ආලවන්ත වීදියේ - යසනාත් ධම්මික බණ්ඩාර ගී පද සිත්තම් / AALAWANTHA WEEDIYE - YASANATH DHAMMIKA BANDARA LYRICAL PAINTINGS
ඔහු නමින් යසනාත් ධම්මික බණ්ඩාර වෙයි.
කුරුණෑගල ඉපිද කුරුණෑගලම හැදී වැඩුණු යසනාත් කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ආදී සිසුවෙකි.
ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ උසස් ලෙස සමත්වන ඔහු වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා කැළණිය විශ්ව විද්‍යාලයීය රාගම වෛද්‍ය පීඨයටත් පසුව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයටත් ඇතුළු වෙනවා.
අනතුරුව වෛද්‍යවරයෙකු ලෙස මීගමුව, තඹුත්තේගම, කරවනැල්ල, කෑගල්ල යළිත් තඹුත්තේගම සහ කුරුණෑගල ප්‍රදේශ වල වසර විසි පහක් පමණ සේවය කරනවා.
මේ වන විට ඔහු කුරුණෑගල ළය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා සහ කුරුණෑගල දිස්ත්‍රික් ක්ෂය රෝග මර්ධන නිලධාරීවරයා ලෙස කටයුතු කරමින් සිටිනවා.
තව නොබෝ දිනකින් ඔහු තමන්ට හුරු පුරුදු කුරුණෑගල ශික්ෂණ රෝහලේ අක්මා ආමාශ සහ ආන්ත්‍රික ඒකකයට යළි පැමිණීමට නියමිතයි.
ඒ් තොරතුරු එසේ වුවද, කලා රසික බොහෝ අය ඔහුව දැන හඳුනන්නේ ඔහුගේ මේ වෙදැදුරු භූමිකාව නිසාවෙන් නම් නොවේ.
ඔහු කවියෙකු, ගීත රචකයෙකු, ලේඛකයෙකු, විවිධ කලා නිර්මාණ විමසන්නෙකු, වන ජීවී ඡායාරූපකරණයට ප්‍රිය අයෙකු ආදී වශයෙනි.
ඒ් අතරිනුත් ගීත රචනා ක්ෂේත්‍රය ප්‍රමුඛ වෙනවා.
සංගීතඥ නවරත්න ගමගේගේ
සංගීතයට
ගායක සමන් ජයනාත් ජිනදාස
ගයන මේ ගීතය ඔබට මතකදැයි බලන්න.
ගානතෙල් සඳුන් වරලස
පීරමින් බලන හැඩ රුව
නුඹම නොවෙද මට හිනැහුණු අහිංසකාවී
කෝල මුතු සිනා දෙතොළග
ඉසුනු රන් ළමැද ගෝමර
නුඹම නොවෙද හිත රජවුණු මහේසිකාවී
සඳ හිනැහී එන යාමෙක
සුදු සඳරැස් විලට බසින
සුනිල පියුම් පෙති නෙළමින
මාල ගොතා ගෙලේ බඳින
නුඹම නොවෙද මට හිනැහුණු අහිංසකාවී
නුඹම නොවෙද හිත රජවුණු මහේසිකාවී
වසන්තයේ හිරු හිනැහෙන
දිගන්තයේ මල් සුවඳින
දසන්තයේ සිත් පුබුදන
කාන්තියේ නෙත් පිනවන
නුඹම නොවෙද මට හිනැහුණු අහිංසකාවී
නුඹම නොවෙද හිත රජවුණු මහේසිකාවී
අපි ගානතෙල් සඳුන් වරලස ගීතය මෙතනින් අසමු.
ඒ් යසනාත් ලියූ ගී අතරින් මුළින්ම රසික ප්‍රසාදය දිනා ගත් ගීතයයි.
යසනාත් කවි ගීත ලියන්නට පෙළඹෙන්නේ
නන්දන වීරසිංහ,
රත්න ශ්‍රී විජ්සිංහ
වැනි ප්‍රවීනයන්ගේ ඇල්ම බැල්ම යටතේය. ඒ උතුමන් යසනාත්ට දුරස්ථ ගුරුවරුන් බඳු විය.
