Sunday, February 14, 2016

මුහුණුවර දෙකකින්....




මට කියා ගන්න බැර වුණාට
හිතා ගන්න බැරි වුණාද
නුඹෙ හිත ළඟ
හිත ගොළුවී
මට කියා ගන්න බැරි වුණාට...

මුතු බෙල්ලිය මම 
ආදරයේ වැලි කැට 
හිත යට දරාන
මුතු වෙන තුරු පෙරුම් පිරූ
දිදුලන 
මුතු කැට විනිවිද
ආදරයේ
වැලි කැට ඔබ නොදුටූ...

දිය කිඳුරිය මම 
ආදරයේ සියපත 
හිත යට දරාන
පුබුදිනතුරු පෙරුම් පිරූ
සුසිනිඳු 
දළ පෙති සිඳ බිඳ
ආදරයේ
සියපත ඔබ වැනසූ...

මේ මා ලියූ ගී අතුරින් මා වඩාත් ම කැමැති ම එකකි. එහෙත් ඒ ගීතය ගැන යම් සැඟවුණු කතාවකුත් තිබෙනවා කියන්නට.
මේ ගීතය ගායනා කොට එයින් ප්‍රයෝජනයක් ගත්තේ 

 විශාරද ශානිකා සුමනසේකර  
ගායිකාවයි.
ගීතය ගායනා කොට එයින් ප්‍රයෝජනයක් ගත්තාය යන කියමන තුළ සමහරෙකුට යම් යම් ගැටළු ඇති විය හැකිය. එනම්, මේ ගීතය ගායනා කිරීම තුළින් 

ඇයට මහත් ආලෝකයක් ලැබුණිද? 

ඇයට මහත් ජනප්‍රියත්වයක් ලැබුණිද? 

ඇය මේ නිසාම ක්ෂේත්‍රෙය් ස්ථාවර වීද? 

වැනි පැණයන් එහි තිබිය හැකිය. එහෙත් මා කියන්නේ එවැන්නක් නොවේ. මගේ ගීතයකුත් ඇගේ නිර්මාණ එකතුවට අවැසිව තිබූ වට පිටාවක, එමෙන්ම ඈට හුරු හැඟුම් බර අඩු වේග සරල ශාස්ත්‍රීය ගීතාවලියට පිටින් වෙනත් යම් වේගයක් සහිත රිද්මයකින් වැයෙන ගීතයක් අවශ්‍යයැයි හිතුනු විට ඇගේ ඒ අවශ්‍යතාවයෙන් යම් කොටසක් ඉටු වුණේ මේ ගීතයෙන් වූ බැවිනි. නොමැතිව මේ ගීතය නිසා ඇයට මහාමෙරක් මෙන් දේ ලැබුණු නිසා නොවේ.
මේ ගීතයෙන් ඇයට ඉහත කී ලැබීම් හැර අන් සතුටක් ලැබුණි නම් ඇය ම මෙහි කොතැනක හෝ එය සඳහන් කරණු ඇත. එහෙත් මම මින් ලද දේ වෙයි. ඒ අනෙකක් නම් නොව මා කැමැතිම රචනයක් ගීතයක් ව, එය ගීත එකතුවක් තුළට ගොනු වීමේ සතුටයි. ම රචනයට මහා සංගීතඥයෙකු වන 


ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ 
ඇල්ම බැල්ම ලැබ, මා නොසිතූ, එම රචනය තුළ මා නොදුටු මානයකින් සංගීතවත් වීමයි. එමෙන්ම ඇගේ මුල් ගීත කිහිපය ශ්‍රවණය කිරීමෙන් අනතුරුව මා බොහෝ සෙයින් ප්‍රිය කළ, එමෙන්ම වර්තමානයේදී සුභාවිත ගීතයට විසල් සේවාවක් ඉටු කරණු ඇතැයි අප මහත් ප්‍රමෝදයෙන් බලා සිටින ගායිකාවක් වන විශාරද ශානිකා සුමනසේකරගේ ගේ සුවිශේෂ හඬින් ගැයුනු බැවිනුයි. ඇගේ නිර්මාණ එකතුවට දායක වන්නට මටද අවස්ථාවක් ලැබුණු බැවිනුයි.
මේ එම ගීතයට පිවිසුමයි. 



