කැළුම්
ශ්‍රීමාල් ගැන මුළින්ම මම දැන සිටියේ ක්‍රීඩා විස්තර විචාරකයෙකු
ලෙසටය. ඔහු අනෙක් අය මෙන් වැඩි වචන භාවිතා නොකරණ එමෙන්ම වැඩි හඬින් විස්තර ප්‍රචාරයෙහි
නොයෙදෙන එමෙන්ම කලබලයකින් තොරව එහෙත් අවැසි හැඟීම දුන් විස්තර විචාරකයෙකු විය. ක්‍රීඩා
විස්තර ප්‍රචාරයේදී වුව ඔහුගේ වචන භාවිතාව අමුතු ආරක් ගත්තේය. මේ නිසාම ඔහු මගේ
හිතේ ඇඳුනේ අමුතු ක්‍රීඩා විස්තර විචාරකයෙකු ලෙසටය. අපූර්ව ක්‍රීඩා විස්තර විචාරකයෙකු
ලෙසය. විශේෂයෙන්ම, එකල මහත් ප්‍රසිද්ධියක් ලබා සිටි ප්‍රේමසර
ඈපාසිංහ, පාලිත පෙරේරා වැනි ක්‍රිකට් ක්‍රීඩා විස්තර
විචාරකයින්ගේ අඩි පාරේ යන්නට බොහෝ පසුව පැමිණෙන අය උත්සාහ කරණ අතරේ කැළුම් ඒ අහලකින්වත් නොගොහින් ඒ තුළ තමන්ගේ අනන්‍යතාවක්
ඇති කරගන්නට උත්සාහ කළ හැටි මට මතකය.
නැවත මට කැළුම් ව හමුවන්නේ සිරස
ගුවන් විදුලියේ වැඩසටහන් වලදීය. විශේෂයෙන් රස රිසි ගී තුළින් ඔහුගේ
ඉදිරිපත්කිරීම් දුටු අතර එහිදීද ඔහුගේ ශෛලිය වෙනස් ආරක් ගත්තේය. වචන භාවිතය වෙනස්
විදිහකි. වෙනත් වර්ණයකි.
තැන් තැන් වල
සිදුවුණු කලාවට බර හමු වලදී පසුව මිතුරෙකු වශයෙන් ඔහු හමු විනි.
මේ අතරේ, මා ද ගීතයක් ලියූ අමරසිරි පීරිසුන් ගේ
ස්නේහයේ
නගරයයි ගීත සංග්‍රහය එළි දකින සැඳෑවේදී ඉදිරිපත් වුණු සුවිශේෂ
ගීතයක් නිසා ඔහු මගේ සිතට වෙනත් විදිහකට ඇතුළු විය. ඇත්තටම එය සිත් පැහැරගත් ගීතයක් විය. ඊට හේතු
වූයේද එහි තිබූ වචන වල වෙනසයි.
ඔබ
ඇපල් මලක් වාගේ
ලස්සන
වසන්ත කාලේ
මට
හදිසියෙන් වාගේ හමුවූ
පායන්න
දෑස මානේ උණුහුමට ගින්දරී
ගෙනියන්න
මාගෙ ගානේ
මේ
හිතම සුන්දරී
ඔබෙ
දෑසෙ බැල්ම ඔබගේ
ඇයි
සොඳුරු ඔය හැටී...
මේ ගීතය
පිළිබඳව අදහසක් දැක්වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා පවා ප්‍රකාශ කළේ කැළුම් ගේ වචන වලින් සැදි මේ ගීතය යෞවනයන් මතු නොව
දිවියේ වැඩිහිටි වියේ සිටින තමන් වැනි අයෙකුගේ පවා ඇඟ හිරිවට්ටවන සුළු එකක් වන
බවයි.
එය ඇත්තකි.