ඔහු කවියෙහි ගීතයෙහි සිය හැකියාවන් වර්ධනය කර ගන්නේ
මහින්ද කුමාර දළුපොත,
වසන්ත දුක්ගන්නාරාල,
තිඹිරියාගම බණ්ඩාර
වැනි කවියට ගීතයට ළැදි මිතුරන් හා ගෙවූ බෝඩිං ජීවිතය අතරතුරය.
මේ අතරේ ඔහුට මුණ ගැසෙන
විශාරද ගුණදාස කපුගේ
නිසා යසනාත් ට තමන් ලියූ ගීත කිහිපයක් පටිගත කිරීමේ වාසනාව හිමි වෙනවා
අනතුරුව ගුණදාස කපුගේ,
වික්ටර් රත්නායක,
නිර්මලා රණතුංග,
අමරසිරි පීරිස්
කරුණාරත්න දිවුල්ගනේ
ප්‍රදීපා ධර්මදාස
ඩබ්. ඩී. ආරියසිංහ
එඩ්වඩ්
ලක්ෂ්මන්
රශ්මි සංගීතා
සමිතා
නිරෝෂා
ආදී වශයෙන් ඔහුගේ ගීත ගැයූ ප්‍රවීන ගායක ගායිකාවන්ගේ නාමයන් කියන්නට ගියහොත් එය බොහෝ දිගු ලැයිස්තුවකි.
ප්‍රවීනතමයින්ට සේම අලුතින් ක්ෂේත්‍රයට බට සිරස වොයිස් ටීන්ස් හි
ලිහිණි මිනෝදා,
දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර් කිරුළ දිනූ
අංජලී හේරත්
වැනි අයටද යසනාත් ගී ලියා ඇත.
එපමණක් නොව ක්ෂේත්‍රයේ කිසිදු නමක් නැති, සිය පළමු ගීතමය පියවර තබන ගායක ගායිකාවන් රැසකටමද යසනාත් ගී ලියා ඇත.
විශාරද ගුණදාස කපුගේ සංගීතවත් කොට ඔහුම ගයන මේ ගීතය යසනාත් ගේ කිඳුරු ගීතය සංගත තැටියේ අඩංගු වුණු ගීතයකි.
වැවු තාවල්ලේ සුදු කොඩි බැඳලා
කාගෙද මළගම කණකොකුනේ
ගොම්මං යාමේ වෙසතුරු දා ගී
හඬින් ගයනවද කොරවකුනේ
ගැබ්බර මහ වැවු කණ්ඩිය පුපුරා
දියවර හිඳුනේ මොන පවිනේ
පිනිබර නිල් දළු ගොයමට ගිනිලා
කිම ඔරවන්නේ හිරු දෙවිඳේ
රස බර කවි සී පද ගොලු වීලා
යාය පුරන් වී ඉඩෝරයේ
තොළ කට තෙමනා
දියවර යදිනා නියං කුරුල්ලන් විලාප දේ
අපි මෙතනින් වැවුතාවල්ලේ සුදු කොඩි බැඳලා ගීතය අසමු.
කිඳුරු ගීතයෙහි ම සංගෘහිත
එච්. එම්. ජයවර්ධන
සංගීතවත් කොට විශාරද මාලනී බුලත්සිංහල ගයන මේ ගීතයද යසනාත් ට විශේෂ ගීතයකි.
කහට පැහැ වුණත් අතැඟිලි - හිතේ කහට නැතුවා
දුක් ගින්න හිතේ දැවුණත් - තොල් අගින් හිනාවෙනවා
අත පයේ රුදා දැණුනත් - හෙට උදෙත් වැඩට එනවා......
ජීවිතේ බරත් අරගෙන - දළු උරේ බරත් බැඳගෙන
යාය පුරා යනවා....
රන් රිදී අපට නොලැබෙන - දිගු ඇඟිලි තුඩින් නෙළමින
සිත ලෝබ නැතුව දෙනවා.......
මීදුමේ ඔසරි ඇඳගෙන - පිණි පොදේ හවඩි බැඳගෙන
කන්ද සිනාසෙනවා...
පින් කෙතේ වාසි නැතුවත් - දළු මුරේ සිනා බල බල
මේ අපිත් සිනාසෙනවා.....
අපි කහට පැහැ වුණත් අතැඟිලි ගීතය මෙතැනින් අසමු.