මා ලියූ ප්‍රේමයේ විප්පයෝගය ගැන ලියැවුණු එම ගීතය තුළ වූ ඒ හැඟුම පවත්වාගෙන යන අතරේම, නැවුම්, යම් ජවයක් සහ වේගයක් සහිත රිද්මයක් සහ සංගිතයක් පවත්වාගෙන යාමට ආචාර්ය රෝහණ වීරසිංහයන් රැගෙන ඇති උත්සාහය මගේ ප්‍රශංසාවට පාත්‍ර වේ. එය සිය පුරුදු ශාස්ත්‍රීය ඌරුවේ හඬ වෙනස් දෙසකට යොමු කර ඉතා ආකර්ශනීයව ගැයුම ගැනද මගේ ප්‍රශංසාව ශානිකා වෙත හිමි කර දිය යුතුම ය. සියල්ලටම වඩා ගැයූ ගීතය ඉවත නොදමා එයට යම් වටිණාකමක් දීම ගැන ද ඈට ස්තුති විය යුතුය.
ගැයූ ගීතය ඉවත නොදමා එයට යම් වටිණාකමක් දීම ගැන ද ස්තුති විය යුතුය යන වැකිය තුළත් ඔබට යම් ගැටළු සහගත දේ ඇතිවා විය හැකිය.

ඔව්. ඔබ එහිදී නිවැරදිය. ඊට හේතුවක් ඇත.
මතු ඉදිරිපත් වෙන්නේ ඔබ මදකට පෙර ඇසූ මට කියා ගන්න බැරි වුණාට ගීතයෙහි දෙවැනි සංගීතවත් කිරීමයි. දෙවැනි පටිගත කිරීමයි. දෙවැනි ගැයුමයි. පළමු නිකුත්වීමයි. පළමු නිකුත්වීම යනුවෙන් පැවසුවේ එහි පළමු සංගීතවත් කිරීම, පළමු පටිගත කිරීම, පළමු ගැයුම මෙතෙක් පළ නොවීමයි.
ඒ කතාව මට මෙහි ලා ලියන්නට හිතුනේ හදිසියේමය. හදිසිය මතු කළේ එහි සංගීතඥයා වූ තිස්ස අයියායි. එනම්  


තිස්ස සිරි පෙරේරා 
සංගීතඥයායි. තිස්ස අයියා ජීවත්ව සිටියේ නම් මට තවම මේ ගැන යමක් කියන්නට සිත් නොදෙනු ඇත. එහෙත් ඔහු නොකියාම ගිය නිසා, මේ ගැනද යමක් කියන්නට මේ අවස්ථාවම සුදුසු යැයි සිතුවෙමි.
දැන් මම පළමුව, ඒ පළමුව පටිගත වූ ගීතය ගැන කතා කරණවාද නැතිනම් තිස්ස අයියා ගැන කතා කරණවාද යන්න සිතමි. තිස්ස අයියා ගැන බොහෝ අය පසු ගිය දිනවල කතා කළ නිසා මම අළුතින් මොනවා කියන්න ද යන්නත් කල්පනා කරමි. හෙත් තිස්ස අයියා වැනි මිනිසෙකු ගැන කතා ොකරම බැරි නිසා ඒ ගැන සුළු දෙයක් පමණක් කතා කරමි.
තිස්සසිරි පෙරේරා ගැන මම පළමුව දැන සිටි සිරි ලක ගුවන් විදුලිය නිසාය. එකල එහි වාදක මණ්ඩලය ගැන කියැවෙන විට මට වඩාත්ම මතක නම් දෙක තුන අතරේ තිස්ස සිරි පෙරේරා යන නමත් විය. තිස්ස සිරි පෙරේරා, කළනි පෙරේරා වශයෙනි ඒ නම් ලැයිස්තුව ඇරඹෙන්නේ.
එකල මම දැන සිටියේ ඔහු වයලීන වාදකයෙකු ලෙසය. එහෙත් මා ඔහුව සජීවීව හඳුනා ගන්නේ විදුලි ඕගන වාදකයෙකු ලෙසිනි. ඒ මගේම ගීත පටිගත කිරීමකදීය.
මේ ගීත පටිගත කිරීම සංවිධානය කරන්නේ විශාරද ගුණදාස කපුගේ ය. ඔහු යොදා ගන්නා සංගීත කණ්ඩායම ට තිස්ස සිරි පෙරේරා , කළනි පෙරේරා ඇතුළු අර ගුවන් විදුලි වාද්‍ය වෘන්දයේ අපි දන්නා ප්‍රබද්ධ නම් සෑහෙන ගණනක් ඇතුළත් විය. තිස්ස අයියාව මට හඳුන්වා දෙන්නේ එදා පටිගත කිරීමේදී මා සමඟ හරි හරියට බර කරට ගත් නවා විසිනි. එනම් නවරත්න ගමගේ ය. 
මෙවන් පටිගත කිරීම් වලදී එම ගීතවල ස්වර ප්‍රස්ථාර තිස්ස අයියා වෙත ලබා දුන් විට ඔහු විසින් මිල මුදල් බලාොත්තුවකින් ොරව නිර්මාණේ යහපත සඳහා සිය කැමැත්තෙන්ම ඉටු කරණු ලබන බොහෝ කාර්යයන් වෙයි. එහෙත් ඒවා දන්නේ දන්නෝ පමණි. 