ඇත්තටම මේ වචන යොදා ගැනීම් හරිම අපූරු විය. එය අමරසිරි
පීරිස් වැනි ගායකයෙකුගේ හඬ පෞරුෂයට මෙන්ම ඔහු ගොඩ නගාගෙන සිටි කීර්ති නාමයට
මොන තරමින් ගැලපේ දැයි විවිධ කතා බස් පැවතුනද ඒ සියළු කතා සම්ප්‍රප්ප්‍රලාප ගණයට
යවමින් ගීතය රසික සම්මානයට බඳුන් විය.
විශේෂම දේ වූයේ
අමරසිරි
පීරිසුන්
වැනි ප්‍රවීනතම සහ ගායන කෞශල්‍යෙයන් අනූන ගායකයෙකුට
තුරුණු හදවත් තුළට රිංගීමටද ඉන් අවස්ථාවක් ලැබීමයි. වැදගත්ම දේ වෙනස් ආරක ගී ලියන
රචකයින්ට එවන් ගී ලිවීවමට තිබුණු සැක සංකා දුරුවීමත් ගායක ගායිකාවන්ට එවන් ගී ගැයීමේදී
ඔවුන් තුළ පැවති විචිකිච්ඡාව දුරු වීමත්ය. එහෙත් කැළුම්
මෙන්, එවන් වදන් සංයමයෙන් භාවිතා කරමින්, එවන් ගී ආරක් නිමවන්නට සමත් වූවෙක් පසුව
මට මුණ නොගැසුනි.
ඇස්
පියෙන් අදී කෑලි කපන කළු රාත්‍රියේ
කීරි
ගැහෙන හිත සෙනෙහස අයදී ප්‍රේමයේ
එය
පමණක් ශේෂය වී නම් පූර්වාත්මයේ
හිත
දැවටෙන මා හිත අවිවේකයි
අවනත
නැති විට හිත අවිනීතයි
හුදකලාව
අවනඩුවක් ගෑණු ළමයෝ....
ඔහු අමුතු වචන
අමුතු විදිහට භාවිතා කර ඇතිවා පමණක් නොවේ. එබැවින් ඒ භාවිතාවේ ඇති නැවුම් බව මතු
වූවා පමණකුත් නොවේ. ඊට එහා දෙයක් ගීතය තුළ ගැබ්කරයි. එයය ගීතයේ මේ කොටසින් මතු
වන්නේ.
මේ ගීතය කැළුම් ගේ ගී නිර්මාණ අතරේ වඩාත් රසික සිත් ඇද ගත්
ගීතය යැයි හැඳින් වීමක් මා නොකරමි. මක් නිසාද යත් රසික සිත් බොහෝ සේ ඇද බැඳ ගත් ගීත
කිහිපයකටම ඔහු හිමි කම් කියන හෙයිනි. ඒ අතරින් මට වඩා ප්‍රිය ගීතයක් අංක 1 හි තබා
කතා කළ හැකි වුවද එය නිවැරදි ස්ථානගත කිරීමක්ද යන්න තනිව කිව නොහැක. එය කෙනෙකුගෙන්
කෙනෙකුට වෙනස් වනු ඇත.
කෙසේ වෙතත්
කැළුම්
ට මේ ගීය නිසා යම් යම් විවේචනයන්ටද බඳුන්
වන්නට සිදුවිය. විවේචනයන් අතර එක් ප්‍රධාන විවේචනයක් වූයේ ඇපල් මල් යනු එතරම් අලංකාර මලක් නොවන බවයි.
මේ ඇපල් මල් වල පින්තූර කිහිපයකි.
මට නම් මේ මල්
සුන්දරය. ඇපල් මලෙක තවෙකෙකුට නොපෙනෙන
සුන්දරත්වයක් කවියෙකු වූ කැළුම් ට පෙනෙන්නට ඇත. දකින්නට ඇත. කැළුම් නමැති කවියාගේ
ඒ අයිතියට මම ගරුකරමි. ඒ නිසා විය හැක ඔහු අන් මලක් නොගෙන ඇපල් මලක් යොදා ගනු ලැබුවේ. අනෙක නම් ඔහුට වෙනසක්ද අවැසි වෙන්නට
ඇත.
