මේ අරුත ගීයට
එක් කරමින් රත්න ශ්‍රී විජේසිංහයන් ගීතයක්
ලියනවා කුමාරි මුණසිංහට. වෙරළු මල් පිපිලා කියලා.
මේ උත්සාහය වෙරළු මල් පිපිලා ගීතය ගැන කතා කරන්න නොවේ.
නමුත් අපි වෙරළු මල් පිපලා ගීතය අසා හිඳ මේ කතාවට යොමු වෙමු.
වෙරළු
මල් පිපිලා ගීතය මෙතැනින් අසන්න.
වරක් රත්න ශ්‍රී ගේ කෘතියක් ජනගත කරණ උස්සව සභාවකදී එහි
පූරක වූ සමන් අතාවුද හෙට්ටි මේ වෙරළු මල් පිපිලා ගීතය ලියා ඇත්තේ අර මනුෂ්‍ය පුරුෂ
බීජවල ගන්ධය වෙරළු මල් සුවඳට සමානය යනු අරුත
වැකිව බව දැන් ඒ ගැන මෙවැනි සඳහනක් කළේය.
රත්නේ, උඹ නම් යකෙක්!
කියායි.
අපි රත්නේ යකෙක් වූ
ඒ කතාව මදක් පැත්තකින් තියමු.
මට මෙහි
කියන්නට අවැසි වන අන් කතාවට යොමු වෙමු.
රෑ
මැදියම මත් වූ තොටියෝ
ඔරු
පදින්න මා කැඳවන
නුඹ
විතරක් එතෙරට යන
රෑ
මැදියම මත් වූ තොටියෝ
මේ අලුත් ගීත
නිර්මාණයක මුල් වදන් පෙළයි.
මෙහි
කියැවෙන්නේ කුමක්ද?
බැලූ බැල්මට
නම් බීමත් තොටියෙකු ගැනයි. මේ තොටියා බීමත්ව සිටින්නේ මහ රාත්තිරියේය. එසේ මහ
රාත්තිරියේ බීමත්ව සිටින මේ තොටියා, දකින යම් යුවතියකට ඔරු පදින්නට කතා කරයි. එහෙත්,
ඔහු සිටින පදම දකින ඇය, ඔහුට තවෙකෙකු තබා තමන්ව වත් නිරුපද්‍රිතව එතෙර කළ හැකි
මට්ටමක නොවන බව වැටහෙයි. එතෙර වන්නට හැකි වෙතොත් ඒ ඔහුටම පමණය.
මේ මතුපිටින්
පෙනෙන ස්වරූපයය.
එහෙත් එය තුළට
ගැඹුරට කිමිද බැලුව හොත්, ඔහු තොටියෙකු නොවන්නේය.
ඒ විලසින්ම
ඔහු මේ මහ රෑ බැරි මරගාතේ පදින්නට හදන්නේ ඔරුවක්ද නොවන්නේය.
එතෙර වීම යනු ගඟකින්
එතෙර වීමද නොවනනේය.
මෙහි බැරිකම
ඔරු පැදීමේ බැරිකමද නොවන්නේ.
එහෙනම් එහි
ඇත්තේ අහවල් එකක්ද?
කෙනෙකු එසේ
අසන්නටත් බැරි නැත.
එහි ඇත්තේ
මෙන්න මෙවැනි දෙයකි.
එහි යටි
පෙළෙහි ඇත්තේ රෑ මැදියම මධු විතෙන් මත්ව සිය නිවසට වන් ස්වාමියෙකු පිළිබඳව කතාවකි.
එවිට ඔරුව
වන්නේ ඉබේටම ඔහුගේ ස්වාමි දුවණියය.
ගංඟාව නම්, ඇය
සතුව ඇති, ඔහුට හිමි කිසි යම් දෙයකි. ඒ කිසියම් දෙයෙහි නම නම් මෙහි නොලියමි.
ඔරු පැදීම යනු
ඔහුට හිමි ඈ සතු ඒ වස්තුව පරිහරණය කිරීමය. ඒ ක්‍රියාවට යෙදෙන නිසි නමද මෙහි
නොලියමි.
අද මේ මත් වූ
තොටියාට නම් තමනටවත් එතෙර වන්නට හැකි දැයි සැක හිතෙන තරම් වුව එකී ඔරු පැදුමට
අතීතයේ දක්ෂ වූ තොටියෙකි.
මාස්
වැස්ස ඉවර වෙලා
අලුත්
වතුර ගලන ගඟේ
මල්
නෙළුවා මතකද තොටියෝ
ඔරුව
පෙරළුනත් ගඟ මැද
මාව
අරන් නුඹෙ තුරුළට
එතෙර
කළා මතකයි තොටියෝ
මාස් වැස්ස
යනු මාස් කන්නයේ ගොවිතැන සඳහා වහින වැස්සය.