ස්වර ප්‍රස්ථාරවල යම් යම් සංගීත ඛන්ඩයන් ඒ ඒ සංගීතඥයා වෙත බෙදා දීම, සමහර සංගීත ඛණ්ඩයන් වල යම් වෙනසක් ගැලපෙන අයුරින් සිදු කරමුද යන ොඳුරු ෝජනාන් ගෙඒම මෙන්ම සමහර ගීතයන් හි මුල් රිද්මය සම්පූර්ණයෙන්ම වෙනස් කොට වඩා සුදුසු වෙනත් රිද්මයන් යෝජනා කිරීම වැනි සංවර්ධනාත්මක යෝජනා තිරය පිටුපස සිට ඔහු ඉටු ක බව සමීපතමයින් හර අන් බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි. සමහර ගීත දෙවෙනි වර පටිගත කිරීම් සිදුවන විට තිස්ස අයියාේ එවන් ෝජනාවන් ේතුවෙන් අතිශය ජනාදරයට පාත්‍ර වූ ගීත සෑහෙන ප්‍රමාණයක්ද වනව බව දන්ෝ දනී. වාද්‍ය වෘන්දයේ සම්බන්ධීකරණය බොහෝ විට සිදු වන්නේ ඔහු හරහාය.
මේ හැර වඩාත්ම මට දැනුනු දේ කුමක්ද? 

සැම විටම ප්‍රසන්න සිනහවකින් මුව සරසා ගෙන සිටින ඔහුය වාද්‍ය වෘන්දයේ සිටින අයගෙන් කෙනෙකුගේ හිත් පළමුවම ආකර්ශනය කර ගන්නා පුද්ගලයා ය යන්නයි. 

ඊ ළඟ දේ ඔහුගේ මනුස්සකමයි. ඔහු ප්‍රවීනයින්ට සේම ආධුනිකයින්ටත් මේ කාර්යයේදී එක සේ සේවය කරයි. හිතවත් කම් පායි. සලකයි. ඒ අනුව ඔහු හොඳ මිනිස්කම් පිරි පුද්ගලයෙකි. ඉතා ටික කලකින්ම ඔහු සහෝදරයෙක් වෙයි. හිතවතෙක් වෙයි. මේ ඔහු ගැන මට දැනුනු බිඳෙන් ද බිඳකි. ඔහු නික්ම ගිය හෙයින් බොහෝ දෙනෙක් බොහෝ දේ ලියා තිබුණද මා කිසිවක්ම නොලියූ නිසාය මේ වචන සොච්චම. 
ඔහුට නිවන් සුව අත්වේවා!යි කියනු හැර වෙන කුමක් කියම්ද?
දැන් නැවත ගීතයට හැරුණොත්, මේ රචනයෙන් කළ පළමු ගීතය සංගීතවත් කළේ ඒ තිස්ස අයියායි. තිස්ස අයියා ද මේ ගීතයට ඉතා මධුර මනෝහර නමුත් නව සංගීත රිද්මයට අනුව අඩු වේග හැඟුම් බර සංගීතයක් යොදා තිබුණි. මේ ගීතය පටිගත කරණ මොහොතේ මමද දයා අයියාේ ( ශබ්ද ඉංජිේරු දයානන්ද පෙේරා ේ ) නුගේගොඩ ඊස්ටර්න් රෙකෝඩින් ස්ටුඩියෝ එකෙහි සිටියෙමි. එපමණක් නොව එයට හඬ මුසු කළ  


ගායිකා නිරෝෂා විරාජිනි 
එම කාර්යය ඉටු කරණ අතරේද මම එහි වීමි. මේ හේතුවෙන් සියල්ලන්ම මේ ගීතය පිළිබඳව තෘප්තිමත් වූ බව මම දැන සිටියෙමි. එය නිරෝෂාගේ සීගිරි ගීයක් තුළට ගොනු වනු දැන ගැන්ම මොන තරම් සතුටක්ද? 