මේ ගීය හා
සම්බන්ධව මේ ඇපල් මල් පිළිබඳ හුට පටය තිබුණු
කාලයේ මම ඇපල් මලක් පින්තූරයකින් වත් දැක
නොතිබුණි. මම ඇපල් මල් පිළිබඳව උනන්දු වූයේ බොන්සායි කලාව පිළිබඳව පසු කාලයේ මසිත ඇති වුණු ඇල්ම
නිසාවෙනි. ඇපල් යනු ජපානයෙහි
බොන්සායි කලාවට යොදා ගන්න මල් සහ ඵල දරණ ගස් වලින් එක් ජනප්‍රියම ගසකි.
විවිධ ඇපල් වර්ග ඒ සඳහා ඔවුන් යොා ගනී. මේ එවන් පින්තූර කිහිපයකි.
ඒ දිනවල මේ
පිළිබඳව කැළුම් සමග ඇති වූ කතා බහකදී මම ඔහුට
දුන් ඉඟියක් දුන්නෙමි. එදා ඒ ඉඟිය ඔහුට දුන්නේ ඇපල්
මල් යනු සුන්දර මලක් නොවේය යන අදහස දරමිනි. මම ඔබට කීවෙම්, එකල මා ඇපල් මලක් නොදැක තිබුණු බවට. දැක තිබුණා නම් වෙනත්
අදහසක් ඔහුට කියමි. එදා මා කියූ අදහස වූයේ මෙයයි.
මෙහම
කියමු. ඔබ ඇපල් මලක් වාගේ ලස්සන යන්න නොව, ලස්සන වසන්ත කාලේ පිපි ඇපල් මලකි ඔබ
යන්නය අදහස් කළේ කියා.....
මගේ එම
යෝජනාවට කැළුම් ද ප්‍රතිචාර දැක්වූයේ
ඔව්...
එතකොට කාටවත් අවුලක් නෑ. හැමෝම වසන්තය ලස්සනයි කියා විවාදයකින් තොරව පිළිගන්නා
නිසා.... වැනි අදහසකි.
මේ ගීයේ සංගීත
නිර්මානය පිළිබඳවද අප කතා නොකරම බැරිය. එය දැවැන්ත එකකි. එමෙන්ම කැළුම් ගේ මේ අමුතු නැවුම් පද වැලට අවැසි ඒ ලකුණු
අබරණක් මෙන් පළධවා වැඩි පෙනුමක් ලබා දුන් සංගීත නිර්මාණයකි එය. මෙහි සංගීත
නිර්මාණය
සංගීත් වික්‍රමසිංහ
ගේ වන අතර, ඔහු මේ
තනුව තුලදී කැළුම් ට මතුකර දැක්වීමට අවශ්‍ය
වන්නට ඇති දෑ මනාව මතු කළේයැයි මට හිතේ.
මේ ගීතයේ
අතිශය ජනප්‍රියත්වයට සංගීත් ගේ සංගීතයද
අනිවාර්ය සාධකයක් වූ බව නිසැකය.
ඇපල් මලක් ගීතය ගැන මා
ලියූ සටහනට ඌණ පූර්ණයක් එකතු කළේ නෙත් එෆ්.එම්. හි
නුවන් ජූඩ් ලියනගේ හෙවත්, නුවන් ලියනගේ සොහහොයුරා යි. ඔහුට අනුව මෙහි තනුව පෙර
නිමැවී වචන ඒ අනුව පසුව ලියුවකි. මේ ඔහුගේම වචන වලින් ඒ අදහසයි.