කලකට ඉස්සර, ඒ
වර්ෂාවට පසුව එන අලුත් දියේ, ඔරු පදිමින් මල් නෙළමින් ගෙවූ කාලයක් ඔවුනට විය. යම්
හෙයකින් යම් දිනයක ඔරුව ගඟ මැද පෙරළුනහොත්, අත නොහැර ඇයව ගෙන එතෙර කළ පුතයෙකි ඔහු.
දැන් මෙහි ඇති
මේ සංඛේතද අපට අප දන්නා වෙනත් සංඛේතයන් බවට පත් කරගෙන විඳින්නට වෙයි. එහෙත් එය කළ
යුත්තේ තමන්ගේ මනසින් විනා පවතින සංඛේත පැහැදිලි වෙනත් සංඛේත බවට කොලේක ලියා නම්
නොවේ.
මෙවන් වෙනත්
සංඛේත භාවිතයෙන් යටි පෙළෙහි සැඟවූ කතාවක් වෙනත් සංඛේතයන්ට පෙරලා ලියූ විට අර විලසින්
මහත් වූ වෙර වෑයමක් කර යටි පෙළෙහි සැඟවීමට ගත් උත්සාහයේ ඵලයක් නැත. එහෙත් නිර්මාණවල ගැඹුරෙහි සැඟවූ අරුත් සෙවීමේ හුරුව පැහැරගෙන
පොලොවේ ගසා පොඩි කළ සමාජයක, එවන් පුරුදු යළි ඇති කරලීමට නම් එවන් දේ කළ යුතු වෙයි.
නොඑසේව,
බහුතරයක්
රසවිඳිනුයේ බේබදු තොටියෙකු සහ සිය බිරිඳ අතර ගොඩනැගෙන සිද්ධි දාමයක් පමණක් ලෙස විය
හැකිය.
ඒ අනුව යළි ඒ
සංඛේත මේ සංඛේත බවට මාරු කළහොත්,
මේ මාස් වැස්ස
මහ කන්නයේ වැස්ස නොවන්නේය.
අලුත් වතුර ඒ වැස්සෙන්
පසු ගඟ ගැබ්බර කළ දිය කඳද නොවන්නේය.
ඔරු පැදීම යනු
ඔරු පැදීමද නොවන්නේය.
ගඟ මැද ඔරුව
පෙරලීම යනු ගඟ මැද ඔරුව පෙරලීමද නොවන්නේය.
මා පෙර සඳහන්
කළ ඔරු පැදීමක් නොවන ඒ ඔරු පැදීම අතරමග, යම් හෙයකින් ගමනාන්තයට ළඟාවීමට පෙර මේ
තොටියෙකු නොවූ තොටියා කෙළවරට පැමිණියේ වුව, වෙහෙස කර වූයේ වුව, එක්ල් හි නම් ඇයව
කරමත තබා ගෙන හෝ එතෙර කළෙහිය.
ඔරුව නැතිව කරමත
තබා ගෙන හෝ එතෙර කිරීම යනු ඔරු පැදීමක් නොවූ ඔරු පැදීමක ඔරු පැදීමක් නොවූ අන් ක්‍රමයකින්
ඇයව ගමනාන්තයට කැඳවා යාමය. ගමනාන්තය යනු ඒ ඉවුරෙන මේ ඉවුරට යාම නොවන බවද වටහා
ගතයුතු මනාය.
දැන් ඔබ
කවුරුත් මේ කුමන අයුරක ඔරු පැදීමක්දැයි වටහා ගෙන සිටී. එය ඊට වඩා පැහැදිලිව ලියුව
හොත්, වැඩිහිටියන්ට පමණක් වන ක්‍රියාවක විචාරයක් වැනි දෙයක් වනු ඇත.
ඒ වගත් එසේම
සිත්හි තබාගෙන මේ වග බලන්න.
මේ ගේහසිත දිවියේ
මිහිර රැක ගැනීමේ නොගැනීමේ කඩඉම් පැණයකි. එනම්, මෙවන් තත්ත්වයකට පත් වුණු ස්වාමි
දුවක්, යම් දිනයක අන් පුරුෂයෙකුගේ අනියම් බිරියක් වනවාද නොවනවාද යන කඩඉමයි. එහෙත්
මේ බිරියට තාම ඒ වගක් නැත.