නවරත්න ගමගේ
ගේ හමුවීම යසනාත් ගේ ගීත දිවියේ සුවිශේෂ සිදුවීමකි.
ඔවුන් දෙදෙනා එකතුව
ඉමාන් පෙරේරා
ට නිර්මාණය කළ මේ ගීතය ඒ හමුවේ මිහිරිතම ඵලයකි.
සුවඳ මල් රේණු පිස එන
හාදු දෙන සිහිල් මද නල
නුඹට සමානා
කුරුළු තුඩු අගින් ගිලිහෙන
මිහිරි මියුරු ගී පදවැල
නුඹේ සිනාවා
සීත පිණි වතුල සඳවත
මොදු වී නිශා නුබ ගැබ
අඳුර මකාවා
නීල විල් දියේ උපදින
කොඳ මලක සුමුදු දළ පෙති
කොපුල් තලාවා
අරුණු දොරකඩින් නැග එන
උදා හිරු කිරණ හදවත
පුබුදු කරාවා
නොබා කරළියට දිව යන
හදට පණ පොවන උල්පත
නුඹේ සිනාවා
අපි සුවඳ මල්රේණු පිස එන ගීතය මෙතැනින් අසමු.
ප්‍රවීන ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ
ගයන අරමෝදුවෙලා සිනා පුරණ සඳ මඬලින් අහන්න ගීයද ඔවුන් දෙදෙනාගේ අපූර්ව නිර්මාණයකි
අර මෝදු වෙලා සිනා පුරන
සඳ මඬලින් අහන්න
ඇයි දුක් නොවන්නෙ කියා
හිරු කුමරුන් බැස ගියාම
අතු අගට වෙලා හිනා පුරන
මල් යායෙන් අහන්න
ඇයි දුක් නොවන්නෙ කියා
පිපි කුසුමන් පර වුණාම
හඬනවද සඳත් තනියම
තැවෙනවද මලුත් රහසෙම
ඔබ දන්නවා ද
ඇයි මට විතරක් මේ
ඔබ හැරගියාම
සිහිනයක පිපී සුන්දර
රැඳේවි ද සොඳුරු යාමෙක
මගෙ හද යහනත
ඇයි මට විතරක් මේ
ඔබ හැරගියාම
අපි අර මෝදුවෙලා සිනා පුරණ ගීතය මෙතනින් අසමු.
මේ අතර නවා සහ යසේ එකතුව රශ්මි සංගීතා සහ ඩබ්. ඩී. ආරියසිංහ ප්‍රවීනයින් දෙපළට නිර්මාණය කරදුන් මෙන්න මේ ගීතය අතිශයින් විචිත්‍රය. එය උත්තර භාරතීය රාගධාරී සංගීතයේ එන බ්‍රින්දාවනි සාරංග් රාගය ඇසුරු කරමින් නිර්මාණය කළ ගීතයක් වෙයි.
වළාකුළු පෙළින් බසින්න
ඇවිත් මල් ගැබේ නිදන්න
චන්ද්‍ර කුමරියේ කාටද
නුඹගෙ ආදරේ
මට ද ආදරේ
අසාවී මෙසේ තුන්යම
දිලී තරුකා මල්දම
කියා නෑ තාම හිත රැඳි
සුසුදු ආදරේ සුසුදු ආදරේ
දේවතාවියක් විලසින
පාන හස කැළුම් නුබ ගැබ
පතා ඉන්නෙමි සඳ වත
නුඹගෙ ආදරේ
නුඹට ආදරේ
අහස් ගං කුසින් බැසගෙන
මිහිමතට එම්ද කෙලෙසින
රැඳී ඉන්නෙමී සැමදින
අහස් ගං කුසේ
දෙව් ලියක් ලෙසේ
දේවදාර තුරු පාමුල
තාම මම ඉඳිමි තනිවම
දිනා ගන්නෙ දෝ කෙලෙසින
නුඹගෙ ආදරේ
නැතිද ආදරේ
තාරුකා වනේ සරමින
නුඹ නමින් දිලෙමි සැමදින
සදා හිනැහෙමී ඉඳගෙන
අහස් ගං කුසේ
නුඹට ආදරේ
මටද ආදරේ
නුඹට ආදරේ
මටද ආදරේ
නුඹට ආදරේ
මටද ආදරේ
නුඹට ආදරේ
අපි වළාකුළු පෙළින් බසින්න ගීතය මෙතනින් අසමු
මේ වන විට යසනාත් ගේ ලේඛණ දිවියට වසර 35කි. ගීත රචනා දිවියට වසර 25කි. මේ කරුණු දෙක නිමිති කරගෙන ඔහු ආලවන්ත වීදියේ නමින් ගීත ප්‍රසංගයකට පසුගිය වසරේදී සූදානම් වෙමින් සිටියේය. එහෙත් ප්‍රධාන ඡන්ද දෙකක බලපෑම හේතුවෙන් එය දිනෙන් දින කල් දමන්නට සිදුවුනි.
