ඇය ළඟින් සිටිදා මම මෙම ගීය
ලියන්නට වෙහෙසුනෙමි. එහෙත් කවියාගේ අවාසනාව දැඩි විණ. ලියාගත නොහැකි විණ. අනතුරුව
ඈ මගෙන් දුරස්ව බොහෝ දුර....
එහෙත් දවසක ඒ
කව ලියැවිණි...... ඒසේම දවසක ඒ ගීය ලියැවිණ..... ඒත් ඒ කව කියවන්නට, ඒ ගීය අසන්නට ඈ
අසළකවත් නොවුණි. ඈ සිටින ඉසව්ව කොහි වේද? ඈ කොහි සිටියත් ඒ කව ඈ කියවනවාට, ඒ ගීය ඈ
අසනවාට මා තුළ කැමැත්තක් ඇත.
මේ ගීය මා
මෑතකදීම කළ ගීත කිහිපය අතර ප්‍රියතම ගීය ලෙස මගේ හිතේ වෙසෙස් තැනක වෙයි.
අහම්බයකින් වෙනත් ගීයක් ගැන කතා කරන්න ගොස් සංගීතඥ
දර්ශන රුවන් දිසානායකට මගේ වෙනත් ගීත රචනා දෙකක් දැකගන්නට ලැබුණි. කතා
කර කර හිටි ගීතය පසෙකලා ඔහු පළමුව සංගීතවත් කළේ පසුව ඔහු දුටු ගීත රචනා දෙකයි.
පසුගිය සතියේ අවුරුදු තෑග්ග ලෙස මම ඔබට අසන්නට දුන් අමල්
පෙරේරා ගයන රාත්‍රිය උවමණා කර තිබේ ගීතය ඉන් එකකි. මේ අනෙකයි. දර්ශන ගේ
සංගීතයට මෙය ගයන්නේ විශාරද අමරසිරි පීරිසුන්ය.
දර්ශනගේ සංගීතය මගේ සිතේ ගැඹුරේ තැන්පත් වූ හෘදයංගම හැඟුම් මනාව මතු කළේය. එයට යෙදිය
යුතු මීට වඩා හොඳ සංගීතයක් ගැන මට මතක් නොවේ. මේ ගීය ගැයීමට වර්තමානයේ සිටින හොඳම
හඬ සහිත ගායකයාණෝ සිය හඬ සම්මාදම උපරිම වශයෙන් ඉටු කළේය. ඒ සඳහා දිය හැක්කේ පින්
හැර අනෙකක් නොවේ.
නුඹ
ළඟින් සිටි දා කියන්නට බැරිවුණු
කටු
අකුරු කැබිලිති හරියටම නොලියුණ
කවියක්
ව ලියැවුණු හුදකලා මේ රෑ
අනේ
නුඹ - මගේ ගී හඬ ඇසෙන දුරකින් හිඳී නම්
අනේ
නුඹ - අනේ නුඹ
එදා මට එම කව ලියාගත නොහැකි වුණි. නුඹ කුමක් කරන්නද ඊට? ලියාගත නොහැකි වූ
කවකට නුඹ කෙලෙස රසිකාවියක් වන්නද? ඒත් අවමයෙන් මා ඒ කව ලියැවුණු බව කියන මේ ගීය හෝ
නුඹට ඇසෙනවා නම් මම ඊට සතුටු වෙමි.
රස
කවි ලියන්නට හිතුණු දා
කවි
නිමිති උදුරා - කවි වරම් නොමදුන්
කවි
වදන් සඟවා - කවි සිතට ගැරහුම්
අනේ
නුඹ - මගේ ගී හඬ ඇසෙන දුරකින් හිඳී නම්
අනේ
නුඹ - අනේ නුඹ
කොතෙක් කවි ලියූ
මට මේ කවිය පමණක් ලියා ගන්නට බැරිවුණේ ඇයි දැයි මට යන්තමින් මතකයි. මා කවි නිමිති
සොයන විට නුඹ ඒවා කවි නිමිති නොවේයයි කීවාය. මා ලියන කවි, කවි නොවේ යයි කියා කවි
වරම මට නොදුන්නාය. මුතු හරකට මෙන් ඇමිණිය හැකිව තිබූ කවි වදන් මගෙන් සැඟවූවාය. මගේ
කවි සිතට ගැරහුවාය. අවසන නුඹ කවියෙකු නොවේ යයි පවසා කවි සිතක් සොයා අනන්ත අවකාශයට
පිවිසියා ය. ඒ කවි සිත නුඹට හමුවුණා දැයි මම නොදනිමි. හමු වුණේ කවි සිතක් නොවේනම් නුඹ
තුටින් නොවන බවද දනිමි........ ඒත් තරහක් නම් නෑ.... දුකක් නෑ කියන්න නම්
බෑ....බොරුවක් වන නිසා.....
අවමයෙන් ඒ කව
ලියැවුණු බව කියන මේ ගීය හෝ නුඹට ඇසෙනවා නම් මම ඊට සතුටු වෙමි.
රස
ගී තනන්නට හිතුණු දා
හද
විලම කළඹා දී තැවුල් රිදවුම්
ගී
කළල උදුරා - ගී සිතට වද දුන්
අනේ
නුඹ - මගේ ගී හඬ ඇසෙන දුරකින් හිඳී නම්
අනේ
නුඹ - අනේ නුඹ
අනේ
නුඹ - මගේ ගී හඬ ඇසෙන දුරකින් හිඳී නම්
අනේ
නුඹ .....
කොතෙක් ගී
ලියූ මට මේ ගීය පමණක් ලියා ගන්නට බැරිවුණේ ඇයි දැයි මට යන්තමින් මතකයි. මා ගීයකට
මුළ පුරණ විට නුඹ මගේ ගී සිත කළඹා ළතැවුළින් මහද පිරිවීය. මෝරා එන ගී කළල උදුරා ගී
සිතට අනන්ත වද වේදනා දුන්නාය. අවසන, නුඹ ලියන ගී ගී දැයි පවසා ගී සිතක් සොයා අනන්ත
අවකාශයට පිවිසියාය........නුඹට ඒ ගී සිත හමුවූවා දැයි මම නොදිමි. ගී සිතක් හමු
නොවුවා නම් නුඹ තුටින් නොවන බවද දනිමි. ඒත් තරහක් නම් නෑ.... දුකක් නෑ කියන්න නම්
බෑ....බොරුවක් වන නිසා.....
අවමයෙන්
ඒ ගීය ලියැවුණු බව කියන මේ ගීය හෝ නුඹට ඇසෙනවා නම් මම ඊට සතුටු වෙමි.
මම, මට හැකි
ලෙසින් මේ ගීයට රූප ඇමිණුවෙමි. එහි අදහස මතු කරන්නට ඉන් උත්සාහ කළෙමි. ගීයේද, රූප
ඇමිණුමේද ඔබට දැනෙන දේ ගැන දැන ගැනීම මට වටිනා බවද ලියා තබමි.
ස්වර
- දර්ශන රුවන් දිසානායක
හඬ
- විශාරද අමරිසිරි පීරිස්නාද ශික්ෂනය - ජනක දළදාවත්ත ( පන්සිළු - මහරගම)
-
යසනාත්
ධම්මික බණ්ඩාර -