රුවල්
නඟා යන නැව් දැක
සසල
වෙලා බැලුවත් නුඹ
නැව්
නඟින්න හිත නෑ තොටියෝ
නුඹෙ
ඔරුවෙන් යළි දවසක
කුමුදු
පිපුනු හඳ එළියක
එතෙර
වෙන්න ආසයි තොටියෝ
වඩා සාර්ථක ශක්තිමත්
පුරුෂයින් මේ කතාවට අනුව නැව්පතියන්ය. රුවල් නගා යන නැව් දකිද්දී ඔහු සිත සලිත
වන්නේ යම් හෙයකින් එවන් නැව් දෙස ඇගේ සිත යොමුවේද යනුවෙන් වන සැකයත් නිසා විය
යුතුමය. එහෙත් ඇය නම් කියනුයේ එවන් නැව් දැක දැක වුව, ඒවායින් එතෙර වීමෙහි
කැමැත්තෙන් තමා තොර වගය. මෙහි එවන් කැමැත්තක් නැති වග කීවේ වුව, එය මතක් කිරීම තුළ,
අනාගත දිනයක එවන් දෙයක් වීමේ හැකියාව බිංදුවකැයි සිතීමේ අපහසුවද ඒ හා සමගම ඇති වග
මට සිතේ.
ඊ ළඟට ඈ
කියනුයේ,
නුඹෙ
ඔරුවෙන් යළි දවසක
කුමුදු
පිපුනු හඳ එළියක
එතෙර
වෙන්න ආසයි තොටියෝ
යනුවෙනි.
ඈ තුළ අන්
පුරුෂයින්ට තවමත් ඉඩක් සැදී නැත ඇයට තවමත් අවැසි ඔහු විසින්ම ගමනාන්තය තෙක් ඇයව
කැටුව යනු දැකීමය.
එහෙත්, එසේ
ඇයව කැටුව යාම මේ විදිහට ඔහු පැහැර හරින්නේ නම් අතපසු කරන්නේ නම්, එය වීමේ අනතුරු
නැතුවා නොවන වගද කිව යුතුය.
ඉතින් මේ නම්
කුමන අරුමැසි ගීතයක්ද? මේ ජීවිතයේ එක් ගැඹුරුම ගැඹුරුම වැදගත්ම වැදගත්ම දෙයක් ගැන යමෙකුට
හිතා ගන්නට පවා අපහසු මට්ටමේ නිර්මාණයක් නොවේද?
රජී
වසන්ත වෙල්ගම
මෙය ලියන්නට කුමන වෙහෙසක් ගත්තා දැයි මම කල්පනා කරමි. ඒ
වෙහෙසට යම් ගෞරවයක් කරණු පිණිසය ගීතය නිකුත් වී මෙතරම් සුළු කාලයකින් මගේ මේ
දුප්පත් වෑයම.
අද අප පරපුරේ
ගීත රචකයින් අතුරින් මතුව පෙනෙන ගීත රචකයින් කිහිප දෙනෙකු වෙතත්, බොහෝ කතා බහ කරණ
ඒ අන් අයට වඩා, අර තරමින් කතා බහට බඳුන් නොවුනු රජී
වසන්ත වෙල්ගම මෙවන් රචනාවන් තුළින් අපට පෙන්වන්නේ අපට බලාපොරොත්තුවක් තැබිය
හැකි වඩාත්ම උසස් පරිකල්පන ශක්තියකින් හෙබි ගීත රචකයා තමන් බවය.
මේ ගීතයේ පද රචනය
කළ හාස්කම ඉදිරියේ යම් සංගීත රචකයෙකු යම් මට්ටමකට දුර්මුඛ විය හැකිය. හේතුව එහි
සංගීත නිර්මාණය විසල් අභියෝගයක් වන බැවිනි. එහෙත් ඉන් දුර්මුඛ නොවී එහි උච්ඡත්වය
රැක දීමට
සංගීතඥ අරුණ
ගුණවර්ධන
සොහොයුරා දන්වා ඇති
සමර්ථභාවය ප්‍රසාද ජනකය.
පුරුදු ලෙසින්ම
එවන් ගීතයකට සිය භාවමය හඬ ගුණය දෙමින් එය වර්ණවත් කරන්නට
සම්මානනීය ගායිකා ඉන්දිකා උපමාලි
සොහොයුරිය සමත්ව ඇත. මෙවන් හැඟීම් ගායනයක්
සඳහා තමන් හැර අන් නමක් යමෙකු සොයන්නේ නම් ඒ ගැන දෙවරක් හිතන්න යැයි මෙවන් ගීත
වලින් ඇය අපට සන් කරණවා වැනිය.
ඒ සියල්ල එසේ
වත්දී යලිත් මට මතක් වන්නේ රජී මය.
මත්
වූ තොටියෝ ගීතය අසා සිටිමු.
රත්න
ශ්රීට සමන් අයියා කියූවා සේම,
මමද උඹට එයම කියමි.
රජී..... උඹ යකෙක්!
මම,
- යසනාත්
ධම්මික බණ්ඩාර -