නමුත් මේ වන විට ඒය එළඹෙන ජූලි මස 05 වන දින ශනිදාවේ සවස 6.30 ට කොළඹ නාලන්දා විද්‍යාලයීය මළලසේකර රංග ශාලාවේ දී එය පැවැත්වීමට දින නියම කරගෙන ඇත.
ප්‍රසංගයට ආලවන්ත වීදියේ යන නාමය ලැබෙන්නේ යසනාත් ම ලියූ
සංගීතඥ සුරේෂ් මාලියැද්දේ
ගේ සංගීතයට
විශාරද අමරසිරි පීරිසුන්
ගයන මෙන්න මේ ගීතය නිසාවෙනි.
මේ ආලවන්ත වීදියේ
නෙක විසිතුරු සල්පිල් වල
සිහින තියෙන්නේ
ඒ සිහින වලින් වඩා සොඳුරු
සිහින සොයා වීදි පුරා යන්න හිතෙන්නේ
යන්න හිතෙන්නේ
මේ ආලවන්ත වීදියේ
සොඳුරු වුනත් පාට හීන
වැඩි මිල නෑ
හරි ලාබෙට ගන්න තියෙන්නේ
පරිස්සමින් නොගත්තොතින්
සිහින බිඳෙන්නේ
මේ ආලවන්ත වීදියේ
මේ ආලවන්ත වීදියේ
නුරා ළඳුන් නෙතඟ බැලුම්
වැඩි මිල නෑ
අතමානෙම ගන්න තියෙන්නේ
පරිස්සමින් නොගත්තොතින්
දෑස රිදෙන්නේ
මේ ආලවන්ත වීදියේ
අපි ආලවන්ත වීදියේ ගීතය මෙතැනින් අසමු.
ඔබ මෙතෙක් ඇසූයේ ඔහුගේ පටිගත වුණු ගීත සියයකට අධික සංඛ්‍යාවක් අතරින් තෝරා ගත් ගීත හය හතක් පමණි. එහෙත් ආලවන්ත වීදියේ ප්‍රසංගයේදී එම ගී හය හතද ඇතුළත්ව යසනාත් ලියූ ගීත 25 කට අධික සංඛ්‍යාවක් ගායනා වීමට නියමිතය. එහි ගී ගයන ප්‍රවීන ශිල්පීන් ගණන 15 දෙනෙකු පමණ වෙයි. ප්‍රවීන වාද්‍ය වෘන්දයක් සංගීතය සපයනු ඇත. සංගීතය මෙහෙයවනු ලබන්නේ ප්‍රවීන සංගීතඥ නවරත්න ගමගේ විසිනි.
එය සරල කාර්යයක් නොවේ. බරපතල ව්‍යයාමයකි.
යසනාත් ට තනිව කරන්නට අමාරු මේ කාර්යයේදී ඔබගේ අත හිත තරම් ලොකු දෙයක් ඔහුට නැත.
ඒ් නිසා ම මේ ඔහු ඔබගේ සහයෝගය පතන වේලාවකි.
ඔබ එකිනෙකා ඔහුට කරණ පොඩි පොඩි උදවු රැසකින් ඔහුට ඔහුගේ සිහිනය සැබෑ කරගැනීමට හැකි වනු ඇත.
# # # # #
ඔය ඉහත සටහන මේ අදහසින් යුත් විඩියෝවක් සඳහා සැකසූවකි. ඇත්තටම නම් එම සටහන අන් අයෙකු විසින් ලියා අන් අය විසින්මය කළ යුතු වන්නේ.
නමුත් එය මවිසින්ම ලියා දෙන ලදි.