එහෙත් ඒ සතුට පැවතුනේ එම නිර්මාණ එකතුව නිකුත් වෙන්නට ආසන්න වනතුරු පමණි. අනතුරුව නිරෝෂා විසින් මට දන්වනු ලැබුයේ මාධ්‍ය ආයතනයකට සම්බන්ධ ගීත රචකයෙකුත් වන අයෙකුගේ ගීයක් අවසාන මොහොතේ ඇතුළත් කිරීමට නිෂ්පාදකයින් තීරණය කළ බැවින් ඉවත් කිරීමට සිදු වන්නේ මගේ ගීය වන බවයි. මම ඇගෙන් ඇසුවේ නිර්මාණ එකතුවට තේරුණු අවම ලකුණු ලැබූ ගීතය මගේද යන්නයි. ඇය අකමැත්තෙන් මෙන් කීවේ එය එසේ නොවන නමුත් නම් දැරූ අනෙකුන් අතරේ එතරම් නමක් නැති මගේ ගීය අතහැරීමට යෝජනා වුණු බවයි. ඇයටද කරන්නට දෙයක් නොතිබුණා විය හැකියැයි සිතීම මට පහසුවකි. එබැවින් මා ඒ ගැන සිතන්නේ ඒ පහසු විදිහට.
එම පටිගත කිරීමේදී මවිසින් කැසට් රෙකෝඩරයකින් රෙකෝඩ් කරගන්නා ලද අසම්පූර්ණ හඬ පටියක් පමණි අවසානයට මට ඉතිරි වුණේ.
අවම වශයෙන් මගේ ප්‍රයෝජනය සඳහා හෝ මේ ගීතය ලබා ගන්නට දැරූ සියළු වෑයම් අසාර්ථක වුණි. මට එම ගීතය පිළිබඳව ඉතිරි වුණේ කලක් මිහිරිව තිබූ පසුව අමිහිරි වූ මතකයක් පමණි. එය හරියට එහි අන්තර්ගතය වැනිම විය. නමුත් පසු කලෙක යළි මේ ගීය මතකයට ආවේ ශානිකා විසින් මගෙන් ගීතයක් ඉල්ලු විටදිය. මේ ගීය ඇගේ හඬින් ඇසීමේ කැමැත්ත ඇති නොවුණි නම් එහි දෙවෙනි පටිගත කිරීම සේම පළමු පටිගත කිරීමත් මට අසන්නට ඉඩක් නොලැබෙන්නට ඉඩ තිබුණි. එහෙත් එම ගීතය ගැයීමට ශානිකා යොමු වීමත් සමගම පළමු ගීතය ඇසීමේ පින ද මට ලැබුණි.
ශානිකා ගීතය ගැයු බවත් එය අන්තර්ජාලයෙහි ඇති බවත් මට දැන්වූ විට එය සෙවීමේදී මට පළමුව ලැබුණේ එහි පළමු ගීතයයි. එනම් නිරෝෂා ගැයූ ගීතයයි.
මේ හේතුවෙන් දැන් මට එකම රචනයකින් කෙරුණු, වෙසෙස් සංගීතඥයින් දෙදෙනෙක් අතුනි නිමැවුණු, එකිනෙකට සපුරා වෙනස් රිද්මයෙන් වැයුණු, වෙසෙස් හඬවල් දෙකකින් මනාව ගැයුණු ගී දෙකක් වෙයි. මේ නිසාම නිරෝෂා ගැයු පළමු ගීය පිළිබඳව වූ අමිහිරි මතකයද ටිකෙන් ටික මගෙන් ඈත් වෙමින් පවතී.
අනතුරුව මේ මොහොතේ මට හැඟුනේ, තිස්ස අයියා අතින් සංගිතවත් වුණු මගේ දෙවෙනි පද රචනය දැන් මා ළඟ සුරැකිව ඇති බවයි. එය මට සතුටකි. ආඩම්බරයකි. ඇසෙන දුරකින් සිටී නම්, තිස්ස අයියාටද අසන්නට මෙහි එම ගීයද පළ කරමි.





-        යසනාත් ධම්මික බණ්ඩාර  -

1 comment:

  1. ගීතයක විවිධ මුහුණුවර ++++++++++

    ReplyDelete