යසා
මෙහි එක තැනක් හරි ගස්සමි. ඇපල්
මලක් ගීය කැලුමා
ලිව්වේ සන්ගිත්
අය්යණ්ඩි ගේ තනුවකටය, එහි එක තැනක සුදුසු වදන් නොවු
කල සන්ගිත්
එය කැලුමාට
පැහැදිලි කලේ '
ජිවන වියදම ඉහලයි ගෑනු ලමයෝ යැයි
කියමිනි...
කැලුමාට
තනුව තනුක විය...සොදුරුම වදන් පෙලක් ලිය වින.....කැලුමා
තරම් තනුවට ගී ලියත හැකි කෙරුමෙකු අපේ කාලයේ තවත් නැත.
වර්තමාන සිංහල
ගීතයේ සොඳුරු ගැඹුරුතම හඬ මේ ගීතයට මුසු වීමෙන් දුන් අමුතු රසය මෙතෙකැයි කිව
නොහැකිය.
ඔබ
ඇපල් මලක් වාගේ ගීතය අසා යමු.
එකල මගේ සිත් පැහැර
ගත් කැළුම් ගේ අනෙක් ගීතය රචනය වූයේ
නිරරෝෂා විරාජිනි
ගයන සඳ සාක්කි කියාපු දෙන් ගීතයයි.
කැළුම් ගේ ගීත වල
දර්ශනය වුණු අමුතු නැවුම් බව එහිද නොමද ව ගැබ්ව තිබුණි.
සඳ
සාක්කි කියාපු දෙන්
හිරු
සහතික ලියාපු දෙන්
තරු
දිවුරූ පොරොන්දු නාමෙන්
හිතුමතේට
එහෙට මෙහෙට වැනෙන සිනහ මල්
පැල්
බැඳගෙන සිනාවෙන්න
මල්
වයසට ගෙනත් දුන්න
සුවඳ
සිනා මල්....
මේ ගීතයේදී
කැළුම් යොදාගෙන ඇති බස් වහර ගත් විට එහි එකල තරුණ පරපුර අතරේ සාමාන්‍ය කථනයේදී
භාවිත වචන ද හමු වෙයි. පැල් බැඳගෙන යන වචනය ඒ
යුගයේ විවිධ අයුරින් යොදා ගත් මහත් ප්‍රචලිත වූ එවන් වචනයක් විය. සාමාන්‍ය
භාවිතයේ, විශේෂයෙන් තරුණන් අතරේ ගැවසුනු අම්බානක
වැනි වචනයක් වීය එය. ඒ වචන දිහා බැළූ බැල්මට ගීතයකට ගොනු වීමේ සුදුසුකම් නැතැයි
හැඟෙතත් ඒවා අමුතුවෙන් එල්ලූවා යැයි නොහැඟෙන්නට කැළුම්
සූක්ෂමවී ඇත.
මේ ගීතය හිතට
වැඩිමනත් කා වදින්නට හේතු වුණු අන් කරුණ නම් මේ ගීතය පටිගත වූ දින වල මටද එම
ශබ්දාගාර වල ගැවසෙන්නට වරම් හිමි වුණු බැවිනි.
ඇන්තනි
සුරේන්ද්‍ර
ගේ සංගීත රචනයට අනුව නිර්මාණය වුණු ගීතය මට මතක හැටියට පටිගත
වුණේ කොහුවල පයනියර් ශබ්දාගාරයෙහි ඔසී නුගේරාගේ නාද ශික්ෂනය යටතේය. කොහුවල පයනියර් ශබ්දාගාරයෙහිය එකල කිත්සිරි ජයසේකර ද සේවය කළේ. සිහ ශක්ති කණ්ඩායමද නිතර ගැවසෙන තැනකි එය. මා එකල
නවාතැන් ගෙන වෛද්‍ය පීඨයටත් කළුබෝවිල රෝහලටත් ගියේ මේ අසල නිවසක සිටය. මේ නිසා මේ
තැන අපි සියල්ල හමුවන තැනක් වුණි. ඒ දිනවල ඒ ශබ්දාගාරයේ පටිගත වුණු ගීත බොහෝමයක්
මතකයේ වෙසෙස් තැනක රැඳෙන්නට මේ නිසා හේතු විය.
