබ සොයා ඒවි........
කියා දී අඩු ලුහුඬු කම්
දී ඔපලන්ට කවිකම්
මහතුණි,
පිළිගන්ට ඔහු.......
බොහෝ කව් මුතු
පබැඳි පන්හිඳ
බොහෝ කලකට ගොළුවුණේ කිම
සෙවූ බෝ කාරණ
මෙසේ ලියැවී ඇත
එහෙත් ඉන්කවරද
වඩා නිවැරදි
කරුණ
මේ ගොළුවතට.......
“ සිඳී ගොස් කවි
සිත
වරා අස්වනු -
වචන සිත්කෙත
නොහී උපමා -
රූපකාලංකෘත.......”
“ ගිලිහී
ගැඹුරු කවි සිත
පසිදු ගී
රැල්ලට
හසුවිණ
අනේ කවි සිත වියැලින......”
“ නිදහස්
ආර්ථික ජඩ කම්
අන වින -
අපල වස් දොස්
කළු රකුසු වෙස්
ගත්
උදුරා ඔහුගෙ
කවි සිත්......”
මෙසේ කී - නොකී
තව තව
බොහෝ කාරණ.....
බොහෝ කාරණ.....
බොහෝ කලකට පසුව ලියැවුණු
කවියක්ද අතැතිව
මහතුණි,
ඔහු ඔබ සොයා ඒවි.......
-
- - යසනාත් ධම්මික බණ්ඩාර -
දිගු කළකින් පැදි පෙළක් සිත්තම් වීම, එය කියවන්නට ලැබීම සතුටට කරුණක්.ඔය පන්හිද නැවතත් නොසිදෙන උල්පතක් වනු දැකීම අප පැතුමයි.
ReplyDeleteබ්ලොග් අවකාශය තුල ලියවෙන බොහෝකවි ඒඒ ලේඛඛ ලේඛිකාවන්ගේ පුද්ගලික අත්දැකීම්. ඒත් ඒවා හුදු වාර්තාකරණයක් මිස කවියේ ලකුණ දකින්නට නෑ.
ReplyDeleteනමුත් කවියේ දිගු කලක් රැඳුන ඔබ වැනි කවියෙකු මේ අවකාශයට පැමිණිම වැදගත්වන්නේ කවිය සහ ගිතය එක ඉසසව්වකට ගෙන ගොස් නව කතිාවක් ඇතිකිරිමට අවශ්‍ය වපසරිය මේ අවකාශතුලම ඇති කිරීමයි.
ඒ හැරුණු විට මට හිතෙන විදියට කාර්ය බහුලත්වය තුළ සැගව සිටි කවියා සහ ඒකවි සිත නැවත අවදිකිරිම අගනුවරින් බැහැරව හුදකලා බවට විරාමයක් ගෙනේවි.
එල
ReplyDelete