එහි අවුලක් වේදැයි නොවේදැයි නොදනිමි. අවුලක් වෙතත් නොවෙතත් දැන් මේ වැඩේ ගැන පැහැදිලි අදහසක් ඔබට ලැබුණා යැයි සිතමි.
විඩියෝව වෙනුවෙන් ලියැවුණු ඒ් සටහනම මේ බ්ලොග් සටහන වෙනුවෙන් ගනු ලැබුවත්, ඊට වඩා වැඩි ඉඩක් නිදහසක් මට මෙහි ඇත්තේ, මා ලියූ ආලවන්ත වීදියේ ප්‍රසංගයේදී වැයෙන්නට නියමිත තවත් ගීත කිහිපයක් පමණක් මෙහි අමුණනු කැමැත්තෙමි.
ගැන ඔබ දන්නවා විය යුතුය. එහෙත් නොදන්නා යමෙකු වේ නම් මතක් වනු පිණිස ඔහුගේ ගීතයක් දෙකක මුල් පද මෙහි ලියමි.
අමරදේවයන්ගේ ගිමන් හරින දියඹ දිගේ ගීතයද
අමරදේවයන් සහ උමාරියාගේ හන්තාන
සිහිනේ ගීතයද සංගීතවත් වූයේ ඔහු අතිනි.
පසු කලෙක අප දෙදෙනා එක්වද ගීතයක් කළේ යම් තරමකට අර හන්තාන සිහිනේ ගීතයේ ඡායාවක්ද ඊට වැටිය යුතුය යන එකඟතාවද ඇතිවය. අර කී ගී දෙක තරම් නොවුනත් යූටියුබයෙහි අප ගීතයටද මහත් ප්‍රතිචාර ලැබුණි.
පතමි නොගැටෙන ලෙසට කිසිදින
සොඳුරු ඔය මුව කමල
මා දෙනෙතේ
අසමි යළි එය සැබෑ පැතුමද
සැඟව වැලපෙන
බිඳුනු සඳ ඔය
තුරුණු සිත් මඬලේ
උයන තරුණයි
ගඟද තරුණයි
ඈත කඳුවැටි පෙළද තරුණයි
ගතින් නොවුණත් සිතින් මහළුව
ඇයිද සකිසඳ
තවම ලොව තරුණයි...
උයන අඳුරුද
ගඟට දැනුනිද
ඈත කඳුවැටි පෙළට රිදුනිද
සිතින් විඳවන සිතුම් අතහැර
වඩිනු සකිසඳ
තවම මම නුඹගෙයි
අරුණ ගුණවර්ධනගේ සංගීතයට ගීතය ගයන්නේ
ප්‍රවීන ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ
සහ
ගායන ශිල්පීනී ලක්ෂනා ලක්මිනි
විසිනි.
පතමි නොගැටෙන නම් වන ඒ් ගීතය මෙතැනින් අසමු.
මේ අතර ප්‍රවීන
විසින් සංගීතවත් කළ ගීත දෙකක් ගැනද මෙහි සඳහන් කරණු කැමැත්තෙමි. එසේ කී විට අනෙක් ගී ගැන සඳහන් කිරීම අකමැති දෙයකැයි ඔබට සිතෙන්නේදැයි මම නොදනිමි. නැත. නැත. නමුත් මේ සටහනට ඒ් අනෙකුත් ගීත ඇතුළත් නොකරන්නේමැයි මේ මොහොතේ සිතන නිසාය එලෙසින් සඳහන් කළේ.
මවිසින් ගියා දර්ශනට දුන් එක් ගීතයක් අප
අමල් පෙරේරාගේ
හඬින් ගැයිය යුතු යැයි සිතුවෙමු. ඒ් අනුවය මේ ගීතය නිම වන්නේ.