සඳ සාක්කි කියාපු දෙන් ගීතය අසමු
මේ ගීතය
සමගින්ම ඊ ළඟට මට මතක් වන කැළුම් රචනා කළ
ගීතයද ගයන්නේ
නිරෝෂා
ම ය. එම ගීතය සංගීතවත්
වන්නේ එකල සිහ ශක්ති සාමාජික
සංගීත් වික්‍රමසිංහ
අතිනි.
හෙවණැල්ලටවත්
පාඩුවෙ ඉන්නට ඉඩක් කඩක් නෑනේ
චාටු
වදන් වැකි දරාන ඉන්නට වෙනම හිතක් ඕනේ
සුපෙම්
ඇනුම් පද රෑනයි
ඔච්චම්
තරවටු ගානයි
විහිළු
කොලොප්පන් දුරදිග ගියොතින්
ඇස්
රතු වෙනවාමයි
යොවුන් වියේ ප්‍රේමය
ප්‍රකාශ කරන්නට යාමේදී වූ සම්මත නිති රීති සීමා උල්ලංගනයවීමක් සම්බන්ධව පුංචි අව
නඩුවක් ලෙසටයි මේ ගීතය විකාශය වන්නේ. මේ වයසේ ප්‍රේම ප්‍රකාශයේදී ප්‍රකාශන
රීතියත්, පිලිතුරු දීමේ රීතියත් සාමාන්‍ය සම්මතයට වඩා යම් වෙනසක් වෙයි. කෙළින්
කියන්නට බැරිව තතන තතනා කීම හෝ එහෙමත් නැති නම් යම් රළු ස්වභාවයකින් කීම එහිදී
සාමාන්‍යය වෙයි. අසාමාන්‍යයක් නොවෙයි. එසේම ධනාත්මක පිලිතුරු අපේක්ෂිත එම පැණයට
සෘජු පිලිතුරක් නොලැබීමද, සමහර විට අනවශ්‍ය තරම් කාලයක් ගැනිමද, ඉනුදු නොනැවතී
පැනය විමසන්නා ගේ අභිමානය බිඳලන යම් බැළුම්, ඇණුම් බැණුම්, ගණන් එසවීම් සිදුවීමද
අසාමාන්‍යයක් නොවෙයි. යළි ඊට ප්‍රතිචාර දැක්වීමේදීද, බිය සිත පතුළේ අසීරුවෙන් සඟවා
ගෙන වුව, කොල්ලා කෙල්ලව අභිබවා යාමට ගන්නා යම් උත්සාහයන්ද අසාමාන්‍යයක් නොවෙයි.
එහෙත් මෙම ගීතයේ යෞවනියට නම් එම අභිබවා යාමේ උත්සාහයන් ධනාත්මක පිළිතුරක් වෙනුවට
සෘණාත්මක පිළිතුරක් දීම දක්වා ඇයව ඇද දමා ඇති සේය. එබැවිනි මේ ඊ ළඟ වදන්.
ඇවටිල්ල
අඩු නැත්තෙ මෙතරම්
දුක
නැද්ද ඇයි මෙහෙම සරදම්
මිදි
වැලට රැවටිච්ච ගාණයි
පෙම්
පත් ලිය ලිය
පුදදෙන්නට
එන
ඔබෙ
හිත මට ඕනෑ නෑ නෑමයි
හිත
මාගෙ කියවන්න බැරිනම්
මං
ඔබව පිළිගන්නෙ නැතිනම්
ගඟුලකට
ඉනි කැපුව ගාණයි
මග
තොට රැක ඉඳ
උදුරන්නට
එන
මගෙ
හිත දෙන්නේ නෑ නෑ නෑමයි
මේ ගීත වලදී කැළුම් ගේ වචන භාවිතය සහ ගිතාකෘතිය අන් ගීත රචකයින්ට
වඩා වෙනස් ම විදිහකි. ඒ වෙනස සඳහා ඔහුගේ
වදන් පෙළ ගැස්ම ව්‍යක්තය. අමු නැත. බලෙන් ඇමිණුවා සේ නැත. එය ඔහුගේ ඇතුළාන්තයේ
සිටම පෙළ ගැසී එනවා මිස බාහිරින් සිතමින් මතුපිට වචන නොසැලකිල්ලෙන් තෝරා අසීරුවෙන්
ගැට ගසනවා නොවේ. ඔහු අප ගීත ක්ෂේත්‍රයට වෙසෙස් නිර්මාණකරුවකු වන්නේ එලෙසිනි.
මෙහදී වටිණාම
දේ නම්, කැළුම් සම්මත සීමා දරමින් උපක්‍රමශීලීව
ඒවා අතික්‍රමණය කිරීමයි. සීමා ඉවක් බවක් නැතිව කඩමින්, අසභ්‍ය සහ අභව්‍ය දේ කරණ අයවළුන්
සේ ඔහු ක්‍රියා නොකරයි. එහිම අනෙක් පැත්ත කීවොත්, කැළුම්
කරන්න උත්සාහ කළ දේ අනෙකුන් අතින් සිදුවන විට ඒවා සමහර විට ග්‍රාම්‍ය අභව්‍ය සහ
සමහර විට අසභ්‍ය සීමාවටත් ළඟා වෙයි.
හෙවණැල්ලටවත්
පාඩුවෙ ඉන්නට ගීතය අසමු.
-
යසනාත්
ධම්මික බණ්ඩාර -
දෙවන කොටසට මෙතැනින් පිවිසෙන්න.
කැලුම් කතා කරනකොට තියෙන සරල සැහැල්ලු බව සින්දු වලත් නොඅඩුව තියෙනවා. අසාවෙන් කියෙව්වා. :)
ReplyDeleteමමත් කැමතිම සුන්දර මනුස්සයෙක් ..... කැලුම්ගේ මේ දවස් වල ජනප්‍රිය ගීයක් ..
ReplyDeleteසුරංගනාවන් පරදන ගමන් විලාසෙන්
අපෙ යන එන මං නැති කරලා යන් දේහිනී
හැඟුම් වලට ලැගුම් ගන්න දෙන්න ඇයි බැරී
අහක බලන් යන්නෙ කොහොම ඇයි සීදේවී
මොනර නුවන් හරව හරව බලන හුරතලී
බඹර විසේ එක හුස්මට උරා බී ඇදී
කොහෙන් කොහොම යනවා දැයි කියන් සුන්දරී
අපෙ සුසුමට ගිනි තැබුවේ ඇයි ද ගින්දරී
සියපත් පිපේ වියපත් සිතේ
ඔබ පාන හසරැල්ලකින්
සියොතුන් පවා උන්මාද වේ
පෙම් පාට එක බැල්මකින්
ඔය රූ සිරින් මුසපත් නොවූ
කිසිවෙක් සිටී නම් ලොවේ
පෙන්නන්න මට සුන්දරී....
පද රචනය - කැලුම් ශ්‍රීමාල්
සංගීතය - නඳුන් රත්නායක
ගායනය - නලීන් පෙරේරා, එම්. ජී. ධනුෂ්ක
කැලුම්ගේ කටහඬට මම මුලින්ම ආස උනේ. විස්තර විචාරයේ තිබ්බෙත් නැවුම් බවක්. ඒ හැමදේටම වඩා තිබ්බේ ඔබ කියන ආකාරයේම මොකද්දෝ අමුත්තක්. වචනයට නගාගන්නට බැරි දෙයක් උනත් ඔහු පහසු,සරල විදියට දක්ෂයි!
ReplyDelete