රාත්‍රිය උවමනා කර තිබේ
නිදන්නට නොව
ලොවින් සැඟවෙන්න
කණා මැදිරියනි
එපා ගෙට එන්න
රාත්‍රිය උවමනා කර තිබේ
වැළපෙන්න
එකට ආ මාවතේ ළං ළං ව
රැඳුනු ඇඳුනු සිවු පිය ලකුණු
එක පෙළට
දෙමගකට හැරුණු හැටි
දැනගන්න
රාත්‍රිය උවමනා කර තිබේ
වැළපෙන්න
නිසල තුරු මානයේ මල් මල් අතර
පිරූ පිරූ පෙම් ගී සොඳුරූ
මුණු මුණු ව
ගොළුවතට හැරුණු හැටි
දැනගන්න
රාත්‍රිය උවමනා කර තිබේ
වැළපෙන්න
රාත්‍රිය උවමනා කර තිබේ
නිදන්නට නොව
ලොවින් සැඟවෙන්න
රාත්‍රිය උවමනාකර තිබේ ගීතය මෙතැනින් අසන්න.
මේ අතර මවිසින් ලියා දුන් එක් ගීතයක් තමන් විසින්ම ගයමියි
සොහොයුරා මා හා පැවසීය. ඔහුගේ පිරුණු මියුරු හඬ ගැන දන්නා මම එයින් මහත් සේ සතුටු වුනෙමි.
මම රෝස පෙති සිඹිමි
ඔය රෝස කම්මුල් මතකයට නගමී
පිනි දිය සිසිල විඳමී
ඔය සුමුදු ළවනත
සිසිල සිහි කරමී
රෑ අහස තරු බලමී
ඔය නීල නෙත් මිනි
මතකයට නගමී
හිම පියළි දෙස බලමී
ඔය මුතු දසන් පෙළ
මතකයට නගමී
රෑ සිහිනයේ ගිලෙමී
ඔය මුහුණුවර
ඒ සිහිනයේ දකිමී
මම රෝස පෙති සිඹිමී
හදවතින් ඔය
මුදු දෙකම්මුල් සිඹිමී
මම රෝස පෙති සිඹිමී ගීතය මෙතැනින් අසමු
මේ අතර ප්‍රවීන ගායක
ලක්ෂ්මන් විජේසේකර
ගයන ගීතයකුත් මෙහි ඇමිණීමට සිතේ.
එම ගීතයේ තනුව ලක්ෂමන් විජේසේකර ගේ ම වන අතර සංගීත නිර්මාණය
ආචාර්ය රෝහණ වීරසිංහයන්
ගේ ය.
නුඹේ නෙත් තරු යැයි උවම්කොට
මා එදා ලිවු කවි පදම අද
මගෙන් විමසාවී
දෙනෙත් තරු නම් ඇයිද ගිනිගෙන දවන්නේ
නුඹේ වත මලකැයි උවම්කොට
මා එදා ලිවු කවි පදම අද
මගෙන් විමසාවී
මෙලෙක් නම් වත ඇයිද කටු ලෙස ඇනෙන්නේ
නුඹේ සිත මෙලෙකැයි පසක්කොට
මා එදා ලිවු කවි පදම අද
මගෙන් විමසාවී
මෙලෙක් නම් සිත ඇයිද හිස වැද රිදෙන්නේ
අපි නුඹේ නෙත් තරු ගීතය මෙතැනින් අසමු.
මේ ගීත දහය දොලහ ද සමගින් ගීත 25ක් ගැයෙන හෝරා දෙක
හමාරක් ජූලි 05 වැනි සෙනසුරාදා සවස 6.30න් පසු කොළඹ
නාළන්දා විද්‍යාලයීය මළල්සේකර ශාලාවේ රොක් ව සිටින පිරිස අතර ඔබත් සිටී නම්
ඔබට උදාවනු ඇත.
කෙසේ වෙතත් මෙය සරල පහසු කාර්යයක් නම් නොවේ. මෙතෙක් ආ යම් දුරක් වේද ඒ් හිත මිතුරු අත හිත නිසාවෙනි. මේ සිහිනය සැබෑවක් කරගන්නා තුරුම ඒ් අත හිත බොහෝ සෙයින් වැදගත් වනු ඇත.
ඔබ ද මේ වෙනුවෙන් යම් උදවුවක් කරන්නේ නම් එය අදාල කාර්යය වඩාත් උත්කර්ශවත්ව කර ගැනීම සඳහා මහත් රුකුලක් වනු ඇත. ඔබ උදවු කළද නොකළද එදින මා වටා සිටිනු දැකීම මට මහත් සතුටකි.
කතා කරන්නට අවැසි අයෙකු වෙතොත් මේ ඒ් අංකයයි.
0718019720
මම,